(නිමල කොඩිතුවක්කු)
සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන ලිඛිත ඉල්ලීමක් කරනු ලැබීය.
රාමනායක මහතාගේ නිදහස සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස දේශපාලන පක්ෂ, පාට භේදයකින් තොරව ආගමික නායකයින්, ප්‍රවීණ කලාකරුවන්, නීති විශාරදයින්, සිවිල් පුරවැසියන් ඇතුළු විශාල පිරිසක් ඉල්ලීම් කර ඇති බැවින් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගේ සාධනීය ප්‍රතිචාරය කඩිනමින් අපේක්ෂා කරන බවත් විපක්ෂනායකවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනු ලැබීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියේ තව තවදුරටත් මෙසේද සඳහන් වේ. "පාර්ලිමේන්තු මන්ත්‍රී අප හිතවත් රන්ජන් රාමනායක මහතා 2021 ජනවාරි 12 දින සිට මේ දක්වා දින 232ක කාලයක් සිර දඬුවම් විඳිමින් සිටී. රන්ජන් රාමනායක මහතා අවංක චරිතයක් ඇත්තෙකු ලෙසත්, සත්‍ය වෙනුවෙන් කතා කරන චරිතයක් ලෙසත් කා අතරත් පිළිගැනීමක් තිබේ. කලාකරුවකු ලෙස රන්ජන් රාමනායක මහතා වසර ගණනාවක් අඛණ්ඩව ජනප්‍රියම නළුවා ලෙසත්, ජනතාවාදී කලාකරුවකු ලෙසත් විශාල කීර්තියක් ලබා ගෙන සිටින අතර දේශපාලනඥයෙකු ලෙස අවස්ථා රැසකදීම ඉහළම ජනතා මනාපයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූවෙකි. දේශපාලනයෙන් හෝ වෙන යම් කිසිම මාර්ගකින් අයථා කටයුතුවලට හෝ දූෂණවලට එතුමා සම්බන්ධ නැති බව කවුරුත් දන්නා කරුණකි.
එතුමාගේ නිදහස සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස දේශපාලන පක්ෂ, පාට භේදයකින් තොරව ආගමික නායකයින්, ප්‍රවීණ කලාකරුවන්, නීති විශාරදයින්, සිවිල් පුරවැසියන්, විශාල පිරිසක් ඉල්ලීම් කළ අතර ඔබතුමාටද එවැනි ඉල්ලීම් ගණනාවක් යොමුකර තිබිණි.
එවන් තත්ත්වයක් තුළ, රන්ජන් රාමනායකයන්ගේ නිදහස වෙනුවෙන් මා මීට පෙර අවස්ථා කිහිපයකදීම ඔබ තුමන්ව දැනුවත් කළ අතර ඒ සෑම අවස්ථාවකදීම ඔබතුමන්ගෙන් ලද යහපත් ප්‍රතිචාරය පිළිබඳව කෘතවේදීව සිහිපත් කරමි.
රන්ජන් රාමනායක මහතාගේ නිදහස උදෙසා ඉහත පාර්ශවයන් නැවත නැවතත් මා වෙතින් විමසීම් සහ ඉල්ලීම් සිදුකරනු ලබන අතර, එකී ඉල්ලීම් සාධනීය බවත්, සාධාරණ බවත් මා මෙන්ම ඔබතුමාද විශ්වාස කරනු ඇතැයි අපේක්ෂා කරමි. ඒ අනුව රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබා දීම පිළිබඳව ඔබතුමන්ගේ සාධනීය ප්‍රතිචාරය කඩිනමින් මා අපේක්ෂා කරමි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන්ජන් නිදහස් කිරීම තුළින් ජනපති ලවා අධිකරණයට අපහාස කරවීම මෙහි අරමුණයි...
අධිකරණයේ ස්වාධීනත්වය ගැන මහලොකුවට කතාකරනවා. ඒ වුණාට අපහාස කරපු මිනිහාට දඬුවම් දුන්නාම ඒකෙන් බේරගන්න ඉල්ලීම් කරනවා. දැන් පැහැදිලියි රංජන් මේවා කළේ කාගේ වුවමනාවටද කියලා...
කිසිවෙකු මධ්‍යස්ථව අවංකව හොදින් නිරීක්ෂණය කලොත් මුන්දෑ කියන තරමක් කියන්නේ ගොන් කථාමනේ..
මේ පුතාණෝ කතාකරන්නේ කොහෙන්ද දන්නේ නෑ. යහපාලනය කාලේ මෙයා කොහේද දන්නේ නැහැ හිටියේ...? නිකරුණේ කී දෙනෙක් සිරගත කළාද? එක වචනයක් කතා කළාද? දැන් මොකක්ද හැදිලා තියෙන පිස්සුව...?
මෙන්න මෙයාට තියෙන ජාතික ප්රශ්නය
අධිකරණ තීන්දුවත් හැල්ලුවට ලක්වේයි ද
රන්ජන්ට ජනාධිපති සමාව නොදිය යුතුයි. ඒවා දෙන්න තියාගන්න මිනි මරුවන්ට. රන්ජන් කිව්වේ අධිකරනේයේ සම හරක් ධුශිතයි කියලානේ. එතකොට හරිනම් කරන්න ඕනේ එයාගෙන් සාක්ෂි අරගෙන ධුශිතයින්ට දඩුවම් දෙන එකනේ . මේ කැකිල්ලේ තීන්දුවෙන් ඌව හිරේ දැම්ම. අධිකරණයට අපහාස කළා කියල හිරේ දානවනම් මුලින්ම දන්නා ඕනේ සරත් එන් සිල්වා ව.
කෙලින්ම කුණු කූඩේට