එක්සත් ජනතා නිදහස් සන්ධානය පස්සා දොරින් අගමැතිවරයකු පත් කිරීමට යන බව කියන රනිල් වික්‍රමසිංහ මහතාද පස්සා දොරින් අගමැති ධූරයට පත්වූ අයකු බව සන්ධාන මහ ලේකම් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (3) පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.
ආණ්ඩුවට විරුද්ධව ගෙන එන විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවෙන් පිටත පුද්ගලයෙක්ගේ සැලැස්මක් බව අගමැති සිතුවද එය ඔහුගේ වැරදි අදහසක් බවත් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
ඡායාරූප හා වීඩියෝ - ඉෂංක සුනිමල්



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඉතින් පිවිතුරු මහත්තයා මගේ කට අවුස්සගත්තා. අර හොඳටම ඇඟට දැනුන ජනාධිපති වගේද? ඒ වගේනම් බැහැ පුතෝ. වැරදි හදාගෙන එනවානම් මගෙත් අකමැත්තක් නැහැ. මොකද අගමැති සහ නියෝජ්‍ය අගමැති කියලා තනතුරු දෙකක්ම ඇති කරන්න යනවා කියලා ආරංචියි.(බ)
අගමැති පත් කරන්නේ රටේ ජනාධිපතිට ඕන හැටියට මිසක් කටත් ඕනහැටියට කියලා එයා මොකද මේ හිතා ගෙන ඉන්නේ. (ර)
පස්සා දොර ගැන කතා කරන්නේ හරියට ඒගොල්ලන් ඒ වචනයවත් අහලා නැහැ වගේ. (නි)
අගමැතිවරු පත්කර ඇත්තේ කොහොමද කියලා මහජනතාවට තේරෙනවා (නි)
රනිල් කොහෙන් ආවත් රනිල්ව ගෙනාවේ ඔයාලගේ පක්ෂේ සභාපති.රනිල්ව රැක ගන්නෙත් රනිල්ව ඊලග මැතිවරනෙන් යලි ජාතික ආණ්ඩුවකින් අගමැති කරන්න හදන්නෙත් ඒකට අවශ්‍ය පරිසරය සකසන්න ශ්‍රී ලංකා එක දිය කරන්නෙත් පාක්ෂිකයින්ගේ මතයට ඇහුම්කන් නොදී තර්ජනයෙන් ගර්ජනයෙන් මන්ත්‍රීවරු බය කරගෙන ඊලග මැතිවරණයෙන් නියත ජයක් යු අන් පි ඒකට ලබා දීල ජනපති කරවීමේ කාලගුණ සලකමින් පක්ෂය වලදාන්න වල කපන්නේත් ඒ සභාපති..(බ)
රට කාල දැන් කියවන්න එපා (බ)
පිවිතුරු යහපාල , ඔන්න බැස්ස මඩවලට ආපහු . (ර)
රනිල් තමයි නියම සුදුස්සා අගමැති කමට මෛත්‍රීපාල මැතිතුමා ජනාධිපති කෙරුවෙත් රනිල්ගේ කැපවීම සහ බුද්ධිමත් කම නිසා එතුමා රට හරිමගට ගන්න හරි තීරණ ගත්තා.(හේ)
උදය කොස් වත්ත මහත්තයෝ.. ඒ මිනිස්සු රට කෑවනම් කෑවේ ඔහේගේ ඔය ජනපතිත් එක්ක එකතු වෙලා තමයි...අන්තිම මාස දෙක වෙනකම් කැබිනට් එකේ හිටපු මනුස්සයයි මෙයාල අතරයි මොකක්ද වෙන තියෙන වෙනස..මයිත්‍රී මහත්තය ඉර්ධියෙන් පහල වුනා නෙමෙයිනේ..(කේ)
යහපාල වලන්වල කුණු හෝදනවා හෝ ගාල ..ඒවුනාට තාම කුණු ඇරගන්න බeරුව දඟලනවා .....(බ)
බලනකොට ඔක්කොම දේශපාලකයෝ එන්නේ අහිංසක ජනයාගේ පින් කතිරයේ මහිමයෙන්, පස්සා දොරෙන් වගේ තමයි (නි)
පෑල දොරින් ගෙට එන සඳ... (නි)
යහපාල, කුලියට ඇඳුම්, වළං එහෙම හෝදනවා හරි අපුරුවට. කීයද දන්නේ නැහැ ගතමනාව... (නි)
අනේ පව්! කාට කියන්නද මේ දුක? (නි)
උදය මහත්තයෝ,ඒ මිනිස්සු රට කෑවා නම් කෑවේ කවුරුන් එක්ක එකතුවෙලාද කියලා අපි කියන්න අවශ්‍ය නැහැනේ. මෛත්‍රී මහත්තයා ඍධියෙන් පහළ වුණා නෙමෙයිනේ. (නි)
කාගෙ කාගේත් කිල්ලෝට වල හුණු තිබෙනවා වගෙයි (නි)
බටංගල ,මුල අමතක කරන අය සිටින ලංකාව වගේ රටක ඕනෑම රටට අහිතකර දෙයක් වීමේ අවදානමක් ඇත (නි)
සමහරුන්ට ලැජ්ජාවක් කියලා දෙයක් නැහැ. රනිල්ට ජනතාව වැඩිය කැමති නැති නමුත් මැතිවරණයකදී සුසිල් රනිල්ට විරුද්ධව ඡන්දයක් ඉල්ලුවොත් සුසිල් උඩින්ම පරදිනවා කියලා අපි නම් දන්නවා (නි)
රනිල් අගමැති කරන්න කවුරුත් ඡන්දෙ දුන්නේ නැහැ. එහෙනම් එයාටම ජනාධිපතිකම ඉල්ලන්න තිබුනනේ. බළලුන් ලවා කොස් ඇට බෑවීම කළේ කවුද කියලා අපි දන්නවා. (නි)
කොහොමත් යූ.එන්.පී. එකේ ඉන්නේ කොහොම පිරිසක්ද කියලා අපි දන්නවා (නි)
පස්ස දොරෙන් සිසුවියක් සරසවියට යවපු කෙනාද දන්නේ නැහැ ඔය කරලියට ගෙන්න යන "වෙන්න " අගමැති! (ම)
සිල්වා, ගත්ත හරි මඟ පෙන්වන්නකො. (නි)
ජනපති නිර්පාක්ෂික වීම එකම හොඳම විසඳුම වේ (නදී)
ශ්රී ලංකාවේ කීර්ති නාමයට විශාල හානියක් කරපු, ප්‍රසිද්ධියේම ජාත්‍යන්තර ලෝකය ඉදිරියේ කොටියට කඩේ ගිය, වෙනම ඊලාම් රාජ්‍යයක් වෙනුවෙන් කඩේ ගිය රාධිකා කුමාරස්වාමි විධායක සභාවට? හරිම ශෝක්නේ. කාගේද මේ රටට එරෙහි යෝජනා? (නදී)
අපේ රටේ සමහර දේශපාලකයන්ට පස්ස දොරත් නැතිවෙන කාලය අත ළඟ! (නදී)
සුසිල් මහත්තයෝ, ඔයගොල්ලෝ පාර්ලිමේන්තුවේ මොන තර්ක විතර්ක කලත් ජනතාව ගොනාට අන්දන්න හිතන්න එපා. රනිල් අගමැති වුන විදිහ ගැන සාපේක්ෂ මතවාද තිබුනත් එය හරි වුනත් වැරදි වුනත් එයට අවශ්‍ය ජනතා අනුමැතිය ඡන්දෙදි ලැබුනා. සන්ධාන නායකයෝ සමහර වෙලාවට කරන ප්‍රකාශ වලින්ම මේවා පිටින් මෙහෙයවන බවක් ජනතාවට පෙනෙනවා. (නදී)
රනිල් අගමැති වුණ ආකාරය ගැන සාපේක්ෂ මතවාද තිබුනත් එය හරි වුණත් වැරදි වුණත් එයට අවශ්‍ය ජනතා අනුමැතිය ඡන්දෙදි ලැබුනා (නි)
රනිල්ව අගමැති කරන බව මැතිවරණ ප්‍රකාශයේ තිබ්බ නිසා මෛත්‍රීපාල මැතිතුමා දින්නේ. ඒක පස්සේ දොරෙන් උනා කියන්නේ කොහොමද ? සිවිල් පුරවැසියෝ තුන් දෙනා නම් කරන්නේ සියලු දෙනාගේ එකඟත්වයෙන් (නදී)
අනේ බටන්ගල එක වෙන්න ඇති සිරිසේන මහතා පත් කරගන්න මහන්සි උන හැමෝම කිව්වේ යු අන් පි ආණ්ඩුවක් ගෙන්න එයාල හිතුවේ නැ කියලා. කවූද මේ රවට්ටන්න හදන්නේ.? (ර)
මේක යු එන පි ආණ්ඩුවක් වෙන්නේ කොහොමද.?සන්ධානේ අයත් මේක ඇතුලේ ඉන්නේ. (ර)
මොහාන් නමුත් දින 100 ඉවරයි නේද? ගිය ඡන්දෙ තිබුනේ ජනාදිපති මිස අගමැති තෝරාගැනීමක් නොවෙයි එහෙමනම් මැතිවරණ ප්‍රකාශයේ තියෙන තව කොපමණ දෙන්න තියේද? අගමැති කම විතරද විශේෂ? (ස)
මැතිවරණය තිබ්බේ ජනාධිපති තෝරා ගන්න නේද? වස ලැජ්ජයි. (ස)
සම්පත් ඒ නිකන් නමට විතරනේ.බලන්නකෝ ඒ අයම තමා දැන් අනිත් පැත්තට හෝයි කියන්නෙත් (කේ)
උදය කොස් වත්ත මහත්තයෝ.. ඒ මිනිස්සු රට කෑවනම් කෑවේ ඔහේගේ ඔය ජනපතිත් එක්ක එකතු වෙලා තමයි...අන්තිම මාස දෙක වෙනකම් කැබිනට් එකේ හිටපු මනුස්සයයි මෙයාල අතරයි මොකක්ද වෙන තියෙන වෙනස..මෙෙත්‍රී මහත්තය ඉර්ධියෙන් පහල වුනා නෙමෙයිනේ..ඔය දුෂිත ආණ්ඩුවේ සියලු වරදාන වරප්‍රසාද අවසන් මොහොත දක්වාම විදපු කෙනෙක්නෙ..වෙස්සන්තර අන්තිමට දේවදත්තයෙක් වෙලා ලක්ෂ 58ක ජනමතය අමු අමුවේ මංකොල්ල කන්න හදන්නේ නැතුව කියපු විදියට නිර්පාක්ෂික වෙලා වැඩේ ගෙනිච්චනම් මේ රට මේ විදියේ අච්චාරුවක් වෙන්නේ නැහැ. (ස)
දොර ඇරියේ ඔබේ සබාපති තුමා. (ස)
එතුමාට කවුරුත් ඡන්දය දීලා නෑ අගමැති වෙන්න. (ර)
කවුද මෙහෙම කියන්නේ ? ජනාධිපති ජනාධිපති තුමා ඡන්දෙට පෙර කිවුවා නේද එතුමා ජනපති උනොත්, රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති පදවියට පත්කරනවා කියලා. ඒ කතාව අපට මතක ඇත. (ර)
ගාමිණී, මොහාන් කියන එක ඇත්ත. මෛත්‍රීපාල මැතිතුමා පොදු අපේක්ෂක වෙනකොටම කිවුවේ රනිල් වික්‍රමසිංහට අගමැතිකම දීල තමන් ජනාධිපති වෙලා ඡන්ද පොරොන්දු ටික ඉටුකරනවා කියලා. මුළු රටම උද්යෝගයෙන් ඡන්දපොලට ඇවිත් ඡන්දෙ දුන්නේ රනිල් වික්‍රමසිංහට අගමැතිකම දෙන්නයි මෛත්‍රීපාල මැතිතුමාට ජනාධිපතිකම දෙන්නයි. දැන් අගමැතිකම දුන්නම පස්ස දොරෙන් අගමැතිකම ගත්ත කියන එක විහිළුවක්. (ර)
පිනට ආවත් කොහොම ආවත් කාලෙකට පස්සේ අගමැති කෙනෙක් ඉන්නවා කියලා දැනුන එක ලොකු දෙයක්. මොකද, මිට පෙර සිටියේ එක්කෝ කාර්ය භාරයක් නැති අගමැතිවරු, එහෙමත් නැත්නම් එක්වරක් නොව දෙවරක් විශ්‍රාම යා යුතු උදවිය.(ම)
රනිල්ගේ බුධිමත් තීරණය නිසා ජනවාරි 8 දා සිවෙන්න ගිය විනාශය වැළකුණ. අද ඔය දෙසනා කරන අය මන්ත්‍රි තනතුරු දරන්නේ ඔහුගේ එඩිතර තීරණය නිසා බව අමතකයි. ඔයගොල්ලෝ පාර්ලිමේන්තුවේ මොන තර්ක විතර්ක කලත් ජනතාව ගොනාට අන්දන්න හිතන්න එපා. රනිල් අගමැති වුන විදිහ ගැන සාපේක්ෂ මතවාද තිබුනත් එය හරි වුනත් වැරදි වුනත් එයට අවශ්‍ය ජනතා අනුමැතිය ඡන්දෙදි ලැබුනා.රනිල්ව අගමැති කරන බව මැතිවරණ ප්‍රකාශයේ තිබ්බ නිසා මෛත්‍රීපාල මැතිතුමා දින්නේ. ඒක පස්සේ දොරෙන් උනා කියන්නේ කොහොමද ? (කේ)
රකිත් මහත්තයට ඇගට දැනෙන අගමැති කෙනෙක් අපි ලබන මැතිවරණයෙන් ගේන්නම්..(ම)
මීළඟට පැවැත්වෙන මහා මැතිවරණයෙන් පසුව වසර 2 ක කාලයක් සඳහා ජාතික ආණ්ඩුවක් හෝ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පවත්වාගෙන යන බවට අදහස් පළවේ. බහුතර ආසන සංඛ්‍යාවක් ලබා ගන්න පක්ෂයට අගමැතිධුරයද ඊළඟ පක්ෂයට නියෝජ්‍ය අගමැතිධුරයට හිමි වන බවටද කතා ඇසෙයි.(ම)