ත්රස්තවාදය යළි හොල්මන් කරන හෙයින් පොලිසිය හා ත‍්‍රිවිධ හමුදාව නවීන අවි ආයුධවලින් සන්නද්ධ කළ යුතුව ඇතැයි ජ්‍යෙෂ්ඨ ඇමැති රත්නසිරි වික‍්‍රමනායක මහතා හොරණදී පැවැසීය. නිදහසට බාධා කරන පිරිස ලංකාවේත් එතෙරත් වේගයෙන් ක‍්‍රියාත්මක වෙනවා. ශ්‍රී ලංකාව දෙකඩ කළ යුතුයි ළඟදී එක්තරා දේශපාලන පක්ෂයක් එවැනි යෝජනාවක් සම්මත කළා. දෙමළ කතා කරන අයට වෙනම රාජ්‍යයක් ඉල්ලනවා. මේක සෙල්ලමක් නොවේ. යුද්ධය අවශ්‍ය යැයි සිතා එදා ඒ සඳහා වැය කළ මුදල් ඒ විදියෙන්ම වෙන්කළ යුතුයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකපාරටම වෙඩිල්ලක් වගේ මේ මොකක්ද පත්තු වෙන්න යන්නේ? (නි)
අපි පරිස්සම් වෙමු
ඔබතුමාගේ ගැඹුරු දුර දක්නා නුවණ අගය කරන අතර, වගකිවයුතු අය මේ පිළිබදව සළකා බලන ලෙස ඉල්ලමි. (නි)
ඇත්ත කතාව. බලන්න මේ දවස් වල කොච්චර නම් මිනිස්සු කුපිත කරවන බොරු කතා පත්තරවල, ටීවී වල යනවද කියලා. ඔහොම කරන අයට හෙණම ගහන්න ඕනෑ. හැමෝම පෙන්නන්න හදන්නේ මේ රට නිකං අපායක් වගේ කියලා. (නි)
කතාව ඇත්ත
අයියෝ සල්ලි
කාට කියන්නද
මේ වගේ ක්‍රියා වලට අපේ හොද සිංහල කියමනක් තිබෙනවා , මුහුද හත් ගවුවක් තියලා තම්බි අමුඩේ ගැහැව්වා වගේ වැඩක් කියලා මේ වගේ ක්‍රියා වලට කියනවා. (නි)
කාලෙකින් ඈත්ත වෙන්න යන කතාවක් ඈහුවමයි. ලොකු දෙයක් මෙහෙම දෙයක් ප්‍රකාශ කළ එක. මේ කතාව 200% ක් සත්‍යක්. (නි)
ත්රස්තවාදය සහමුලින්ම නැතිකළා කියලා ඔබතුමාලම නේද කිවුවේ ? (නි)
කොහොම වුණත් ඒ කතාවේ නම් ඇත්තක් තියෙනවා. (නි)
ඔබතුමා හරියටම හරි. (නි)
මොනව උනත් ඇත්ත කතාව. දැන් අපේ රටේ බොරු ප්‍රචාර, මඩ කතා, ඕප දූප වලට තියෙන්නෙ පත්තර වලටවත් නැති තැනක්. මොකක් හරි සිද්ධියක් වෙච්චි ගමන් ඒක ආන්ඩුවෙ කගේ හරි නමකට ගාවල රස කතාවක් හැදෙනවා. අපේ සමහර මෝඩ මිනිස්සුන්ටත් කවුරු මොනව කිව්වත් අර කතාව තමයි ඇත්ත කියල පිලිගන්නෙ. මට පේන්නෙ කට්ටියක් ඉන්නවා මේ රටේ ආන්ඩුව ජනතාවට එපා කරවලා ලිබියාවෙ වගේ කරන්න බලාගෙන ඉන්න . ඕවා කරලා මේ රට විනාශ කරන අයගේ පවුල් වලටත් එක්ක සාප වේවා! (දී)
අපිට මොකද අනේ
රජය යුද්ධය ජයගත්තට දෙමළ ජනතාව දිනාගත්තේ නෑ. ආයුධ වලට කරන වියදම දෙමළ ජනතාවගේ යහපත වෙනුවෙන් යොදවමු (අ)
අයියෝ සල්ලි
සෙල්ලම ලෙල්ලම වෙනවාමයි. ඒක ඇත්තක් වෙනවාමයි. (නි)
ගොඩක් කාලෙකට පස්සේ, කොහෙද මෙතුමා හිටියේ (අ)
ඔබතුමා හරි (නි)
ආරක්ෂක අංශවලට දැනට වෙන් කරන මුදල් ප්‍රමාණය ගැන මෙතුමා ටිකක් හොයල බලල කතා කරා නම් තමා වඩා හොඳ. තවත් හොඳට බලනවා නම් 2000 ඉඳල 2011 විතර කාලය පොඩ්ඩක් විග්‍රහ කරල බලන්න.
අනේ මෙතුමා? (නි)
හමුදාව ශක්තිමත් කළ යුතුයි. අපි නිරන්තර අවධානයෙන් ලෝකය දෙස බැලිය යුතුයි. (නි)
අපි දන්න විදියට නම් දැන් අපේ රටේ ත්‍රස්තවාදයක් නැහැ. අපරාධ රැල්ලක් නම් තිබෙනවා. දැන් කරන්න තියෙන්නේ ඊට පිළියම් යොදන එකයි. (නි)
මෙතුමාව සුදුසු වන්නේ ආරක්ෂක උප ඇමති කමට. එතුමාට තියෙන්නේ හොද දුරදක්නා නුවණක්. (නි)
මුදල්වලට වඩා රට ගැන සිතිය යුතුයි.වික්‍රමනායක ඇමතිතුමාගේ කථාව පිළිබදව ගැඹුරින් සිතාබැලිය යුතුයි.(අ)
අයියෝ සල්ලි කියුවලු
නරකද ඉස්සෙල්ලා රටේ දූෂකයෝ, කොමිස්කාරයෝ, නීතියට පිටින් වැඩ කරන දේශපාලකයෝ රින් තුරන් කළොත්? (ත)
අලු යට ගිනි පුපුරු ඇති බව අපටද වැටහේ. (නි)
ඒ පාර මොකක්ද
මෙතුමාගේ කතාවේ ලොකු අරුතක් කතාව පිටුපස තිබෙන බවයි මට නම් හිතෙන්නේ. අපිව වට කරලා දෙන්නද කොහෙද හදන්නේ. (නි)
ඡන්දෙ කාලෙ ලංවෙන කොට පරණ රෙකෝඩ්ම දාන්නයි යන්නෙ. (ස)
මෙතුමා ගැන හොරණ ජනතාව හොදට දන්නවා. (නි)
අපි බය නැහැ
අපිට මොකද අනේ