මාරවිල දිසා අධිකරණය අසළ පිහිටි සහකාර පොලිස් අධිකාරි කාර්යාලය ඉදිරිපිට වාහන නවතා තැබීම තහනම් යැයි පොලිසිය සවිකළ පුවරු ඉවත්කර එහි වාහන නතර කළ නීතීඥයෝ පොලිසිය අනවශ්‍ය දෙයක් කැර ඇතැයි කියති.
මාරවිල නීතීඥ සංගමයේ සභාපති ඇලෙක්ස් ප්‍රනාන්දු මහතා පවසන්නේ වාහන ගාල්කරන නොකරන තැන් තීරණය කළ යුත්තේ පළාත් පාලන ආයතනවලින් බවයි. ඒ බව දැක්වෙන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ද ඇති බව ඔහු කීයේය.
මාරවිල සහකාර පොලිස් අධිකාරී ජේ.ඒ.එස්.පියරතන මහතා පවසන්නේ පොලිසිය රථවාහන නීතිය ක්‍රියාත්මක කර ඇති බවයි. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට පොලිසිය ගරු කරන බව ද එම තීන්දුවෙන් රථවාහන පනත උල්ලංඝනය කර නැති බව ද ඔහු කියයි.
දෙපාර්ශවයම පවසන්නේ තමන් මේ සම්බන්ධයෙන් මාරවිල මහේස්ත්‍රාත්වරයා දැනුම්වත් කරන බවයි.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රථ ගාලට පොලිසියත් නීතීඥයෝත් මත දෙකක
කනිෂ්ක Friday, 22 May 2015 08:15 AM
නීතීඥ මහත්තුරුන්ටත් රටේ නීතිය පොදුයි නේද...(බ)
ලක්සිරි Friday, 22 May 2015 09:40 AM
ශ්‍රී ලංකාවේ පොලිසියයි නීතිඥ මහත්තුරුයි අතර මහා වෙනසක් නැහැ. ඔය දෙගොල්ලොම හිතාගෙන ඉන්නේ මේ අය ඉන්නේ නීතියටත් ඉහලින් කියලයි. හැබැයි ලොකු හයි ක්ලාස් වාහන වලට නිතිය ක්‍රියාත්මක කරද්දී නම්, ඔය කාකි සුට් එක ටිකක් රත් වෙනවා කියල අපි දන්නවා. (ස)
විජිත් Friday, 22 May 2015 09:50 AM
මේ මිනිසුන් හූරාකන නීති විකුණන් කන අය. අඩුගානේ නීතියට ගරු කරන පොලිසිය වාහන වලට නඩු දාන්න. (ස)
දිමුත් Friday, 22 May 2015 09:55 AM
මේ දෙගොල්ලොම රටේ නීතිය දන්නැහැ කියලයි අපිට හිතෙන්නේ. (ස)
සුසන්ත Friday, 22 May 2015 09:54 AM
මම නම් දන්න විදිහට ඊලඟ අාත්මේ අපායේ යන සෙට් එකේ ඉස්සරහින්ම ඉන්නේ මෙයාලා. (ස)