(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මන්තී‍්‍ර ඉන්දික අනුරුද්ධ මහතා තමන්ට මරණ තර්ජන කළැයි සමාජ සවිබල ගැන්වීම් හා සමාජ සුභ සාධන නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා මිරිහාන පොලිසියට කළ පැමිනිල්ල ගැන අධිකරණයට කරුණු වාර්තා කර අවශ්‍ය සාක්කි සටහන් කර ගැනීමට පියවර ගෙන ඇතැයි දිවුලපිටිය පොලිසිය කියයි.
බස්නාහිර පලාත් සභා මන්තී‍්‍ර චන්දන ජයකොඩි මහතාගෙන් ප‍්‍රකාශයක් සටහන් කර ගත් බව පොලිසිය පවසයි. මේ ගැන පාර්ලිමේන්තු මන්තී‍්‍ර එඞ්වඞ් ගුණසේකර, දිවුලපිටිය ප‍්‍රාදේශීය ලේකම් එච්.එම්.එල්.එස්.හේරත් ඇතුළු පිරිසකගෙන් ප‍්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව පොලිසිය ප්‍රකාශ කරයි.
සාපරාධී බිය ගැන්වීම හා බැණ තර්ජනය කිරීම පිළිබදව මේ වනවිට කරුණු හෙලිදරව් වී ඇති බව කියන පොලිසිය මරණ තර්ජනයක් සිදුවූයේ දැයි සොයා බැලීමට පරීක්ෂණ පවත්වන බවද කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරුත් බලන්නෙත් නැහැ පිළිතුරු ලියන්නෙත් නැහැ
ජනාධිපති තුමා සහ අගමැති තුමා මේ රටේ යහපාලනය තියෙනවා කියන්නේ අමුලික බොරුවක්. මෙම සිදුවීම හොඳම උදාහරනයක්. මන්ත්‍රීකමක් ගත්ත ගමන් චන්ඩි වෙනවා.