මාරවිල දිසා අධිකරණය අසළ පිහිටි සහකාර පොලිස් අධිකාරි කාර්යාලය ඉදිරිපිට වාහන නවතා තැබීම තහනම් යැයි පොලිසිය සවිකළ පුවරු ඉවත්කර එහි වාහන නතර කළ නීතීඥයෝ පොලිසිය අනවශ්‍ය දෙයක් කැර ඇතැයි කියති.
මාරවිල නීතීඥ සංගමයේ සභාපති ඇලෙක්ස් ප්‍රනාන්දු මහතා පවසන්නේ වාහන ගාල්කරන නොකරන තැන් තීරණය කළ යුත්තේ පළාත් පාලන ආයතනවලින් බවයි. ඒ බව දැක්වෙන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ද ඇති බව ඔහු කීයේය.
මාරවිල සහකාර පොලිස් අධිකාරී ජේ.ඒ.එස්.පියරතන මහතා පවසන්නේ පොලිසිය රථවාහන නීතිය ක්‍රියාත්මක කර ඇති බවයි. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට පොලිසිය ගරු කරන බව ද එම තීන්දුවෙන් රථවාහන පනත උල්ලංඝනය කර නැති බව ද ඔහු කියයි.
දෙපාර්ශවයම පවසන්නේ තමන් මේ සම්බන්ධයෙන් මාරවිල මහේස්ත්‍රාත්වරයා දැනුම්වත් කරන බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතීඥ මහත්තුරුන්ටත් රටේ නීතිය පොදුයි නේද...(බ)
ශ්රී ලංකාවේ පොලිසියයි නීතිඥ මහත්තුරුයි අතර මහා වෙනසක් නැහැ. ඔය දෙගොල්ලොම හිතාගෙන ඉන්නේ මේ අය ඉන්නේ නීතියටත් ඉහලින් කියලයි. හැබැයි ලොකු හයි ක්ලාස් වාහන වලට නිතිය ක්‍රියාත්මක කරද්දී නම්, ඔය කාකි සුට් එක ටිකක් රත් වෙනවා කියල අපි දන්නවා. (ස)
මේ මිනිසුන් හූරාකන නීති විකුණන් කන අය. අඩුගානේ නීතියට ගරු කරන පොලිසිය වාහන වලට නඩු දාන්න. (ස)
මේ දෙගොල්ලොම රටේ නීතිය දන්නැහැ කියලයි අපිට හිතෙන්නේ. (ස)
මම නම් දන්න විදිහට ඊලඟ අාත්මේ අපායේ යන සෙට් එකේ ඉස්සරහින්ම ඉන්නේ මෙයාලා. (ස)