මහමැතිවරණයෙන් ජයග්‍රහණය ලැබූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිකුරාදා (20) අගමැති පදවියේ දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි කියයි.
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම්දීමේ උත්සවය පැවැත්වීමට නියමිතය.
දිවංගත ඩඩ්ලි සේනානායක මහතාගෙන් පසු සිව් වරක් අගමැති ලෙස තේරී පත්වූ එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතාය.
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කර ජාතික සැලැස්මක් සකස් කරන බවත් ජනපතිගේ උපදෙස් මත නව රජයේ ඇමැති මණ්ඩලය පත් කරගැනීමට කටයුතු කරන බවත් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාට සුභ පැතුම්! (ම)
සැබෑ තරඟයකින් නීත්‍යානුකූල ජනමතයකින් අගමැති තනතුරට පත්වන ඔබට මම සුභ පතනවා. (නි)
ඔබතුමාට තුණුරුවන්ගේ සරණයි! (නි)
රට දියුණු කර ඉදිරියට ගෙනයාමට ඔබ දෙපලට ශක්තිය ලැබේවා !! (නදී)
මගේ පැතුම ඔබතුමා රටේ ඉහළම තනතුර දක්වා යාමයි (නි)
කරුණාකර මුද්‍රිත දිනය හෝ දවස නිවැරදිව ප්‍රකාශ කරන්න. අපහසුතාවයකට පත් වුණා නම් සමාවෙන්න. (ම)
කලින් ඔබතුමාට හැමෝම කිව්වේ පිං අගමැති කියලා. නමුත් ඔබතුමා හැමෝටම පෙන්නුවා ඔබ කවුද කියලා. ඔබතුමාට මාගේ හද පිරි ගෞරවය. ලක් මෑණියන්ට ජය වේවා! (නි)
නව රජයේ ගරු අගමැති තුමනි. ගරු ජනාධිපති තුමා සමඟ ඒක් වී රට ඉදිරියට කරගෙන යාමට මගෙන් සුබපැතුම්. පක්ෂය වෙනුවෙන් දැඩි වෙහෙස මහන්සි වූ රෝසි සේනානායක් මැතිනියට පාර්ලිමේන්තුවේ .අසුනක් ලැබෙනවානම්? නැගෙනහිර කොළඹ ජනතාව දැඩි බලාපොරොත්තුවකින් බලා සිටී.(ම)
ලෝකය තුළ බුද්ධිමත් දුරදර්ශි නායකයකු බව ඔබව පිළිගෙන ඇත, එම බුද්ධිය තුල මෛත්‍රී ජනපති සමග එකතුවී මනා සැලසුම් ක්‍රියාවට නංවා, මගේ පුංචි ශ්‍රී ලංකාව මුළු ලෝකය තුල ශ්‍රේෂ්ඨ ජාතියක් බවට පත්කරන්න,ඔබට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ රැකවරණ ලැබේවා ! (බ)
වත්මන් ජනාධිපති සමග සහයෝගයෙන් වැඩ කිරීමට ශක්තිය ලැබේවා (බ)
සුබ පැතුම් සර් (බ)
ඔබ උත්සාහයෙන් ජය ගත්තා. ඔබතුමාට සුභ පැතුම්! (නි)
අති පිරිසුදු දෑතක් ඇති..., නැති කැත දෑ ඉවත දමති, ලිච්ඡවි සිරිතේ සම්මුති, රනිලුයි සිවුහෙළ නරපති.... (නි)
උණුසුම් සුබ පැතුම්! (නි)
අපිට හරි සන්තෝෂයි (නි)
ඔබතුමාට සුබ පැතුම්! (බ)
අධිකරණය, පොලීසිය සහ රාජ්‍ය සේවය දේශපාලන මඩ ගොහොරුවෙන් මුදවාගෙන ශ්‍රී ලංකාව ලෝකයේ ශීලාචාර රටක් බවට පත්කිරීමට නව රජයට ශක්තිය ලැබේවා! (නි)
දසත පතල සුවදැති සොද සදුන් කද කපත කොටත දස අත පැතිරෙයි සුවද අටලෝ දහමින් කම්පා නොවන ඔබේ ගුණයට මේ ප්‍රනාමය(නදී)
අපිත් රෝසි සේනානායක මහත්මියට සාදාරණයක් ඉටු වෙයි කියා බලාපොරොත්තු වෙමු (නදී)
ඔබතුමාට හදපත්ලෙන්ම සුභ පතමි. (ම)
ජය වේවා! (නි)
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්මයෙකි. ඉවසීම, උගත්කම , රාජ්‍ය තාන්ත්‍රික කුසලතාව විශිෂ්ටයි. අපේ හද පිරි සතුට පිරිනමමු, (නි)
උණුසුම් සුභ පැතුම්! (නි)
ජයවේවා! (නි)
අපේ සුබ පැතුම්! ඔබට ජය පතමි (නි)
මාගේ හද පිරි ගෞරවය (ම)
රටේ වාසනාවන්ත කාලය ඉදිරියට... (නි)
සුබ පැතුම්! (නි)
අපෙන් සුබ පැතුම්! (නි)
ජය ජය වේ! (නි)
ඔබතුමාට සුභ පැතුම්! (නි)
දහසක් දුෂ්කරතා මධ්‍යයේ පැමිණි ගමනට සුබ පැතුම්! රට යහපත් දිශාවකට රැගෙන යාමට ශක්තිය ලැබේවා! (නි)
ජය ශ්‍රී! (නි)
ජය වේවා! (නි)
ඔබගේ සිව්වන වරට ලබාගත් ජනවරම පස්වන වතාවටත් ලබාගැනීමට හැකිවන අයුරින් රට පාලනය කිරීමට ඔබට ශක්තිය සහ ධෛර්ය පතමි. (නි)
ඔබට සුබ පතමි! (නි)
මැතිඳුනි,ඔබට සුබ පැතුම්! තවද පාර්ලිමේන්තුවට තේරී පත්වූ අපේක්ෂකයන්ගේ අතීතය සොයාබලා මැති ඇමතිකම් පිරිනැමීම ඡන්දය දුන් ජනතාවට ගෞරවයකි (නි)
අපේ සුබ පැතුම්! (නි)
නව අගමැතිතුමාට අපගේ සුබ පැතුම්! (නි)
සුබ පැතුම් (ම)
පොරොන්දු වූ දේශය කරා අප ගෙනයන්න. ශ්‍රී ලාංකිකයනි, සුබ ගමන්. (නි)
ඔබතුමාටත් ජනාධිපතිතුමාටත් මේ රට හදන්න අවංක ඕනෑකමක් තිබෙනවා කියලා අපි දන්නවා. මේ රට යහපාලනයක් කරා ගෙනයන්න ඔබතුමාලට තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. (නි)
අපගේ නායකතුමාට උණුසුම් සුබ පැතුම්! (නි)
නිහතමානී බුද්දිමත් නායකයාණනි ඔබ තුමාට සුබපැතුම් (ම)