‘රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව දෝෂාභියෝගය අත්සන් කරලා තියෙන්නේ. ලබන 7 වැනිදා කළුතර සිට කොළඹට පෙළපාළියකින් ගිහින් 8 වැනිදා දෝෂාභියෝගය බාර දෙනවා‘ යැයි හිටපු ඇමැති කුමාර වෙල්ගම මහතා බණ්ඩාරගමදී කීවේය.
මහින්ද රාජපක්ෂ සම්බන්ධීකරණ කාර්යාලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොට්ඨාස නායකයින් හමුවීමකදී වෙල්ගම මහතා එසේ පැවසීය.
‘මෛත්‍රිපාල මහතාගේ ඔළුවේ තියෙන්නේ ජාතික ආණ්ඩුවයි. රනිල්ගේ අගමැතිකම පමණයි. එයා කථා කරන්නේ වෙනම දෙයක්. මම ඔය හැම සාකච්ඡාවකටම මුලින්ම ආව මිනිහෙක්. දහයක් හමුවුණොත් දහ විදියක්. ඒකට හොඳම උදාහරණය තමයි මුලින්ම සාකච්ඡාවට ගියේ මමයි, ටී.බී.ඒකනායකයි. සාකච්ඡාව ඉවරවෙලා ටී.බී ගෙදර යනකොට එයාව මධ්‍යම කාරක සභාවෙන් අයින් කරලා.‘


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කපන්න බැරි අත සිඹිනවා වගේ වැඩක් කරන්න හදන්නේ. (නි)
තව දවසක් මේ කට්ටියට පාර්ලිමේන්තුවේ නිදාගන්න පුළුවන්. කොට්ට පැදුරු අරගෙන එන්න. රත්තරන් බඩු තියලා එන්න. මෙදා මොනවා කරගනිද දන්නේ නැහැ. (නි)
මෛත්‍රීට රනිල්ට ලැබී ඇත්තේ ජනතා කැමැත්තයි.දෝෂාභියෝග යනු ජනවරම අහිමි, බලය නැතිවේයැයි බියටපත් අය තම බලය රැකගැනීමට ගන්නා උපක්‍රමයකි.බුද්ධිමත් ජනතාව මොවුන්ට පාර්ලිමේන්තු වරම අහිමි කිරීමට තවත් හේතුවක් වන්නේ මොවුන්ගේ අවස්ථාවාදී දෝෂාභියෝගයයි. (නි)
වහල්ලු වහල්බාවයෙන් නිදහස් කළාම ඔවුන් කිවුවලු අපිට වහල්ලු හැටියට ඉන්න දෙන්න අපිට වහල් ජීවිතේ හොඳයි කියලා.අද යහපාලලට වෙලා තියෙන්නෙත් ඒකම තමයි. මතක තියාගන්න, අපි දැන් තමයි ප්‍රජාතන්ත්‍රවාදේ අපුරුවට විඳින්නේ. (නි)
අනේ අපි නම් දන්නෙ නැහැ ඕවා (නි)
එහෙනම් ඉතින් ගේන්නකෝ බලන්න (නි)
මෛත්‍රී කියන්නේ අපි කාගේත් නායකයා. (නි)
යහපාල,ඔය දැන් එන්න ඉන්න කෙනා මේ පාරත් සිල් රෙදි එහෙම බෙදන්න ලැහැස්ති වෙලාද ඉන්නේ?පොඩ්ඩක් කට ඇරගෙන බලාගෙන ඉන්න රටේ දීලා තිබෙන ගේම් තව ඉස්සරහට එන හැටි .... නීතිය නමැති කුරුල්ලා අත්තේ වහලා ඉන්නේ, කොයි වෙලාවක හරි කරලේ වහයි.අපි ගියවර කළා වගේ අපේ මුළු ශක්තිය දාලා ජනතාව දැනුවත් කරලා හිටපු හොර නඩයට බලයට ඇවිල්ලා රට නැවතත් වනසන්න දෙන්නේ නැහැ (නි)
ඔබතුමා ප්‍රසිද්ධ තැන් වල කාන්තාවන් ගැන කියන කතා ඇහුවහම පාර්ලිමේන්තු යන්න සුදුසුසුද කියලත් හිතෙනවා.එහෙවු ඔබතුමලානේ අනුන්ට දෝෂාභියෝග ගෙනෙන්න හදන්නේ. (නි)
එහෙනම් ප්‍රවේශමෙන් තියාගන්නකෝ (නි)
රනිල් දැන් විශ්‍රාම ගතයුතුයි (නි)
ඔයගොල්ලෝ මෛත්‍රී මහත්මයාට වෙනස්කම් කරලා දැන් කකුලෙන් අදිනවා. ඒ විතරක් නෙමෙයි,නිමල් මහත්මයාටත් වෙනස්කම් කරන්න බලනවා. (නි)
විකුම් , ඇයි එතකොට විශ්‍රාම ගන්න ඕනෑ අය නැද්ද වෙන?? (නි)
දෝෂාභියෝග අත්සන් කරලා වැඩක් වෙන්නේ නෑ දැන්.(හේ)
දැන් පරක්කු වැඩියි.(හේ)
රජයේ සල්ලි වලින් බෙදුවත් පුද්ගලිකව බෙදුවත් සිල් අම්මලාට සිල් රෙද්දක් බෙදලා දෙන එක සිංහල බෞද්ධ අපි නම් සළකන්නේ ලොකු පිනක් හැටියට. පෝස්ටර් වලටවත් කටවුට් වලටවත් බෙදලා දීපු ඒවාටවත් නෙමෙයි මහින්ද මහත්තයාට සිංහල ඡන්ද බහුතරය ලැබුනේ.බොරුවට ආයුෂ ගොඩක් කෙටියි. (නි)
මහින්ද ආයෙත් බලයට එයි කියලා හිතලා සමහරු දැන්ම තියා මහින්දට කඩේ යනවා. හිටපු හොරුන්ව ජනතාව ආයෙත් බාරගන්නේ නැහැ.ජාතික ආණ්ඩුවක් ඕනෑ ජනතාවට.මේ අය කෑගහන්නේ ආයෙත් තනිවම බලය අරගෙන හොරකම් කරන්නයි (නි)
රනිල් කියන්නේ ලංකාවේ සිටින හොඳ ඔළුවක් ඇති නායකයෙක් (නි)
අපෝ මෙයාව හරි විශ්වාසයිනේ ජනතාවට . ප්‍රවාහන ඇමති වෙලා ඉන්න කාලේ කාන්තාවන් ගැන ප්‍රසිද්ධියේ පම්පෝරි ගගහ හිටිය මිසක් රට වෙනුවෙන් කළ දෙයක් තියනවද? (ම)
අපෝ මෙයාව හරි විශ්වාසයිනේ ජනතාවට . ප්‍රවාහන ඇමති වෙලා ඉන්න කාලේ කාන්තාවන් ගැන ප්‍රසිද්ධියේ පම්පෝරි ගගහ හිටිය මිසක් රට වෙනුවෙන් කල දෙයක් තියනවද? (ස)
මෙන්න බලන්නකෝ විශවාස භංගයක් ගැන කතා කරන එක්කෙනා. ඔබතුමාව ගෙදර නෝනාට විශ්වාස යයි මම විශ්වාස කරනවා. (ස)
ජනතාව බහුතරයක් ගේ කැමැත්ත පිළිගන්න අකමැති නම් අපිත් ගේනවා හොද දෝෂාභියෝගයක් ලබන ඡන්දෙදි... මහන්සි වෙන්න එපා. (ස)
අනෙක් මිනිස්සුන්ගේ චරිතයෙයි කල නොකළ දේවල් වලයි වැරදි සොයන්න , මහජන මුදලින් "කලාව" නඩත්තු නොකරන කෙනෙක් මුල් වුණා නම් වඩාත් හොඳයි. (ස)
අපරාදේ නේද මහානාම මහත්තයෝ..2004 දී ඒ ඔලුව අයින් කලේ..(ස)
පැවිදි වේවා,ගිහි වේවා සියලුම දේශපාලන ගැතියන් තම නායකයන් පුදති , පසසති. රට ජාතිය ,විෂේශයෙන් සිංහලයා,සිංහල අයිතිය වලපල්ලට. (ස)
මිට පෙරත් විශ්වාස භංග යෝජනාවක් ගේනාවා කිව්වා නේද එක්තරා ඇමතිවරයකුට එරෙහිව 130ක්ද කොහෙද අත්සන් කරලා. ඒකට මොකද වුනේ? (ම)
මොලයක්,උගත්කමක් ඇති කෙනෙකුට වැඩක් කරන්න දෙන්නේ නැති රැලක් තමයි ඔය කෑගහනේ .(හේ)
මෛත්‍රී බලය තවම පෙන්නුවේ නෑ. අපි ඉදිරි මැතිවරණයේදී එතුමාගේ ජාතික දැක්ම දිනවනවා. ශ්‍රී ලංකා සහ එජාප හොරු නැති වැඩ ඇති ජාතික සමගි රජයක් ගෙනෙනවා. (හේ)
88/89 කාලේ බටලන්ද වධකාගාරවල තරුණයෝ ඝාතනය කරපු, රාජ්ය ආයතන කුණු කොල්ලෙට විකුණපු, රට පාවා දුන්නු වික්රමසිංහ මහත්තයාගේ දේශපාලනයට මම විරුද්ධයි. කවුරු හරි කියයි ඒවා ඉතිහාස කතා කියලා.අද සිද්ධ වෙන්නේ එදා විධිහටම රට පාවා දීමක්. (කේ)
තමුන්ගේ දොස් මොනවත් තිබුනේම නැද්ද අනුන්ට දොසාබියෝග ගෙන්න ? තමුන් ඉතා පිරිසුදු වෙලාද හිටියේ? (ස)
හොඳ ඔළුවක් ඇති නායකයෙක් වුණාට අනා ගැනීම් හරි වැඩි බව පෙනෙනවා. රටට නොගැලපෙන ප්‍රතිපත්ති කරන්න ගියහම වන විපාක. හොඳ නායකයෙක් නම් දැන් කල යුත්තේ නීතිගරුකව ඉල්ලා අස්වීමයි. (ස)
තරහ වෙන්න එපා මෙහෙම අහුවට, ඉසුරු අනිත් අයට කඩේ යනව කියන්නේ ඔයා කඩේ යන්නෙම නැද්ද (කේ)
හොරෙක්, තක්කඩියෙක්, ස්ත්‍රී දුෂකයෙක්, පදාඩයෙක් නොවෙන තාක් කල් කොච්චර අනාගත්තත්, නාගත්තත් කමක් නැහැ. (ස)
දැන් ඉන්න සභාපති පක්ෂයට ද්‍රෝහිකම් කරනවා කියල සමහරු කියනවා. මට නම් එහෙම පේන්නේ නැහැ. ඒ උනාට හිටපු සභාපති කලේ විපක්ෂයේ කට්ටිය පක්ෂයට වද්දගෙන ඉහල ඇමතිකම් දීල පක්ෂේ පැරණි කට්ටිය මුල්ලට දාපු එක නොවෙයිද? වෙල්ගම උන්නැහේ මේ පැත්තේ කියපුව කරපුව අපි හොඳට දන්නවා. එයාට මමත් එක ඡන්දයක් දුන්න . හැබැයි ආයෙමත් නම් දෙන්නේ නැහැ. (ස)
ඉති බාර දෙන්ඩ මගෙ රත්තරන් (බ)
වෙල්ගම මහත්තයාගේ පිටිපස්සේ හොද පෝස්ටර් එකක් ගහල තියෙන්නේ " වෙනස මාරයි. රට හමාරයි " කියල . ඒ කට්ටියට ගැලපෙන පෝස්ටර් එක ගහල නැහැ වගේ මට පෙන්නේ. හරි නම් ගහන්න තිබුනේ " වෙනස මාරයි. හොරු හමාරයි " කියල. (බ)
වෙල්ගම මහතා ඉස්සෙල්ල බලන්නකෝ අර අසවල් දුම්රිය හොඳ දෝෂ නොමැති තත්වයේද කියලා . ඒක නඩත්තු කරන්නත් පාවිච්චි කරන්නේ මහජන මුදල් නේ ! (බ)
දෝෂාභියෝග මොකටද? අත්සන් 113 ක් දාල ලිපියක් දෙන්න ජනාධිපතිතුමාට ,(හේ)
ඉකමනට ඡන්දේ දෙන්න.(හේ)
ඔබලා දැන් මොනවා කීවත් මොනවා කළත් වැඩක් නැහැ. ජනාධිපතිවරණයේදී වගේ ඊළඟ මැතිවරණයේදී ජනතාව හොඳ තීන්දුවක් දෙයි, බලාගෙන ඉන්න.(හේ)
ඉස්සර රනිල් මහත්තයා විපක්ෂ නායකව සිටිනතාක් මහින්ද මහත්තයාට බලයේ ඉන්න පුළුවන් හැකියාවක් තිබුනා. දැන් මෛත්‍රී මහත්තයා ජනාදිපතිව සිටිනතාක් රනිල් මහත්තයට බලයේ ඉන්න පුළුවන්. (හේ)
තාවත් නාටකයක්.(හේ)
ඒක හොඳයි. (හේ)
මේගොල්ලන්ට ඉතිහාසයේ උරුම තැනට ජනතාව මෙවර යවවී (ම)
මේ අයගේ තියන ලැජ්ජා නැති කම තමයි..ලංකාවේ අගමැති ලෝකයේ විශිෂ්ටතම ප්‍රඥාවන්ත ඉවසිලිවන්ත අගමැති නිසා මේ අයට දරා ගන්න බෑ..(හේ)
ජනාධිපතිවරණය වගේ සාධාරණ මැතිවරණයක් පවත්වා , ජනතා අභිලාශය ලබා ගන්න ලෙස අපි ඉල්ලා සිටිමු . මොනම පක්ෂයක් හෝ ජාති වාදී , දැඩි මතධාරි , බෙදුම් වාදී න් ගේ සහය නැතිව බලය ලබා ගන්න පක්ෂය අපි ආදරයෙන් පිළිගත යුතුයි මොන පක්ෂ වලට සහයෝගය අද දැක්වුවත් , හැබැයි විරුද්ධ මත දරන උදවිය හිර කොට , තලා පෙලා ලබන ජයග්‍රහණ නම් ජනතාව අනුමත නොකරනු ඇත . ඔන්න බලන්න දෛවයේ සරදම , මෝඩි මහතා ව දැන් මුළු ඉන්දියාවම ප්‍රතික්ෂේප කරනවා , කරුණා කර ඉන්දියන් පුවත් පත් බලන්න ( ඉන්දියන් එක්ස්ප්‍රස් ) . ලදී පුවත් වපු ප්‍රාන්ත ඡන්දයෙන් දිල්ලිය මෝඩි පකෂය අන්ත පරාදයි , ඉන්දියාවේ එහෙම උනාට මෝඩි ඇදුම ලංකාවේ මෛත්‍රී මහතාට එහෙම නොවේවා (බ)
මහත්තයෝ , දෝෂාභියෝගයක් ගෙන්න පුළුවන් විධායක ජනාධිපති කෙනෙකුටනේ. මම දන්නා තරමට අගමැති කෙනෙකුට ගේන්න ඉඩ තියෙන්නේ විස්වාශ භංගයක් විතරයි . රනිල් ආවේ පිනට නම් මේ මොකට මහන්සි වෙනවද? ඔයාල පුළුවන් නම් අර හොරු ටික දිනවන්න බලන්නකෝ! අපි ඔහෙලට ගේනවා ජනතාව රවට්ටලා බලය අරන් ජනතාවගේ දේවල් මංකොල්ල කාපු එකට විස්වාස භංගයක් . මොකද කියන්නේ? දේශපාලනය බිස්නස් එකක් කරගන්න හදන්න එපා! (බ)
දෝෂාභියෝගයකින් ඉවත් කරනකන් නොසිට ස්වකැමැත්තෙන්ම ඉවත්වන්නේ නම් මැනවි (බ)
ඔබලාට එරෙහිව දෝෂාභියෝගය අපිත් අත්සන් කරලා ඉවරයි (බ)
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පෙරළීමට විපක්ෂයට අශ්ව කුලප්පුවක් නැතැයි විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (28) ප්‍රකාශ කළේය. (බ)
වෙල්ගම මහත්තයෝ ..ඔක්කොටම කලින් පක්ෂයේ සභාපතිට විශ්වාස භංගයක් ගෙන්න..තමන්ගේ පක්ෂයේ පැවැත්ම වෙනුවෙන් දියුණුව වෙනුවෙ ජයග්‍රහණය වෙනුවෙන් පාක්ෂිකයින්ගේ බලාපොරොත්තු වෙනුවෙන් කැපවීමක් නොකරන අමු අමුවේ පක්ෂයට ද්‍රෝහී වෙමින් පක්ෂයේ බලය ජන්ම හතුරට පාවල දීපු මෙහෙම සභාපති කෙනෙක් ලෝක ඉතිහාසේ කිසිම දේශපාලන පක්ෂයක ඉදල නැතුව ඇති..පොල්පිත්තක් කපල ගෙනත් ඔය පුටුවෙන් තිබ්බනම් ඒකෙන් ඔයිට වඩා පක්ෂයට සෙතක් වේවි..(බ)
යහපලගේ කටේ මසුරන් දාන්න ඕන, අම්මප. (බ)
ලක්ෂ 62 ජනවරම සහ ඩාර්ලි පාරේ සභාපතිකම යාදෙක -නොරත-රත (බ)
කපටිකමට වඩා අවංකත්වය හොදයි. මහජනතාව දැනුවත් කිරීම දේවකාරියක් . (ම)