අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව බන්දුල ගුණවර්ධන, මනූෂ නානායක්කාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් අද පාර්ලිමේන්තු මහ ලේකම්ට බාර දුන්හ.
එම යෝජනාවට මන්ත්‍රීවරු 105 දෙනකුගේ පමණ අත්සන් ඇතුළත්ව ඇතැයි දේශපාලන ආරංචි කියයි.
පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීන්ගේ කැමැත්ත නොවිමසා අගමැති ධුරයේ කටයුතු කිරීම, මහා පරිමාණ හා සුළු පරිමාණ ව්‍යාපෘති රැසක් අත්හිටුවීම හේතුවෙන් රැකියා කරමින් සිටි ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ රැකියා අහිමි කිරීම, ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනීකරණය කිරීම, ජීවන වියදම් අර්බුධයක් උද්ගත කිරීම, ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන පුද්ගලයෙක් මහ බැංකු අධිපති කිරීම, භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව මගින් මහ බැංකුවේ සිදුවූ දැවැන්ත මූල්‍ය වංචාවට වග කිව යුතු වීම, ජාත්‍යන්තර සබඳතා පළුදු වීම, පුද්ගලික අංශය අධෛර්යමත් වන අයුරින් රටේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම යන යෝජනා එම විශ්වාස භංගයට ඇතුළු කර ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අජිත්, මෙතන සන්ධානේ කට්ටියවත් නෙමෙයි අනාගන්න යන්නේ. පහුගිය කලේ තිබුණු හොර මැරකම් ගසාකෑම් අහිමිවෙලා අහසින් බිමට පත්වෙලා ඉන්න, ජනතාව වෙන විකල්පයක් නොමැති නිසා කතිරය ගැසූ එහෙත් ජනතාව විසින් නම්කර පත්කරනලද නියෝජිතයින් නොවන, සිංහ සෙයියාවෙන් කල්ගෙවූ එහෙයියන් පිරිසකුයි. (කේ)
මේවා හරි අත්සන්ද කියා ඉස්සෙල්ලාම පරීක්ෂා කල යුතුයි ... මන්ද ඔය නඩයම දුෂිතයන් .......මතකයි නේ එක්කෙනෙක් අත්සනක් ගහල ඒක හොර අත්සනක් කියන චෝදනාවකට නඩුවකට මුණ දෙන්න වෙලා තිබෙන රඟ....(කේ)
ඇත්ත කියන බොරු නොකරන සැබෑ ප්‍රතිපත්තියක් තියන ඕනෑම කෙනෙකුට මගෙත් මා වටා ඉන්න අන් අයගේත් ඡන්දෙ. (කේ)
මනුෂ දේශපාලනයට ආවේ රනිල්ගේ පිහිටෙන්. (කේ)
රනිල් දේශපාලනේ කරන හැටි බලාගන්න කස්ටියටම අවස්තාවක් මේක.ජනවාරි 8 වැනිදා ගහපු සීතල ගේමේ ඉතිරි දිගුව දිහා බලං ඉන්න බන්දුල,මනුෂ ඇතුලු දේශපාලන ලදරුවන්ට ලැබෙන් මහඟු අවස්ථාවක්.ජනවාරි 8 ගුරාට වුනු දේ ගුරාත් නොදන්නා කොට මේකට වෙන දේ ගෝලයෝ කෙසේ නම් දැන් ගනීද. (කේ)
ඇත්ත අත්සන් 108 යිලු. අනිත් එවා හොර අත්සන්ලු.112 කියල හොරට පෙන්නලා තියෙන්නේ. කරුණාකරලා කොහොමද දන්නේ කියලා අහන්න නම් එපා. (නදී)
අයියෝ රනිල් මහත්තයෝ! (නි)
මොනවායින් මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)
අත්සන් කරලා නැත්තේ කවුද දන්නෙ නැහැ (නි)
චානක, මේවා හරි අත්සන්ද කියා පළමුව පරීක්ෂා කළයුතුයි. (නි)
රනිල් එක එක මාතෘකා යටතේ කතාකළාට ක්‍රියාවට නඟන පාටක් නම් නැහැ (නි)
ඔන්න හොඳ අවස්ථාවක් මහින්ද මහත්තයාගේ බලය බලාගන්න. අපිත් නොඉවසිල්ලෙන් ඉන්නේ මෙයාලා නාගන්න හැටි බලාගන්න. ඒ වගේම ශ්‍රී ලංකා එකත් සුපිරිසිදු වෙනවා මේකෙන් පස්සේ. (නි)
දැනට හෙළිවෙන කරුණු සත්‍ය නම් හිටපු ජනපතිතුමාගේ කෙරුවාව ගැනත් සතුටු වෙන්න බැහැ. එමෙන්ම වර්තමාන අගමැතිතුමාට සියලු බලතල ලැබුනහොත් එතරම් හිතකර නොවන්නටත් ඉඩ තියෙනවා. එබැවින් දැන්මම මෙල්ල කළයුතුයි (නි)
බලමුකෝ, විශ්වාස භංගයට පක්ෂව අත්සන් කළ කී දෙනෙක් ඊට පක්ෂව ඡන්දෙ දෙයිද කියලා? (නි)
සත්‍ය ලෙසම විය යුත්තේ ජනපති නිර්පාක්ෂික වීම. එවිට හැකි වෙවි කැබිනට් මණ්ඩලය වැරදි දෙයක් කරනවානම් එය නිවැරදි කරන්න. පක්ෂය රකින්න ගියාම හරියට රට පාලනය කරන්න බැරි වෙනවා.(කේ)
ජනතාවගේ ප්‍රශ්න විසඳන්න මේ වගේ කඩි කුලප්පුවක් කවදාවත් තිබුනද? ඔය විශ්වාස භංගයට ඉස්සර අර 20 සංශෝධනය කර ස්වාධීන කොමිෂන් සභා පත් කරන්න. (නි)
නියමයි! (නි)
අපි බලමු මොනවා වෙයිද කියලා (නි)
ඒක හොඳයි (නි)
ඉබ්බා දියේ දාන්න කිව්වාම, ඈන්නෑවයි කිව්වලු. ජනාධිපතිතුමා මැදිරිගිරියේදී අද කළ කතාවේ හැටියට එතුමා ලබන සැරේ ඡන්දෙදි ස්වාධීනව ඉන්නවා කියලයි මට නම් හිතුනේ. එතුමා කියල තියෙන්නේ මම කාගේත් ජනාධිපති කියලයි. එහෙම බලනකොට සන්ධානේ කට්ටිය මෙදා ඇන ගන්නයි හදන්නේ. (නි)