රොමේෂ් මධුෂංක සහ සිතුම් චතුරංග
තලෙයිමන්නාරම සිට ඉන්දියාව දක්වා ධීවර යාත‍්‍රාවකින් නීතිවිරෝධි ලෙස රුපියල් කෝටි 24 කට අධික වටිනාකමින් යුත් රන් බිස්කට් කිලෝ 24.4 රැගෙන යමින් සිටි ධීවරයින් තිදෙනකු අත්අඩංගුවට ගත් බව තලෙයිමන්නාරම නාවික හමුදා නිලධාරීහු පවසති.
ධීවර යාත‍්‍රාවක ස ඟවා ඉන්දියාව වෙත ප‍්‍රවාහනය කිරීමට සූදානම් කර තිබු මෙම රන් බිස්කට් තොගය පිළිබඳ නාවික හමුදාව වෙත ලැබුණ තොරතුරකට අනුව වැටලීම සිදු කර ඇත.
මෙරට රන් බිස්කට් මිලට වඩා වැඩි මිලකට ඉන්දියාව වෙත අලෙවි කිරීම සඳහා මෙලෙස රහසිගත අයුරින් ප‍්‍රවාහනය කරන බව නාවික හමුදාව වැඩිදුරටත් කීවේය.
මොවුන් මන්නාරම පේසාලේ ප‍්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. සැකකරුවන් හා රන් බිස්කට් තොගය වැඩිදුර විමර්ශන සඳහා යාපනය රේගු නිලධාරීන් වෙත බාරදීමට නියමිතය.
ඡායාරූප - රොමේෂ් මධුෂංක



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ධීවරයො දුප්පත් නෑ.