(අංජුල මහික වීරරත්න)
රනිල් රට වෙනුවෙන් නොකළේ පාර්ලිමේන්තුව ගිනි තියන්න ආපු තුන් හතර දෙනා කුදලලා ඇතුලට දැම්මේ නැති එක විතරක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර උත්සවය අමතමින් අද (20) පැවසීය.
"එක්සත් ජාතික පක්ෂය කියන්නේ එක ඡන්දෙ තිබිලත් පාර්ලිමේන්තුව ආරක්ෂා කරගත්ත පක්ෂයක්.මේ පක්ෂය වැටෙන්නේ නෑ. වට්ටන්නත් බෑ.මම ආදරේ කරන්නේ මේ පක්ෂයට නෙමෙයි.රනිල්ට.එතුමා රට හැදුවා.දැන් රනිල් මොනවද කලේ අහනවා.ඔබතුමා එක දෙයක් කළේ නෑ. පාර්ලිමේන්තුව ගිනි තියන්න ආපු තුන් හතර දෙනා කුදලලා ඇතුලට දැම්මේ නෑ. ඒක විතරයි ඔබතුමා නොකළේ.මේ ආණ්ඩුවට අතට දීපු බත් එක කටට දාගන්න තේරෙන්නේ නෑ. ඒක නිසා ඉස්සෙල්ලම සජබ-එජාප එකතු වෙන්න.එකතු වෙලා අපටත් කතා කරන්න යනුවෙන්ද චාමර සම්පත් මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු අනේ පොහොට්ටුවත් එකතු කරගන්නකෝ...
රනිල් රට වෙනුවෙන් නොකළේ පරම්පරාවක් නොහදපු එක. ඒ පුණ්‍යකර්මයේ බලමහිමයෙන්, මෙතැනින් පස්සේවත් රටට හොඳ කලක් යාවි... රනිල් සහ කම්බ හොරු නැතිව රට වැල් පාලමෙන් එගොඩ වේවි... රට 2048ට කළින් දියුණු වේවි... රට කාපු හොරු සහ තක්කඩින්ට ආවඩන අපි ජෝඩුව වාගේ බත්කන හරක් ගහණය අඩුවේවි (හැබැයි නැත්තටම නැතිවෙන්නේනම් නැහැ)...
කතාව ඇත්ත. කළින් ජේවීපී කියලා බොරුවට 65000ක් දසවද දීලා මැරුවා...
මෙය මේ කටින්ද කියන්නේ.
ඇත්තම තමයි. අරගලය වෙලාවේ පාර්ලිමේන්තුව කිට්ටුව තියෙන පොල්දූව හන්දිය වගේ නමක් තියන තැන නේද අද ඉන්නා කැබිනට් ඇමතිවරු දෙන්නෙක් පාර්ලිමේතුවට ගහන්න යන්න මිනිස්සුන්ට කතා කරන විඩියෝ ප්‍රසිද්ධ වුනේ. දැන් ඒ ගොල්ලන්ට ඕවා ගැන විමර්ශනයක්වත් නැද්ද?
ඌව පළාතේ මහජන මුදල් හොරා කාපු ලෝක හොරෙක් තමයි චාමර කියන්නේ. දැන් හොඳටම කලබල වෙලා නෑ ගහනවා....
අන්නහරි, ඔය කාලේ ජවිප ආණ්ඩුවක් නම් තිබ්බේ, උද්ගෝෂණ කරපු උන් ටික හිරේ.
මේ අය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජීවත් වන්නේ කෙසේදැයි සිතා බැලිය යුතුය. ඔවුන්ගේ නායකයින් විසින් දිරිමත් කරන ලද සහ භාවිතා කරන ලද වල් බුරු සහ නොහික්මුණු සංස්කෘතියකට ඔවුන් පුරුදු වී සිටිති, බලයට කෑදර කමට එය අනිසි ලෙස භාවිතා කිරීමට සහ ශිෂ්ට සම්පන්න ජීවිතයක් කඩාකප්පල් කිරීමට උත්සාහ කරනවා. මෙය නිවැරැදි කිරීමට ඇති එකම ක්‍රමය අධ්‍යාපනය, පුනරුත්ථාපනය සහ නීති කඩ කර ඇති මෙවැනි අයට දැඩි දඬුවම් ලබා දිය යුතුයි...
ඒ කියන්නේ චාමර ඒ රැස්වීමේදි කියපු අනෙක්ව සියල්ලම කළා. 88/89 චන්ඩියෙක් කියලත් කිව්වා.
අපෝ නොකරපුවා ඊට වඩා කොච්චර තියනවාද? උඩින්ම තියෙන්නේ රටේ මහජනතාවගේ මුදල් අවභාවිතා නොකරන එක? හැමසැරේම බලයට පොරකන්නේ/ එන්නේ රට මහජනතාවගේ මුදල් වලින් ලෝකේ වටේ සවාරි යන්න, රටේ දරුණු ආර්ථික අර්බුදය වෙලාවෙත් ඩොලර් වියදම් කරගෙන ගෝල බාලයෝ එක්ක අර දේශගුණික විපර්යාස කියන සමුළුවලට යන්න නම් සැහෙන්න හිරි වැටිච්චි මිනිහෙක් වෙන්න ඕනේ..
රනිල් කරපු හුගක් දේවල් ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ . බටලන්ද කේස් එක, මහ බැන්කු බැදුම්කර වන්චා, දූෂිත පවුල් පාලනේ රැකපු එක. රටේ සම්පත් විකුණන්න හදපු එක ඔය ගොන් තඩියාට මතක නැතුව ඇති...