නව යොවුන් පරපුරේ ජනප්‍රිය ගායකයෙකු වන රූනි විසින් ගායනා කළ රසෝඝය ගීය අද දිනයේදී එළිදැක්වුණා. ඒ පිළිබඳව කතාබස් කරනට අපි එම ගීතයේ ගායකයා වූ රූනිව සාරවිටට සම්බන්ධ කර ගත්තා.
මම ගායනා කරපු නවතම ගීතය තමයි රසෝඝය. එය සංගීතවත් කලේ තුසිත් සිම්ප්සන්. එය රචනා කළේ ඉඳුනිල් සින්දු. එහි තනු රචනාව සඳුන් ලක්මාල්ගේ. මෙය සෙමි රොක් සංගීත ශෛලියට නිර්මිත වූ ගීතයක් සහ මෙය විප්‍රලම්භ ශෘංගාරයක් අන්තර්ගත ගීතයක්. මේ කාලේ බිහි නොවන වෙනස් ආකාරයේ ව්‍යංගාර්ථ දනවන ගීතයක්. ඉතාම අලංකාරවත් පද පෙළක් සමග තනු නිර්මාණය කොට ශ්‍රාවකයන් අතරට අද දිනයේදී මුදා හරිනවා. නිසැක වශයෙන්ම මෙය රසිකයන් වැළඳ ගන්නා ගීතයක් වනු නොඅනුමානයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd