රුපියල් ලක්ෂ 26ක් වටිනා රන් බිස්කට් හතරක් රැගෙන ඉන්දියාවේ චෙන්නායි බලා යාමට පැමිණි ඉන්දියන් ජාතිකයකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂ ලෙස්ලි ගාමිණී මහතා කියයි.
මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් විජේවීර මහතාගේ උපදෙස් මත රේගු අධිකාරී ඩී එච් ප්‍රේමරත්න මහතාගේ මෙහෙයවීමෙන් සහකාර රේගු අධිකාරීවරුන් වන අලෙක්ස් පෙරේරා, කීර්ති හේරත්, එම් මධුශංඛ, රෝහණ සමන්ත, මංජුල ප්‍රසාත් සහ ගංගානි ගුණවර්ධන මහත්ම මහත්මීහු සිදු කළහ.
රේගු පරීක්ෂණය සිදු කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ කපිල රුවන්පතිරණ මහතා සැකකරුට රුපියල් 25000ක දඩ නියම කර රන් බිස්කට් රාජසන්තක කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ රත්තරන් ලාභයිද ?මොකද හැමදාම මේ වගේ ප්‍රවෘත්ති අහන්න ලැබෙන්නේ ...?(ස)
අවුරුද්දට සංග්‍රහ කරන්න ගේන්න ඇති. අනේ පවු! (නි)
දැන් අහුවෙන තරමක් බිස්කට් රත්තරන්නේ (ස)