එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු කෘත්‍යාධිකාරී මණ්ඩලයට එරෙහිව දකුණු පළාත් සභා මන්ත‍්‍රී මෛත‍්‍රී ගුණරත්න මහතා විසින් ගොනු කැරුණු පෙත්සම ගල්කිස්ස දිසා අධිකරණය අද ඉවත දැමීය. ගුණරත්න මහතා එම පෙත්සම ඉල්ලා අස්කැර ගැනීම ඊට හේතුවයි. පක්‍ෂ ව්‍යවස්ථාවට පටහැනිව වික‍්‍රමසිංහ මහතා සිය නිලකාලය වසර හයකින් දික්කැර ගත්තැයි ගුණරත්න මහතා මේ පෙත්සම පැවැරීය. වික‍්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මොහොමඞ් ඉක‍්‍රම් මහතා කියා සිටියේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් සම්මත කැරගත් යෝජනා මහා සම්මේලනයට ඉදිරිපත් කිරීමෙන් පසු සම්මත වන බවයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මොලේ එක්ක හැප්පෙන්න මන්ත්‍රීලා තව ඉගෙන ගන්න වෙයි.(නදී)
ඔය ජේ.ආර් ගේ බෑනා කියන්නේ නිකම් නෙමෙයි.(නදී)
යූ.එන්.පී එකේ වැඩ බබාලගේ වැඩ වගේ.(නදී)
ඇයි අස්කරගත්තේ ........?.(ස)
මට හිතෙන්නෙ මේකත් හරියට අර හමුදා මේජර් තමන්ගෙ පැමිණිල්ල ඉල්ලා අස්කර ගත්තා වගෙයි. (නි)
රනිල් වික්‍රමසිංහ මහත්තයට ඔය පක්ෂයට කරගෙන යන ඔය අති විශිෂ්ට උදාර සේවය දිගටම කරගෙන යන්න ඉඩදෙන එක කොච්චර හොඳ වැඩක්ද? (නි)
අනේ අනිච්චං මෙහෙමත් දේවල්! (නි)
මොන අපරාධයක්ද ? (ස)
ඇයි අස්කර ගත්තේ?අපරාදෙනේ. (නි)
රනිල් දැන් වෙනස් වෙලාලු. ඇත්තද දන්නේ නැහැ. (නි)
දැන් හැමෝම නඩු දමනවා ඊට පස්සේ ඉල්ලා අස්කර ගන්නවා. (ස)
මොනවා කරන්නද? මේවා තම තමන්ම තේරුම් ගන්න ඕනෑ (නි)
මොනවා! තනතුරෙන් අස්කරන්නද හදන්නෙ? අනේ මන්දා, මට මේවා ගැන වැඩි තේරුමක් නැහැ කියලමයි හිතෙන්නෙ. (නි)
සදාකාලිකව නායකත්වයේ සිටිය යුතුයි. (ස)
අස්කරගන්න නම් ඇයි නඩු දැම්මේ? (නි)
රනිල් මහත්තයෝ, මේ අයව එකතුකර වැඩ කොටසක් භාරදෙන්න (නි)