IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


රනුත් සාධරණයි සල්ලිත් සාධාරණයි

ඉතාලියේ පාදෝවා නගරයේ වසර 11 ක් තිස්සේ පදිංචි වී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාදෝවා නුවර සභාපති සුනිල් හේමසිරි මහතා මිතුරන් සමග ගඟක නෑමට ගියේය. නන්දන මොහොට්ටාල මහතා ද ඔහු සමග ගියේය. සුනිල්ගේ අත වූ පවුම් පහමාරක (රුපියල් ලක්‍ෂ තුනක පමණ) රන් අත් පළඳනාව ගෙඟ් වැටිණි. එය සොයාගන්නට සුනිල් ගත් උත්සාහය අසාර්ථකවිය. එහෙත් නන්දන සිය උත්සාහය අත නොහළේය.  සෑහෙන වේලාවකින් පසුව ඔහු එම පළඳනාව සොයාගත්තේය. මිතුරාට දුන්නේය. සුනිල් පසුදා පාදෝවා නුවර චීන කඩයකට ගියේය. බඩු වගයක් ගත්තේය. බිල ගෙවුවේය. ගෙදර ආවේය. මුදල් පසුම්බිය සාක්කුවේ නැත. පසුදා ඔහු චීන අවන්හලට ගියේය. එහි හිමිකාරිය මුදල් පසුම්බිය ඔහුට දුන්නේය. ඔහුගේ පෞද්ගලික ලියැවිලිවලට අමතරව එහි යුරෝ 11000 (රුපියල් 179300) ද එලෙසම තිබිණි.



අදහස් (0)

රනුත් සාධරණයි සල්ලිත් සාධාරණයි

සුමනා මානවඩු Tuesday, 21 August 2012 10:58 AM

ඔය පක්ෂයේ අයට අමතකවීම අලුතින් බෝ උන ලෙඩක්..!!(නු)

:       0       0

සුනිල් Monday, 20 August 2012 02:32 PM

මේ කතාව මුලින්ම පටන් ගන්න තිබුණේ "එකෝමත් එක රටක" කියලා. (නි)

:       0       0

ගයා Monday, 20 August 2012 07:30 AM

මේක හරියට සුරංගනා කතාවක් වගේ .මෙයා සල්ලිකාරයෙක් උනාට ක්‍රෙඩිට් කාඩ් ගැන දන්නේ නෑ වගේ..(ස)

:       0       0

දිල්ශාන් Monday, 20 August 2012 07:34 AM

ඕකට පක්ෂයේ නම ගාවන්න ඹ්නි නෑනේ...(ස)

:       0       0

ගයා Monday, 20 August 2012 07:33 AM

ඔයාටත් අමතක වෙන ලෙඩේ බෝ වෙලාද? (නි)

:       0       0

ශීලා Monday, 20 August 2012 08:08 AM

නොසැලකිලිමත්කම සාධාරණීකරණය කරන්න නම් බැහැ. ඔහොම නොසලකිලිමත්කමින් ඔය රටවල ජීවත් වෙන්න අමාරුයි.

:       0       0

අමිල කටුනායක Sunday, 19 August 2012 04:47 PM

මනුස්සයත් සාධාරණ ඇති. (නි)

:       0       0

කටුවාන Sunday, 19 August 2012 04:48 PM

පරිස්සම් වෙන්න. තව මොනවා නැතිවෙයිද දන්නේ නැහැ. (නි)

:       0       0

සංජු Sunday, 19 August 2012 04:56 PM

තව ටික දවසකින් ගෙදර අයවත් අමතක වෙයිද දන්නේ නැහැ මෙහෙම බලද්දී? (නි)

:       0       0

සිරි Tuesday, 21 August 2012 12:54 AM

අද කාලෙ යුරෝපයේ රටක ඉන්න කෙනෙක් යුරෝ 11,000 ක් තියා යුරෝ 1000 ක් වත් ළග තියාගන්නේ හදිසිම වුවමනාවකට පමණයි. මොකද හැම ගෙවීමකදිම කාඩ් එකෙන් ගෙවන නිසයි. (නි)

:       0       0

SISIRA KUMARA Monday, 20 August 2012 09:56 AM

මේක හදපු කතාවක් වගෙයි. (අ)

:       0       0

ප්‍රවීන් - මැනිලා Sunday, 19 August 2012 05:58 PM

මෙයාටත් අමතක වෙන ලෙඩේ බෝ වෙලා වගේ පේන්නේ. (නි)

:       0       0

ජූඩ් Sunday, 19 August 2012 06:32 PM

අහිංසක පුද්ගලයෙක් දෙස දෙවියන් වුව බලයි. (නි)

:       0       0

ලක්මාල් Tuesday, 21 August 2012 02:51 AM

මේක මේ ප්‍රසිද්ධිය පතා කළ දෙයක්දැයි කියලත් සිතෙනවා. (නි)

:       0       0

කමල් Sunday, 19 August 2012 09:36 PM

විස්වාස කරන්න අමාරැයි ඉතාලිය වගේ රටක යුරෝ 11000 ක් සාක්කුවේ දාගෙන කඩේ ගියා කියලා..මට පේන විදියට බිංදුවක් වැඩි කරලා වගේ..(ස)

:       0       0

ගුණරත්න Sunday, 19 August 2012 09:44 PM

මිනිසත්කම ඇති අය ලොව හැමතැනම සිටී..(ස)

:       0       0

තරුෂ Monday, 20 August 2012 12:15 PM

පර්ස් එක අමතක වීම මනුස්ස ගතියකි. සතයක් අඩු නැතිව ආපසු බාර දීම දේව ගතියකි. (නි)

:       0       0

නිරෝෂණි Sunday, 19 August 2012 09:59 PM

මරු තමයි. පක්ෂයෙ අයට මතක නැතිවෙන එක සුලු දෙයක්නේ. (නි)

:       0       0

ෂෙහාන් Monday, 20 August 2012 12:27 PM

මම නම් හිතන්නේ නැහැ යූරෝ 11,000ක් සාක්කුවේ දාගෙන යන්න ඇති කියලා. මමත් ඉන්නේ ඔය රටේම තමයි. (නි)

:       0       0

උපාලි Monday, 20 August 2012 07:38 PM

දැන් ඉතින් අපිට මොකක්ද කියන්නේ? (නි)

:       0       0

lankasri Sunday, 19 August 2012 10:47 PM

යුරෝ 11000 වෙන්න බෑ නේද ?? යුරෝ 1100 ක් වෙන්න ඇති. (ස)

:       0       0

ලක්මාල් Monday, 20 August 2012 08:12 PM

අනේ මෙහෙම දේවල් වෙන්නේ කොහොමද? අපිටත් කියලා දෙන්නකෝ. (නි)

:       0       0

උමා Sunday, 19 August 2012 11:21 PM

කල්පනාව හොඳටම අඩුයි වගේ..(ස)

:       0       0

සරත් Tuesday, 21 August 2012 10:02 AM

කොහොමත් එහෙ ගියාම කට්ටියකට එහෙම වෙනවා (ස)

:       0       0

ආනන්ද Monday, 20 August 2012 09:02 PM

මේකට දේශපාලනය ගාවා ගන්න ඕනෑ නැහැනේ. (නි)

:       0       0

ද සිල්වා Monday, 20 August 2012 04:33 AM

ඉතාලියේ එහෙම වුණත් ආසියාවේ ආශ්චර්යවත් දේශයේ නම් එහෙම වෙන්නෙ නැහැ (නි)

:       0       0

මාලන් Monday, 20 August 2012 04:36 AM

අමතක වීම සාමාන්‍ය දෙයක්නේ..(ස).

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 758 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 571 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site