IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රත්නපුර - පානදුර මඟේ ගමන් ඉංගිරියෙන් නවතී

 

(ඉංගිරිය -නිමාලි කහවල)                      

කළු ගඟ පිටාර ගැලීම හේතුවෙන් ඉංගිරියට නුදුරු නම්බපාන ප්‍රදේශය මේ වනවිට දරුණු ගංවතුර අවදානමකට මුහුණ දී ඇති අතර, මේ හේතුවෙන් රත්නපුර - පානදුර ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් ඇණහිට තිබේ.           

ඒ අනුව රත්නපුර - පානදුර මාර්ගය තාවකාලිකව ඉංගිරියට නුදුරු නම්බපාන ප්‍රදේශයෙන් වසාදමා ඇති අතර, පොදු ප්‍රවාහන සේවා සියල්ල ඉංගිරියේ සිට පානදුර දක්වා පමණක් ක්‍රියාත්මකව පවතී.

ඉංගිරිය අවට පහත් බිම් රැසක්ද මේ වනවිට ජලයෙන් යටව පවතින අතර, ඒ අනුව නම්බපාන, ඌරුගල, දිවුල්පොත, ගාල්ලෙගම ආදී ප්‍රදේශ රැසක ජනතාව ගංවතුර හේතුවෙන් පීඩාවට පත්ව සිටිති.

පවතින තත්ත්වය හමුවේ ඉංගිරිය පොලිසිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හොරණ ප්‍රාදේශීය සභාව, විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඇතුළු රාජ්‍ය අංශ නිලධාරීහු ප්‍රදේශවාසීන්ද සමඟ එක්ව ජනතාවට සහන සැළසීමේ කටයුතුවල නිරතව සිටින අතර, හොරණ ප්‍රාදේශීය සභාව විසින් බෝට්ටු සේවයක්ද මේ වනවිට ක්‍රියාත්මක කර තිබේ.

 



අදහස් (1)

රත්නපුර - පානදුර මඟේ ගමන් ඉංගිරියෙන් නවතී

සදුන් Monday, 03 June 2024 04:56 PM

අපේ අනුර අයියා කිව්වේ... මේවා ස්වභාවික ආපදා නෙවෙයි. දේශපාලන වැරැදිද කොහේද කියලා. ඉතින් එයාගෙන් ඇහුවා නම් කට උල්කරලා විසඳුමක් කියයි. පේන්නැද්ද දැනටමත් ජනාධිපති වගේ ඉන්න හැටි, ඡන්ද නැතත්...

:       11       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 504 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 261 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site