අපොස උසස් පෙළ විභාගයේ අර්බුද සම්බන්ධයෙන් තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද ඉල්ලා සිටියේය. අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා එය ප්‍රතික්ෂේප කෙළේය. එවැනි කාරක සභාවක් පත්කිරීමේ කිසිම අවශ්‍යතාවක් නැතැයි ඇමැතිවරයා කීවේය. තමා අධ්‍යාපන ඇමැති ලෙස කටයුතු කරන කාලයේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රයක් පිටවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එවකට සිටි විභාග කොමසාරිස්වරයකු වරද පිළිගෙන සේවයෙන් ඉවත් වූ බව විපක්ෂ නායකවරයා සඳහන් කෙළේය. ඉසෙඩ් කෝර් ක්‍රමයෙන් සිසුනට සිදුවන අයහපත පිළිබඳව සලකා තම රජය එදා එම ක්‍රමය ඉවත් කිරීමට පියවර ගනිමින් සිටයදී එම රජය ප්‍රජාත්නත්‍ර විරෝධී ආකාරයෙන් විසුරුවා හැරීම නිසා එය ක්‍රියාත්මක කළ නොහැකි වූ බව ද වික්‍රමසිංහ මහතා කීය.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජය ශිෂ්‍යයන්ගෙන් සමාව ගන්න ඕන කළ වැරදීමට..
ප්‍රතිඵල අවුල විසදීමට ජනපති විද්වත් කමිටුවක් පත් කරන්නත් වුනානම් තේරීම් කාරක සභාවක අවශ්‍යතාවයක් නැතැයි කියන්නෙ කොහොමද? විභාගෙ කල ළමයි විතරක් නෙමේ කරන්න ඉන්න අයත් මේ අවුලෙන් අසහනයට පත් වෙලා කියල මේ ඇමතිතුමාට තේරෙන්නෙ නැද්ද?