ඒකල ඔතේ කැලේ භූමියකට කැලි කසළ බැහැර කිරීමට ගෙන තිබෙන ක්‍රියා මාර්ගය නතර කරන්නැයි ඉල්ලමින් ඒකල පරිසර සුරැකීමේ සංවිධානය අද (09) ඒකළ මඩම හන්දියේ දී “අනතුර අත ළඟ - කොළඹ කුණු ඒකලට”මැයෙන් විරෝධතාවක් කළේය.
“අපිට අයිතියක් තියෙනවාද අපේ ගෙදර එකතුවෙන කුණු කාගෙවත් ගෙවත්තකට දාන්න? කොළඹ එකතු වෙන කුණු ඒකලට ගෙනෙන ක්‍රියාවලිය තුළ තියෙන්නේත් ඒ බරපතල සදාචාර විරෝධී ක්රියාවමයි.“යැයි ඒ විරෝධතාවය ඇමතු අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවසීය.
“මේකට ඉඩ දුන්නොත් අන්තිමට අපිට සිද්ද වෙන්නේ හැම තිස්සෙම ඔක්සිජන් ටැංකි පිටේ බැඳගෙන ජීවත් වෙන්න. මගේ ජීවිතේට මරණ තර්ජන එමටයි. මේ සටන අතහරින්නේ නැහැ.”යැයි ඒ මහතා කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගේ මොළේ තාම වැඩිලා නැහැ. ඔහොමම ගිහින් වැඩිකල් යන්න කලින් මෙයා හොඳට ඇනගන්නවා. (නි)
රන්ජන්ට ජයවේවා! (බ)
එලියෙ නාඩගම් රඟන්නෙ පෙර පාර්ලිමේන්තුවෙ හා පක්ෂය තුල හඬක් නගන්න බැරිද ? (බ)
තව දවස් 2-3 ඉවසල බලමු එතකොට කුණු වලින් සල්ලි හම්බකරන දේශපාලකයෙක් ගේ , ගෝර්ඩ් ෆර්දර් කෙනෙකුගේ හරි රජයේ නිලධාරියකුගේ හරි නම් ගම ප්‍රසිද්ධ වේවි , අර පස් සිද්ධියේදී වුණා වගේ , රන්ජන් මාධ්‍ය සංදර්ශන තිබ්බත් අන්තිමට රටට වැඩක් වෙනවා , අර පත්තරේ බලල මහා ලොකුවට මගුල් ගෙදරක හරි මරණ ගෙදරක හරි ගිහින් හිස් වචන ගොඩක් ඇදබාන පරිසර අැමෙති වගේ නොවේ රන්ජන් අඩුම තරමේ ප්‍රශ්න ඇති තැනට ගොස් ප්රශ්නය ගැන සොයා බලනවා (බ)
රටක් සාමුහිකව දියුණු කරනකොට සම්පත් සහ අනිකුත් දේ බෙදාගැනීමේ ක්‍රමයක් ඇත. මහවැලි ගඟ උතුරට හැරවීම කදිම උදාහරයකි. එ්කල ජනතාව කොළඹට රස්සාවට එන්නේ නැද්ද? කොළඹ ජාතික රෝහලින් සුව වන්නේ නැද්ද? ඒ අය කොළොඹ අපවිත්‍ර කරන්නේ නැද්ද? කොළොඹ ඉඩම් නැති නිසා, ඒ අපවිත්‍ර දේත් කොහේහරි ගෙන යායුතුය. තාමත් රන්ජට සුදුසු නළුකම පමණි. (නි)
නියමයි රන්ජන් නියමයි (නි)
ඔතනට වියන්ගොඩගේ කණ්ඩායමට එන්න දෙන්න එපා. විල්පත්තුවේ වන විනාශයක් නොවුණා කියපු කෙනා මෙතනදිත් කියයි රටේ කුණු කොතන දැම්මත් එකයි කියලා. (නි)
කුණු කොහේද මෙයත් එතන!
තුවාලේ වේදනාව දන්නේ තුවාලේ තියෙන කෙනානේ (නි)
ඒකල කියන්නේ ජනාකීර්ණ පෙදෙසක්. කොළඹට වැඩි දුරක් නැහැ. ඇයි එහෙම තැනකට කුණු දාන්නේ? (නි)
කරුණාකර පරිසර අැමතිකම රන්ජන්ට දෙන්න. අපේ ගම්පළාත් වලත් ග්රාමසේවකලා, භූ විද්‍යා නිලධාරීන් එක්ක හවුලේ බැකෝ, ට්‍රැක්ටර් අරන් වැලි හාරන, පස්කපන වැඩවලට බැහැලා (නි)
රන්ජන් නි.ඇමතිතුමාට ගරහන්න එපා. සැප වාහන ගත්තේ නැහැ. ලක්ෂයේ දීමනාව එපා කිව්වා. ජීවත්වෙන්නේ ආණ්ඩුවේ කුලී නිවසක. කුඩු මාෆියාවට විරුද්ධයි. පස් හොරුන්ට විරුද්ධයි. විල්පත්තු වන විනාශයක් ඇතිබව කිව්වා. මෙතන අදහස් දමන බොහොමයක් ගුණමකු අයයි (නි)
මරණ තර්ජන තියෙන්නෙ කාගෙන්ද? බොරු සෝබන! (නි)
මෙයාගේ බොරු සෝබන. කණගාටුවෙන් වුණත් කියන්න වෙන්නේ ඇඟේ තරමට මොළේ නැහැ කියලා. (නි)
මෙයාගේ විගඩම් බලලා දැන්නම් හොදටෝම ඇතිවෙලා (නි)
උඩම අදහස දාලා තියෙන සුජීව මහත්තයගෙ ගෙදරට ඔය කුණු ටික ගෙනත් දැම්මොත් එතුමා විරුද්ධ වෙන එකක් නැහැ ඔය කියන හැටියට (නි)
ඔය බොරු රඟපෑම අනෙක් දේ වලට නැත්තේ ඇයි? ගිහිල්ලා ලොක්කගේ මැදුර ළඟ උපවාස නැත්තේ ඇයි? (නි)
මේක නම් 2017 වසරේ හොඳම රගපෑම. කුණු දාන්න හිතලවත් නැති වෙලාවක මෙයාගේ කට්ටියක් ගෙනවිත් බොරු රගපෑමක් කරලා වීරයා වෙන්න හදනවා (නි)