ඉතාලියේ පාදෝවා නගරයේ වසර 11 ක් තිස්සේ පදිංචි වී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාදෝවා නුවර සභාපති සුනිල් හේමසිරි මහතා මිතුරන් සමග ගඟක නෑමට ගියේය. නන්දන මොහොට්ටාල මහතා ද ඔහු සමග ගියේය. සුනිල්ගේ අත වූ පවුම් පහමාරක (රුපියල් ලක්‍ෂ තුනක පමණ) රන් අත් පළඳනාව ගෙඟ් වැටිණි. එය සොයාගන්නට සුනිල් ගත් උත්සාහය අසාර්ථකවිය. එහෙත් නන්දන සිය උත්සාහය අත නොහළේය. සෑහෙන වේලාවකින් පසුව ඔහු එම පළඳනාව සොයාගත්තේය. මිතුරාට දුන්නේය. සුනිල් පසුදා පාදෝවා නුවර චීන කඩයකට ගියේය. බඩු වගයක් ගත්තේය. බිල ගෙවුවේය. ගෙදර ආවේය. මුදල් පසුම්බිය සාක්කුවේ නැත. පසුදා ඔහු චීන අවන්හලට ගියේය. එහි හිමිකාරිය මුදල් පසුම්බිය ඔහුට දුන්නේය. ඔහුගේ පෞද්ගලික ලියැවිලිවලට අමතරව එහි යුරෝ 11000 (රුපියල් 179300) ද එලෙසම තිබිණි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකට පක්ෂයේ නම ගාවන්න ඹ්නි නෑනේ...(ස)
ඔය පක්ෂයේ අයට අමතකවීම අලුතින් බෝ උන ලෙඩක්..!!(නු)
කොහොමත් එහෙ ගියාම කට්ටියකට එහෙම වෙනවා (ස)
මේක මේ ප්‍රසිද්ධිය පතා කළ දෙයක්දැයි කියලත් සිතෙනවා. (නි)
අද කාලෙ යුරෝපයේ රටක ඉන්න කෙනෙක් යුරෝ 11,000 ක් තියා යුරෝ 1000 ක් වත් ළග තියාගන්නේ හදිසිම වුවමනාවකට පමණයි. මොකද හැම ගෙවීමකදිම කාඩ් එකෙන් ගෙවන නිසයි. (නි)
මේකට දේශපාලනය ගාවා ගන්න ඕනෑ නැහැනේ. (නි)
අනේ මෙහෙම දේවල් වෙන්නේ කොහොමද? අපිටත් කියලා දෙන්නකෝ. (නි)
දැන් ඉතින් අපිට මොකක්ද කියන්නේ? (නි)
මේ කතාව මුලින්ම පටන් ගන්න තිබුණේ "එකෝමත් එක රටක" කියලා. (නි)
මම නම් හිතන්නේ නැහැ යූරෝ 11,000ක් සාක්කුවේ දාගෙන යන්න ඇති කියලා. මමත් ඉන්නේ ඔය රටේම තමයි. (නි)
පර්ස් එක අමතක වීම මනුස්ස ගතියකි. සතයක් අඩු නැතිව ආපසු බාර දීම දේව ගතියකි. (නි)
මේක හදපු කතාවක් වගෙයි. (අ)
නොසැලකිලිමත්කම සාධාරණීකරණය කරන්න නම් බැහැ. ඔහොම නොසලකිලිමත්කමින් ඔය රටවල ජීවත් වෙන්න අමාරුයි.
ඔයාටත් අමතක වෙන ලෙඩේ බෝ වෙලාද? (නි)
මනුස්සයත් සාධාරණ ඇති. (නි)
මේක හරියට සුරංගනා කතාවක් වගේ .මෙයා සල්ලිකාරයෙක් උනාට ක්‍රෙඩිට් කාඩ් ගැන දන්නේ නෑ වගේ..(ස)
අමතක වීම සාමාන්‍ය දෙයක්නේ..(ස).
ඉතාලියේ එහෙම වුණත් ආසියාවේ ආශ්චර්යවත් දේශයේ නම් එහෙම වෙන්නෙ නැහැ (නි)
කල්පනාව හොඳටම අඩුයි වගේ..(ස)
යුරෝ 11000 වෙන්න බෑ නේද ?? යුරෝ 1100 ක් වෙන්න ඇති. (ස)
මරු තමයි. පක්ෂයෙ අයට මතක නැතිවෙන එක සුලු දෙයක්නේ. (නි)
මිනිසත්කම ඇති අය ලොව හැමතැනම සිටී..(ස)
විස්වාස කරන්න අමාරැයි ඉතාලිය වගේ රටක යුරෝ 11000 ක් සාක්කුවේ දාගෙන කඩේ ගියා කියලා..මට පේන විදියට බිංදුවක් වැඩි කරලා වගේ..(ස)
අහිංසක පුද්ගලයෙක් දෙස දෙවියන් වුව බලයි. (නි)
මෙයාටත් අමතක වෙන ලෙඩේ බෝ වෙලා වගේ පේන්නේ. (නි)
තව ටික දවසකින් ගෙදර අයවත් අමතක වෙයිද දන්නේ නැහැ මෙහෙම බලද්දී? (නි)
පරිස්සම් වෙන්න. තව මොනවා නැතිවෙයිද දන්නේ නැහැ. (නි)