ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ එංගලන්ත ‘ඒ’ පිල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (03) පැවැති සිවුවැනි නිල නොවන එක්දින ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගයේදී සුරාජ් රන්දීව් ආබාධයකට ලක්වීමෙන් පස්වරුවේ කොළඹ පෞද්ගලික රෝහලකදී ශල්‍යකර්මයකට ලක්කර තිබේ. පෙරවරුවේ පන්දු රකිමින් සිටි රන්දීව්ගේ වම් අතේ සුළගිල්ල පොළවේ වැදීමේන් ආබාධයකට ලක්විය.
මේ පිළිබදව කළ විමසුමකදී ශ‍්‍රී ලංකා ‘ඒ’ පිලේ භෞතචිකිත්සක රංජිත් නානායක්කාරවසම් මහතා පැවසුවේ එම තුවාලය බරපතල නොවන බවත් මේ වන විට ඇගිල්ලේ ශල්‍යකර්මය කරඇති බවත්ය. රන්දීව්ට සති තුනක් හෝ හතරක් විවේක ගැනීමට සිදුවනු ඇති බව ද නානායක්කාරවසම් මහතා වැඩි දුරටත් පැවසීය.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට ඉක්මන් සුව ලැබේවා..