(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහීකවීරරත්න)
විවිධ අක්‍රමිකතා හේතුවෙන් අම්බන්තොට රිදියාගම සත්ව ගොවිපොළ 2017 හා 2018 වර්ෂවලදී රුපියල් කෝටි 17කට වැඩි පාඩුවක් ලබා ඇතැයි පොදු ව්‍යාපාර පිළබඳ කාරක සභාවේදී තොරතුරු අණාවරණය වී ඇත.
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණු අවස්ථාවේ මෙම තොරතුරු අනාවරණය වී ඇත.
ගවයන් සඳහා රුපියල් කෝටි 50කට වැඩි වටිනාකමකින් යුත් ආහාර 2017 - 2018 අතර කාලයේදී මිලදී ගැනීමේදී ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතියට පටහැනිව ක්‍රියා කිරීම සම්බන්ධයෙන් ද කාරක සභාවේ අවධානය යොමු විය.
මණ්ඩලයේ කටයුතු අවධිමත් වීම හේතුවෙන් ගැටලු රැසක් මතු ව ඇතැයි පෙන්වා දුන් සභාවේ සභාපති මහතාචාර්ය චරිත හේරත් මහතා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ කටයුතු නෛතික රාමුව තුළ නිසි මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිදු කරන්නැයි එම ආයතනයට උපදෙස් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා හොයන්න ඉස්සෙලා රටේ ඕවට දෙන්න නීති දඩුවම් තියෙනවද? මෙච්චර කාලයක් තිස්සේ හොයාගත්තු ඒවාට දිඉපු දඩුවම් මොනවද? ඕව අන්තිමට දේශපාලන වාසියට ගැලරිය පිනවන්න විතරයි. දැන් වෙලා තියෙන්නේ පාලකයෝ ආයතනත් විනාස කරලා හොයාගත්ත අයට බොරුවට පඩි ගෙවල විතරයි අන්තිමට