(චමිල් රූපසිංහ)
රනිල් වික්‍රමසිංහ මහතා 30 වන වතාවටත් පැරදී ඇති බවත් එම නිසා එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ අනාගතය කුමක්ද කියා සිතන්නට දැන් කාලය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
“රනිල් වික්‍රමසිංහ සිතා සිටියේ වාමාංශික බලවේගයක් වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දෙකඩ වීම නිසා තමන් හට බලයක් ලැබෙනු ඇතැයි කියලා.ඒත් එසේ වුණේ නෑ.අපි මැතිවරණයක් ඉල්ලුව අපි පාර්ලිමේන්තුවෙ විප්ලව කළා .මැතිවරණ කාර්යාලයට පස් හය වතාවක් ගියා උද්ඝෝෂණ කළා .මේ මැතිවරණය අපට දීපු එකක් නොව අපි බලෙන් ලබාගත් එකක්.මේ මැතිවරණය ලබාගත්ත වගේම රටේ පාලනයත් ලබාගන්නවා.එය ඊලග ඉලක්කයයි.“
රටේ තිබෙන ඉතා ප්‍රබලම දේශපාලන පක්ෂ 3 ක් එක් පුද්ගලයකු ඉදිරියේ පරාජය වු බවත් වර්ථමාන යහපාලනයට රටේ බහුතර ජනතාව ‘දැන් ඇති උබල මේ කරපු විනාශය නවත්තල පලයන් ‘ කියා ප්‍රබල පණිවිඩයක් දුන් බවද ඒ මහතා පවසයි.
කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙසේ පැවැසුයේ අද (11) මහනුවරදී පැවැත්වු මාධ්‍ය සාකච්ඡාවකදීය.
“වත්මන් රජයට විකෘති වි ඇති පාර්ලිමේන්තුවක් තුළ මේ සුසංයෝගයට පවතින්නට බෑ.එයට හේතුව මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ පසුපෙල කණ්ඩායම අග්‍රාමාත්‍යවරයාට නැතිවෙන්නට ගැසීමයි.රනිල්ගෙ පසුපෙල කණ්ඩායමත් ඒ වගේමයි.එකිනෙකා ගසා ගනිමින් එයාලා මේක එක ආණ්ඩුවක් කියලා කියාගන්නවා.එවන් රජයකට පවතින්නට බැහැ.“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.
මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය නොගන්නේ ඇයිදැයි මාධ්‍යෙව්දියකු විමසු විට මන්ත්‍රීවරයා මෙසේ කීය.
“කාලය, දීපය, දේශය කියල එකක් තියෙනවා. බොහොම පැහැදිලිව පස්මහ බැලුම් බලල තමා ඒ තින්දුව ගන්න ඕන ඒක ඉතිහාසේ අපේ සංසකෘතියේම තියෙන දෙයක් .ඒ සම්බන්දව අවශ්‍ය වේලාවට තිරණය ගන්නවා.“


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සුන්ට බැනලා මහින්ද මහත්තයාගේ ඡන්ද අඩු කරන්න එපා. මේක ජනාධිපතිවරණයක් වුණානම් පැරදිච්ච සේරම එක පැත්තක්. 50% නැති නිසා අපි අායෙත් පරාදයි.
මහින්දට ජනාධිපතිවරණයක් දිනන්න ශක්තියක් නැහැ කියලා ආයෙත් ඔප්පු වුණා. 50% ඕනෙනේ මහත්තයෝ. දැන් දේශපාලනයෙන් විශ්‍රාම යන්න කාලේ හරි මගේ හිතේ.
එතකොට රනිල්ද 2020 ජනාධිපතිවෙන්න සුදුසුකෙනා...
හා හා කලබල වෙන්න එපා.
කවුරු දින්නත් අපිට වැඩක් නෑ. හැබැයි ඔය වගේ අපේ සල්ලි කන දේශපාලකයො කරුණාකරලා අයින් වෙන්න. අපිට මහින්ද ආවත්, මෛත්‍රි ආවත්, රනිල් ආවත් වැඩක් නෑ. රට කාල ඉවරයි. දන්කුඩෙන් පටන් අරන් රට නන්වන්න පුලුවන් අපිටම විතරයි.. ඒකට ඔබලා වගේ අය අයින් වෙන්න ඕනේ...
එතකොට ඔබතුමා එයා ලඟට වෙලා ඉන්නකාලේ හැම ඡන්දයක්ම ඉහළින්ම දිනුවද?
පැරදුණේ ජනතාව, ඡන්ද දින්නට වැඩක් නැහැ. අදටත් වංචා, දූෂණ වල මුදල් අය කර ගන්නේ ජනතාවගෙන්, දුක් විදින්නේ ජනතාව... ඒ නිසා, වැදගත් සමාජයකට හොර මැරකම් නැති පිරිසක්... නැතිනම් රටේ ජීවත් වෙන්නේ හරි අප්පිරියයාවෙන්, කලකිරීමෙන්... පක්ෂ පාට නොබලා රටට සේවය කරන්න ඕන යුගයක් මේක. රට බංකොලොත් කරලා ඉවරයි. අවංක පිරිසකුයි රටට අවශ්‍ය වන්නේ. ඔබලාගේ යුගයේ වෙච්ච දේවල් සුළු පටු නොවේ. ඒ නිසා උදම් වෙන්න දෙයක් අපට නම් පෙනෙන්නේ නැහැ.
රනිල් මහත්තයා එක පාරක්වත් පැරදුනේ නැහැ හොඳේ. පළවෙනි පාර කොටෝ එක්ක එකතු වෙලා සුනාමි සල්ලි වලින් ඡන්දෙන් දින්නා. දෙවෙනි පාරත් එහෙමයි (සරත් ෆොන්සේකා මහත්තයා දින්නේ) ඒ පාරත් ඡන්දෙන් දින්නේ. එ්ත් තුන් වෙනි පාර හොර ඡන්දෙන් දිනන්න බැරි වුණා. ඕකයි ඇත්ත කතාව හොඳේ.
කෙහෙළිය මහත්තයෝ වැරැදි කතාවක් නේද කිව්වේ? "රනිල් වික්‍රමසිංහ මහතා 30 වන වතාවටත් පැරදී ඇති බවත් එම නිසා එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ අනාගතය කුමක්ද කියා සිතන්නට දැන් කාලය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි." එ් කියන්නේ රනිල් නෙරපා හරින්න කියලද? ඇයි හලෝ ඕගොල්ලෝ 30 වතාවක් දිනුවේ රනිල් නිසා නේද? රනිල්ට සියලුම පහසුකම් ඔබලාත් දීලා, රනිල්ව තියා ගන්න කටයුතු කරන්න.
කට්ටිය මෙතන මෝඩයෝ වගේ රණ්ඩු වෙනවා. කව්රුත් කල්පනා කළාද මාසෙකට කෝටි 76 ගානේ ගෙවන්න වෙන්නේ අපේ දරුවනුත් ණයකාරයෝ කරලා ගන්න සල්ලි වලින් කියල.
එ් විදියට ගණන් බලනවා නම් මහින්ද 1977 ඉඳන් කොච්චර පැරදිලා තියෙනවද?
මහජනයාට ලෙඩ වුනාම ඉස්පිරිතාලෙට යන්න සල්ලි නැහැ . රිපෝට් පිටින් ගන්න සල්ලි නැහැ . දෙවියන්ගේ කැමැත්ත තිබුනොත් බේරෙනවා . ඔබ තුමාල ලෙඩ වුනාම බෙහෙත් කරන්න රට යන සල්ලි ජනතාවගෙන් . දැන්වත් රට ගැන හිතමු . දිනුවා කියල , මහජනතාව දුක් විදිනකොට ඒවා අමතක කරලා කටයුතු කරන්න එපා. අපේ රට ගැන හිතමු. එකතු වෙලා දියුණු වෙමු . ලෝකෙන් උතුම් රට ලන්කාවය් කියන එක අමතක කරන්න එපා.තවත් කාලයක් නැහැ අපි වියපත් වෙනවා. අනාගතේ බාරගන්න ඉන්න දරුවන්ට හොද පරිසරයක ජීවත් වෙන්න රටට යමක් කරලා අවසන් ගමන් යමු . . සියලු දෙවි පිහිටය් !
"රටේ තිබෙන ඉතා ප්‍රබලම දේශපාලන පක්ෂ 3 ක් එක් පුද්ගලයකු ඉදිරියේ පරාජය වු බවත්" මේ ප්‍රකාශයේ බරපතලකම තේරෙනවාද?
ඇත්තටම මහින්දට ඕනේ රනිල්ව එජාප නායකකමේ තියන්නයි. එතකොට එයාට නැවත රටේ බලය ගන්න පුළුවන්. මහින්ද , රනිල් එජාප නායකත්වයෙන් ඉවත් කරන්න දෙන්නේ නැහැ.
වෙනදාට හිත නිවන කතා යන්නේ පෝය දවසට ටීවී එකේ. දැන් හැම තැනම හිත නිවන කතා.
Kanda mudunin panalaa deshapaalanayata awe yuen pi eken.neda? Nathnam thawama sayimon mudalaali gaawaa.