නිමල කොඩිතුවක්කු
නව වසරින් අලූත් ජීවන ක්‍රමයකට මුල පුරන ලොවම සුවපත් වන දින සත වැඩසටහනේ දෙවන දිනය වූ අද (02) නිකසළ දිනයක් යන තේමාවෙන් අපද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩසටහනනක් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ වනාතමුල්ල ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් සිදුකෙරිණ.
එම වැඩ පිළිවලට අමතරව රාජ්‍ය ආයතන, විශ්ව විද්‍යාල, කාර්යාල හා එක්ව අපද්‍රව්‍ය කළමණාකරණ වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මක කල බවද උන්වහන්සේ සඳහන් කළහ.
රතනහිමියන් ඇතළු සංඝරත්නය,පරිසර වේදිනි ඔටාරා ගණවර්ධන මහත්මිය විදේශීය පිරිසක් සහ කාන්තා සමිති නියෝජිත වරියන් ඇතළු පරිසක් කසළ ඉවත් කිරීමට සහභාගි විය.
ඡායාරූප : චතුර එස් කොඩිකාර




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ මතකය නිවැරදි නම් මේ මුන් වහන්සේගේ හයවන ව්‍යාපෘතියයි.
වනාතමුල්ලේ කුණු ඔහොම ඉවත් කරන්න බෑ
රතන ස්වාමින් වහන්සේට ලොකු වුවමනාවක් තියෙනවා මේ රට හරි මාර්ගයට ගන්න ඒ වුනත් මේ රටේ මිනිස්සු අතීතයට ආවඩනවා මිසක් අනාගත පොදු යහපත වෙනුවෙන් එකතු වෙන්නේ නෑ. කරන අයව සමච්චල් කරනවා මිසක් වචනයකින්වත් උදව්වක් නැ.
මමත් වනාතේ, අපි කවුරුවත් දන්නෙවත් නැහැ. රතන හිමි උස සුද්දෙක් හොයාගෙන බෑග් එකකට කුණු ටිකක් එකතු කර පෙන්නුවේ දේශපාලන වාසි ගන්න (චන්ද). තවද, රජයේ මුදලින් ලක්ෂ 100ක් වියදම් කර සදා දුන් 'රතන සෙවන' මහා මන්දිරය තියෙන්නෙත් මේ වනාත මායිමේ; එකෙන් බැහැර කරන කුණු කසල කන්දරාව!
මෙයා සිව්රකුත් දාගෙන මොනවද බුද්දාගමට කරලා තියෙන්නේ . පාර්ලිමේන්තුවට ගිහින් දා ගෙන තියෙන කුණු ටික ගෙනියන්න ලොරි කීපයක්ම ගෙන්න වෙයි.
වැඩක් නැති නිසා මේකත් හොදයි.
රතන හාමුදුරුවෝ චන්දෙ කාලේ නම් කිවුවේ මහා ලොකු කතා. අද වෙනකම් ඒ කිවුව කතාවලින් සීයෙන් එකක්වත් ඉටු වුනේ නැහැ, කාලයෙන් හරියටම බාගයක් ගෙවුනත්. යුද්දේ කරෙත් උන්වහන්සේලා කිවුව. ඒ වුනාට මේ සේරටම එකතුවෙලාවත් , කොළඹ නගරයේ පිරිසිදු බව රැකගන්න බැරිවුනා. ඕනෙම වැඩබැරි ටාසන් කෙනෙක් , හරිනායකයෙක් පස්සේ යන කොට වැඩකාරයෝ වෙනවා. ඒ වගේම හරිනායකයෙක් නැතිවුනාම දක්ෂයොත් නිකම්ම අවලංගු කාසි වෙනවා. ෆොන්සේකා මහත්තයත් දක්ෂතා තියාගෙන යුද්ධේ පවතී කාලයේ කොළඹට වෙලා හිටියනේ මැඩම්ගේ කාලේ.
ඔය ජවනිකා නවතා හැමදාම කුණු අදින මිනිහට පොඩි පඩි වැඩි කිරීමක් ගැනවත් පාර්ලිමේන්තුවේ කතා කරනවද? මීතොටමුල්ල කුණු මාස හයෙන් ඉවත්කරනවා කිව්වට ඒක කලාද කියා හොයා බලනවද? නිසි දිගු සැලැස්මක්නැතිව රගපෑමට කාබනික, වසවිස, කතා කර ගොවියටයි,ජනතාවටයි වුනේ මොකක්ද කියා හොයා බලනවද?
පාර්ලිමේන්තුවේ කුණුත් ඉවත් කරලා එතනත් පිරිසිදු කෙරුවොත් නේද හොඳ යහපලානේ නියමුවෙක් හැටියට
රටම කුණු ගොඩක් කරේ එයාලම තමා වෙනස සැපද?