දෙදින නිල සංචාරයක් සඳහා අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සඳුදා (1) ඉන්දුනීසියාව බලා පිටත්ව යාමට නියමිතය.
ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වෙන 12 වන ලෝක ඉස්ලාම් ආර්ථික සමුළුවට සහභාගී වන අග‍්‍රමාත්‍යවරයා එහි දී විශේෂ දේශනයක් ද පැවැත්වීමට නියමිත අතර සමුළුව අතරවාරයේදී ඉන්දුනීසියා ජනාධිපති ජොකෝ විදොදෝ ,එරට මුදල් අමාත්‍ය ශ්‍රී මුල්යානි ඉන්ද්‍රවතී සහ සමුද්‍ර කටයුතු අමාත්‍ය ලූහුත් බින්සාර් පන්ජයිතාන් හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමටද කටයුතු යොදා ඇත.
අගමැතිවරයා මැලේසියා අග‍්‍රාමාත්‍ය අබ්දුල් රසාක් ,තජිකිස්ථාන් ජනාධිපති එමමොලි රහ්මාන් සහ ජෝර්දානයේ නියෝජ්‍ය අග‍්‍රමාත්‍ය ජාවඩ් අල් අනානි යන ලෝක නායකයින් ද හමුවීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට පනින්නේ වැඩි ආරක්ෂාවටද? .(රේ)
සඳුදාත් ඉඳලම ගියොත් හොඳ නැද්ද සෙනඟ බලන්නත් එක්ක. (නි)
හොඳ සංචාරයක් වේවා.(හේ)
මේ හදිස්සියේ රට යන්න හදන්නේ මොකද දන්නෙ නැහැ (නි)