රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයට පත් කළ කෘත්‍යාධිකාරී මණ්ඩල නිලවරණය සම්බන්ධ අතුරු තහනම් දැන්වීමක් වික්‍රමසිංහ මහතාට නිකුත් කළ කොළඹ දිසාවිනිසුරු ජී.ඒ.ජී. ගනේපොළ මහතා පෙබරවාරි 22 වැනි දා ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දන්වන්නැයි නියෝග කෙළේය. දකුණු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න මහතා වෙනුවෙන් අතුරු තහනමක් පතමින් නීතිඥ තිසත් විජේගුණවර්ධන මහතා කියා සිටියේ පක්ෂ නායකයා රහස් ඡන්දයෙන් තෝරා නොගත් නිසා මෑතදී සිරිකොතේ දී පැවැත්වූ නිලවරණයේ ඡන්ද පත්‍රිකා උසාවියට ඉදිරිපත් කරන ලෙසයි. නායකයා පත් කිරීම බල රහිත කරන ලෙස ද නඩු විභාගය අවස්වන තුරු අතුරු තහනමක් පනවන ලෙස ඔහු ඉල්ලා සිටියේය. අතුරු තහනමක් නිකුත් නොකළ දිසා විනිසුරු අතුරු තහනම් ඉල්ලීම ඇතුළත් දැන්වීමක් වික්‍රමසිංහ මහතා වෙත නිකුත් කෙළේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල්ගෙ අගය රටේ මිනිස්සුන්ට තවම තේරුණේ නෑ
අශෝක මත්තයේ අපිටනම් රනිල්ගෙ අගය 2002 දී හොදටම තේරුණා