සබරගමුව හා උතුරු මැද පළාත් සභාවල විපක්ෂනායක ධුරය සඳහා තේරී පත්වූ පිළිවෙළින් වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය සහ කිංස් නෙල්සන් මහතා අද විපක්ෂනායක හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අතින් පත්වීම් ලිපි සිරිකොත පක්ෂ ප‍්‍රධාන මූලස්ථානයේදී ලබාගත්හ.
සබරගමුව එ.ජා.ප. කණ්ඩායම් ප‍්‍රධාන සංවිධායක ලෙස හසිත මුහන්දිරම් ද, උතුරුමැද එ.ජා.ප. කණ්ඩායම් සංවිධායක ලෙස චන්දිම ගමගේ මහත්වරු පත්වීම් ලැබූහ. එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් වන වෛද්‍ය ජයලත් ජයවර්ධන, රවි කරුණානායක, ජෝශප් මයිකල් පෙරේරා යන මහත්වරුද මෙම අවස්ථාවට එක්වූහ.
මෙරට පළාත් සභා ඉතිහාසයේ විපක්ෂනායක ධුරය කාන්තවාකට හිමිවූ ප‍්‍රථම අවස්ථාව මෙය වේ.




2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
586
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රනිල්ගෙන් පත්වීම් ගනිති
ජයන්ත ගල්ගමුව Wednesday, 19 September 2012 06:53 PM
කාන්තාවක් පළාත් සභාවක විපක්ෂ නායකධූරයට පත්වූ පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙර වර්තමාන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රීනි රෝසි සේනානායක මහත්මිය බස්නාහිර පළාත් සභාවේ විපක්ෂනායක වශයෙන් කටයුතු කර ඇත. (නි)
අනුර Thursday, 20 September 2012 10:40 AM
සරමක් ඇදපු මහත්තයා කෙහෙද මේ බලාගෙන ඉන්නෙ..!(නු)
දුමිත් Wednesday, 19 September 2012 08:05 PM
ප්‍රවේශමෙන් හොදේ (නි)
රණා Wednesday, 19 September 2012 02:48 PM
කොහෙද මේ බලාගෙන ඉන්නේ...(ස)
චමින්ද Thursday, 20 September 2012 11:22 AM
මොකද මේ අපිට ඕනවට වගේ ඉන්නේ,1 පින්තූරෙක විතරනේ හිනාවෙලා ඉන්නේ..(ස)
ආචාර්ය වසන්ත ලියනගේ Wednesday, 19 September 2012 03:05 PM
ප්‍රථම පළාත් විපක්ෂ නායිකාව පත් වුණේ බස්නාහිර පළාතෙන්. ඒ 2008 පළාත් සභා මැතිවරණයෙන්, බස්නාහිර විපක්ෂ නායිකාව ලෙස පත්වූ රෝසි සේනානායක මැතිණියයි. (නි)
හේමන්ත Wednesday, 19 September 2012 04:19 PM
රණා, මේ ඔක්කොම බලාගෙන ඉන්නේ ඔයා දිහා නෙවෙයි කැමරාව දිහා. ෆෝටෝ අරගෙනම නැද්ද? (ස)
රංජිත් Wednesday, 19 September 2012 04:15 PM
මෙරට ඉතිහාසයේ මෙසේ හිමුවූ පළමු කාන්තාව චිත්‍රා මන්තිලකයි. (මහනුවර දිස්ත්‍රික්කයෙන් පත් වූ) (නි)
සුභාෂිණි Wednesday, 19 September 2012 04:40 PM
කෝ ඉතින් උතුරුමැදට මහඇමති කෙනෙක් (නි)
ක්‍රිෂාන් Wednesday, 19 September 2012 05:03 PM
කැමරාවට හරියට හිනා වෙන්නකෝ (නි)
අසංක Wednesday, 19 September 2012 05:12 PM
සුභ පැතුම්! (නි)
සහීන් Wednesday, 19 September 2012 05:23 PM
ඔයා ඉන්නකම් ඉතින් හැමදාම් විපක්ෂය තමයි. එයත් දැන් නැතිවෙන සුළුයි. (නි)
සමන් Thursday, 20 September 2012 12:51 PM
අනේ හොදයි
ලක්ෂ්මන් Wednesday, 19 September 2012 06:03 PM
මේවට මටනම් හිනා..!(නු)