එක්සත් ජාතික පක්ෂයට සුදුසුම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බවත් ඔහු නොසිටින්නට පක්ෂය තව තවත් ඉහිරි යන්නට ඉඩ තිබූ බවත් අනුරාධපුර අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියෝ කිහ. උතුරු මැද පළාත් සභාවේ නව විපක්ෂ නායක කිංස් නෙල්සන් සහ එම පළත් සභාවේ ප්‍රධාන සංවිධායක චන්දිම මහින්දසෝම මහත්වරුන් වැඩ බාර ගැනීමට පෙර නාහිමියන් බැහැ දුටු අවස්ථාවේදීය. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තරම් ඉවසීමේ ගතිය ඇති අයකු මා දැක නැහැ. පක්ෂයේ නායකයා හැටියට දැඩි තීන්දු තීරණ ගනු ලබන්නේ කිසිවකු සමග වෛරයෙන්, අමනාපයෙන් හෝ ක්‍රෝධයෙන් නොව පක්ෂය රැක ගැනීමේ අරමුණින් බව පෙනෙන බව ද නාහිමියෝ පැවැසූහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත. ඔහු ඉන්නතුරු කැඩෙන්නෙ නැහැ (නි)
රනිල් මහත්තයාගේ ඉවසීම නිසා තමයි අපේ හාමුදුරුවනේ විපක්ෂ නායක කමත් රැකිලා තියෙන්නේ.. නැත්නම් ඒකත් නැහැ..!(නු)
නිතර නිතර ජන්දය පැරදෙන ඔහුට ඉවසීම නිකන්ම පුරැදු වෙලා.....(නු)
ඒ පක්ෂයේ තව පොඩි පක්ෂ දෙකක් තියෙනවා කැඩෙන්න.. එකත් කැඩුණු ගමන් ඕන්න හාමුදුරුවනේ රැක ගන්න පුළුවං.!(නු)
ඉවසීමෙන් පළමුව සැණසීමද දෙවනුව වැනසීමද සිදුවේ..!(නු)
අයියෝ සල්ලි..!(නු)
මෙයා තමන්ගැනම හිත හිතා විපක්ෂනායක තනතුරේම ඉන්නවා රට ගැන ආදරයක් නැහැ.. ඒකනෙ රට විනාශ වෙනකම් බලාගෙන ඉන්නේ..!(නු)
මේකට මොකුත් කියන්නත් බැහැ නොකියත් බැහැ..!(නු)
කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත හාමුදුරුවනේ..!(නු)
පක්ෂය නෙමෙයි හාමුදුරුවනේ... එයා විපක්ෂනායක කම රැක ගන්නයි කටයුතු කරන්නෙ..!(නු)
හාමුදුරුවෝ බණ කියන්න, අපි අහගෙන ඉන්නම්. ඒත් දේශපාලනය දේශනා කරන්න එපෝ. (නි)
පාක්ෂිකයන්ට ඊට වඩා ඉවසන්න පුළුවං හින්දා තමා පක්ෂය තියෙන්නේ.. මේ අය ගේ ඉවසීම රජයට හොදයි..(නු)
රනිල් මහත්තයාගේ සහෝදරයෙක් වගේ.. (නු)
ඒක ඇත්ත..!(නු)
අපේ හාමුදුරුවෝ ජීවිතයේ ප්‍රථම වතාවට අද තමයි මෙහෙම බොරුවක් කියන්න ඇත්තේ.(නි)
නාහිමියන්ගේ අදහසට මා ගරු කරනවා. එහෙත් ඔහු ඉන්නකම් හැමදාම විපක්ෂයේ තමයි ඉන්න වෙන්නේ. (නි)
අපරාදෙ කියන්න බෑ මෙයා නැත්නම් අඩුගානෙ අපිට බලවත් විරැද්ධ පක්‍ෂයක්වත් තියෙනවා.
රනිල් හොදයි තමයි. අපේ සරසවි ප්‍රශ්න වලටත් බැහැලා කතා කරනවා. ඒත් අපේ හාමුදුරුවනේ, යූඑන්පීය මෙහෙම කැඩුනේ කාගේ පාලනයේ හොදකම නිසාද කියලා අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. (නි)
ඇත්ත. කැඩි කැඩී යන්නෙ නැහැ. දිය වෙවී යනවා. (නි)
අනේ අපි නොදන්නවැයි? (නි)
රනිල්ට වැඩිපුරම කැමති තරුණ පරම්පරාව (නි)
ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය මහමෙර උසුලනා මිහිකතටත් වැඩිය.... (නි)
ස්කෑන් කට නොකෑ කට එහෙවු කට මක්කට.... (නි)
වැඩේ හරි. දැන් ඉතිං හරි. (නි)
අපි නම් රනිල්තුමාගේ වරදක් දකින්නෙ නැහැ (නි)
එක අතකින් ඒ කතාව ඇත්ත. නැත්නම් මේ අය නායකත්වයට පොරකනවා. (නි)
එහෙමයි අපේ හාමුදුරුවනේ, එතුමාගේ ඉවසීමේ ගතිය නම් අති උතුම්. වෙන නායකයෙක් නම් පැරදුනු මැතිවරණ ගණනේ හැටියට පක්ෂය අත හැරලා බොහෝ කල්. (නි)
විපක්ෂයේ පරාජය දකින්න කැමති කෙනෙක්ද මන්දා?මේ කතාව දකිද්දි මට එහෙම හිතුනා (නි)
ඇත්ත වශයෙන්ම ස්වාමින් වහන්ස, ඔබවහන්සේ කියන්නේ ඇත්ත (නි)
හාමුදුරුවනේ, ආගමික නායකයින් දේශපාලනයෙන් ඉවත් වෙන තරමට එම දහමට ඇති ගෞරවය සහ ශීලත්වය වැඩි දියුණු වෙනවා. අද හැම ධර්මයක්ම පහළ තත්වයට අද වැටීමට ප්‍රධාන කාරණය දේශපාලනය ගාවා ගැනීම කියලයි මට හිතෙන්නේ.එහෙම නේද හාමුදුරුවනේ? බලන්න අද විශ්ව විද්‍යාල අධ්‍යාපනය. මේ කාරණය ගැන ප්‍රතිපත්ති පූර්වකව විශේෂයෙන් ආගමික නායකයින් වැඩ කළා නම් ඉදිරි අනාගත පරපුර ඉදිරියට ඇතිවෙන්න තියෙන දරුණු ආගාධයෙන් ගොඩගන්න පුළුවන් කියලයි මට හිතෙන්නේ. වෛරී දේශපාලනය නිසා දහම සහ අධ්‍යාපනය අනිවාර්යෙන්ම විනාශ වෙනවා කියල මට හොඳට හැඟෙනවා. (නි)
රනිල් මහත්තයාට බුදු සරණයි..!(නු)
අවසර අපේ හාමුදුරුවනේ, ඕකේ තව කැඩෙන්න දෙයක් තියෙනවැයි? (නි)
ඉවසීමනම් තියෙනවා නේන්නම්. සාධු සාධු! (නි)
උන්වහන්සේගේ ප්‍රකාශය 200%ක් නිවැරදියි (නි)
අපේ හාමුදුරුවන්ටත් කම්පනයද මන්දා? (නි)
හාමුදුරුවන්ටත් පරණ දේවල් මුකුත්ම මතක නැහැ වගෙයි. (නි)
හාමුදුරුවෝ කියපු කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත. (නි)
ඔබතුමන්ගේ අවවාද අනුශාසනා මම පිළිගන්නවා. මෙතුමා මියෙනතුරා විපක්ෂ නායකයා වේවා කියලා මම පතනවා. (නි)
දේශපාලකයන්ට ආවඩන්න ගිහින් ඔබවහන්සේලාට ජනතාවගේ තියන ගෞරවය නැතිකරගන්න එපා. (නි)
රනිල්ට බණින අය බණින්නේ රනිල් ගැන දන්නේ නැතුව. (නි)
මෙයා ඉන්නකම් විපක්ෂයට වාසියි..!(නු)
ඒකනේ ඇත්ත එයාට ඒ වාසිම තියෙනවා.. ඒ ඇරන්නෙ වෙන මොනවත් නෑ...(නු)
ඒක ඇත්ත හාමුදුරුවනේ.. රනිල් මහත්තයාට හොද දේශපාලන විනයක් තියෙනවා..!(නු)
රනිල් මහත්තයාගේ ගුණ මතක් වෙලා තියෙන්නේ ඇයි.?(නු)
මම හිතාගෙන හිටියේ හාමුදුරුවෝ බොරු කියන්නේ නැහැ කියලයි. (නි)
ජය වේවා! (නි)
කියන දෙයක් අපිට කෙලින්ම කියන්න (නි)
ගරු ස්වාමින් වහන්සේට ගරු කරනමුත් ඔබ වහන්සේගේ දේශපාලන දැනුම ගැන සතුටු වෙන්න බැහැ.(නි)
රනිල් නම් කවදාවත් යන්නෙ නැහැ (නි)
රනිල් හොද නායකයෙක්. එයා ගැන මිනිස්සු දන්නේ නැහැ හරියට. ඔබට ජය වේවා! (නි)
දවසේ විහිලු කතාව...(නි)
හාමුදුරුවොත් හරි.. රනිල් මහත්තයත් හරි..!(නු)