එක්සත් ජාතික පක්ෂය විනාශ කර දමා කඩා දැමීමට පසුගිය සන්ධාන රජය දැඩි උත්සහයක යෙදුනත් තම පක්ෂය එක්සත්ව එකා වගේ හිඳිමින් පසුගිය මැතිවරණවලට මුහුණ දීම හා ඒවාට නොසැලී මුහුණ දුන් නිසා මෙවැනි ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකි වු බවත් ජාතික සමගියක් තුළ ඉදිරියට යාමට හැකියාව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට බව ජනතාව තේරුම් අරගෙන රනිල් වික්‍රමසිංහ නායකතුමා වටා සිංහල මුස්ලිම් දෙමල සෑම ජන කොටසක්ම එකතුවිමද ජයග්‍රහණයට හේතුවක් වූ බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලකී ජයවර්ධන මහතා ලංකාදීපයට පැවැසීය.
‘එක්සත් ජාතික පක්ෂය වෙවර ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් රටේ සියලුම ප්‍රශ්න වලට විසඳුම් සඳහන් කර තිබෙනවා. ඒ නිසා සියලු ජනතාවගේ සියලුම ප්‍රශ්න විසඳීමට හැකියාව තිබෙනවා. පසුගිය දශකය තුළ සන්ධාන රජය ජාතිවාදය අවුස්සමින් බලයේ රැදී සිටිමට උත්සහ කළා. මහින්ද චින්තනය කියල චින්තනයක් දාගෙන මේ රට විනාස කළ එක පමණයි අප දැක්කේ. පාරකට කාපට් දැමු පමණින්ම එය සංවර්ධනයක් නෙමේ පසුගිය සන්ධාන රජය කාලයේ සැබෑ සංවර්ධනයක් අපි දැක්කෙ නෑ. සන්ධානය තුළ ඒ කට්ටිය කළේ දේශපාලනය පමණයි.
නුවර ජනතාව එජාපය වැඩි ඡන්ද ප්‍රමාණයකින් දිනවා රටටම ආදර්ශයක් පණිවිඩයක් දුන් බවත් ඒ මතය මුළු මහත් රටම පිළිගත් බවත් ජයවර්ධන මහතා කීය.
ජේ. ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, ඩී. බී. විජේතුංග යන ප්‍රබල ජනපතිවරුන් යටතේ වැඩ කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා රට ගැන විශේෂ දැක්මක් දර්ශනයක් ඇතිව වැඩ කරන්නට හැකි නායකයකු බවත් එවන් නායකයකුගේ සේවාව ලබන්නට ජනතාවට වාසනාව පෑදී ඇති බවත් ඔහු පැවසීය. රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩ පිළිවෙළ තුළින් රටට ජනතාවට සෞභාග්‍යමත් රටක් දැකිය හැකි බවත් ලකී ජයවර්ධන මහතා කීවේය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පසු පස සිටි තනිවම දේශපාලනයක් කර ගන්නට බැරි කණ්ඩායමක් එතුමාගේ පිහිට පතා වටේ රොක්වී එතුමාව අසරණ කළ බව තමා දකින බවත් හිටපු ජනපතිතුමාගේ තනතුරු ලෝබය නිසා අගමැති අපේක්ෂාව බොඳවු බවත් ජයවර්ධන මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට සුබ පතනවා දයාබර ලකී මැතිතුමනි. හොඳ සේවයක් උඩුනුවරට කරන්න. ඔබතුමා එවිට නැවතත් පත්වේවි ලබන වාරයටත්. (නි)
අති ගරු රනිල් වික්‍රමසිංහ මහතා රටට වාසනාවක්. ඒ වගේම ලෝකය ඉදිරියේ පිළිගත් එකම නායකයා. අවංක බුද්ධිමත් සදාචාරසම්පන්න වැදගත් නායකයෙක්. එතුමාගේ දැක්ම රට ඉදිරියට ගෙනයාම සහ තිරසාර දියුණුවක් කරා ගෙනයාමයි. ඊට සියලු ශක්තිය ලැබේවා....! (නි)
ඔබ වැනි අය පක්ෂයට වාසනාවක්. ඔය පිල් මාරු කර කර පනින රිලවුන්ට වැඩිය. සුබ පතනවා රටට ජනතාවට සේවයක් කරන්න කියලා. (ම)
දැන් කතා නතර කරලා , වැඩ කරලා දක්ෂකම් පෙන්වන්න.(ම)
ඔබතුමාටත් ඔබතුමාගේ ප්‍රකාශයටත් සුබ පතමි. (නි)
ඒක ඇත්ත. (නි)
නියමයි. ජය වේවා මගේ ආදර ශ්‍රී ලංකාවට! (නි)
2005 හෙත් ලැබුනා නම් කොච්චර හොඳද නේද? (නි)
අතිගරු රනිල් වික්‍රමසිංහ මහතා රටට වාසනාවක් (නි)
ලොකු සැනසීමක් දැනෙනවා හිතට දැන්. මහින්ද ජනාධිපති සහ පවුලෙන් මේ රට ගලවගන්න බැරි වෙයි කියල හිතුවේ. (ම)
ඇත්ත. ඒක රටෙක් වාසනාව (නි)