ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සෙත් පතා ආශිර්වාද පූජාවක් රාජගිරිය ගෝතමී පාරේ සදහම් සෙවන විහාරස්ථානයේ දී පැවැත්විණි.
ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ එම පිංකම සංවිධානය කළහ.
සිරිසේන මහතා ජනපති කරවීමට වෙහෙසුණු පිරිස අතර රතන හිමියෝ පෙරමුණ ගත්හ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුදත් දසනායක මැතිතුන්ගේ ප්‍රකාශය දැක්කම එතුමා මොන වගේ කෙනෙක්ද කියලා තේරෙනවා. මැතිතුමනි, ඔබ තුමා අහල ඇතිනේ අර බල්ලාගේ කාර්ය බූරුවා කරන්න ගියාම උන දේ. එ්ක තමයි මට ඔබ තුමාට කියන්න වෙන්නේ බොහොම කණගාටුයි (නදී)
ලංකාට ඕනැ නම් පන්සල් නොගිහින් ඉන්න. අනෙකුත් උදවිය යන එකේ වැරදි දකින්න එපා. (නි)
බොරු කතා නැතුව ඉන්න සුදත්.තමන්ගේ වැඩක් බලාගන්න. (නි)
අල්ලස් හා දුෂණ කොමිසම ප්‍රතිසංවිධානය කිරීම ඉක්මනින් සිදුකළොත් නේද හොඳ? (නි)
ඒක ඇත්ත. හැමදාම මෙහෙම වෙනකොට රටට වැඩක් කරන්නේ කොහොමද? (නි)
ලංකා, මොකද මේ අනෙක් කට්ටිය පන්සල් යන එක වැරදියි කියන්නේ? ඒක ඒගොල්ලන්ගේ කැමැත්තනේ. (නි)
සුදත්, මොන රටේ වුණත් ආගමට දහමට මුල්තැන දීලා වැඩකරනවා කියලා නම් දන්නවා. ඒ අතර බෞද්ධයෝ ඉහළින්ම ඉන්නවා. ගහගත් ඒවා මිනීමරාගත් ඒවා ලෝකය ඇතිවුණදා සිට නැතිවෙනතුරු තියේවි. වරද තියෙන්නේ මේ දහමේ පිහිටන්නේ නැතිඑකයි.එහෙමයි කියලා බුදුබණ අදහන අයට ඒක කරන්න එපා කියලා කියන්න ඔයාට කොහෙත්ම අයිතියක් නැහැ (නි)
ඕවා අඩුකළොත් තමයි හොඳ. සුදත් සමඟ එකඟයි මමත් (නි)
හිමියනි, ටිකක් නම්‍යශීලීව ඔය වාර්ගික ප්‍රශ්නයටත් විසඳුමක් දෙන්න උදවු කළොත් ඔබට තවත් පින්! දෙමළ මිනිස්සු කවදාවත් රට කඩාගෙන යන්නේ නැහැනේ. ඒ අයත් රටට ආදරෙයි (නි)
සාධු සාධු සාධු!!! (නි)
සුදත්, ඔබ නම් පුදුම මිනිසෙක් තමයි (නි)
මම කතෝලික භක්තිකයෙක්.මීටපෙර දැමූ ප්‍රතිචාරය එච්චර හිතන්නේ නැතුව දැම්මේ. බෞද්ධ මිතුරන්ගේ හිත රිදුනා නම් සමාවෙන්න (නි)
සර්ව අසුභවාදීව සිතන්න එපා මිනිසුනේ. (නි)
සුදත් රත්නායක, ඔයා ලංකාව ඇමරිකාවක් හෝ එංගලන්තයක් වෙනතුරු බලාගෙන හිටියට එහෙම වෙන්න ලංකාවේ ජීවත්වන අපිට අවශ්‍ය නැහැ. ලංකාවේ අපට අවශ්‍ය වන්නේ ආගමික ජාතික සංස්කෘතීන් සමඟ ආර්ථික දියුණුවක්. අනික ආශිර්වාද කරන්න මුදල් වැයවෙන්නේ නැහැ. (නි)
මානසික සහනයක් ඕනෙම ආගමකින් ලබාගන්න පුළුවන්. (නදී)
බෞද්ධයින් හැටියට ආගමට ගරුකිරීම හොඳ දෙයක් (නි)
සුදත් දහනායක කතෝලික භක්තිකයෙක් කියල ලියල තියෙන්නේ වෙන කෙනෙක් වෙන්න ඕනේ. කතෝලික භක්තිකයෙක් උනත් කියල තියෙන්නේ සම්පුර්ණ සත්ත්‍යක්. හිටපු ජනාදිපතිත් කලේ ඕවා කරකර මිනිසුන්ව රවට්ටලා රටේ මුදල් හොරකම් කරන එකනේ. දැන් ඒවා ඔය හොඳට පේන්නේ. අනේ මෙහෙම කාලේ නාස්තියක්. රටට කිසිම සෙතක් නෑ ඔය බොරු වැඩ වලින්. (නදී)
රතන හිමි පහුගිය කාලේ අලුත් රජයක් බිහිකිරීමට ගොඩක් මහන්සිවුණ අවංක උත්තමයෙක්. දිනුවා කියලා නිශ්ශබ්දව ඉන්නේ නැතුව උන්වහන්සේට ඉදිරියටත් සාධාරණය වෙනුවෙන්ම පෙනීසිටින්න කියලා අපි ඉල්ලනවා (නි)
තෙරුවන් කෙරෙහි අපමණ ශ්‍රද්ධාවෙන් සිත පිරිසිදුව පින්කම් කළොත්,අනිවාර්යයෙන්ම අපේ ජීවිතවලට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබෙනවාමයි.බුදුදහම උතුම් උත්තරීතර දහමකි. (නි)
ජනාධිපතිතුමනි, ජෙනරාල් සරත් ෆොන්සේකාගේ සියලු අයිතිවාසිකම් කඩිනමින් ලබාදුන්නොත් හොඳයි නේද? (නි)
රතන හාමුදුරුවෝ අසරණ ජනතාව මුදා නොගන්න අදටත් අපිට යටත්වෙලා ජීවත්වෙන්න සිද්ධවෙනවා.අසරණ අපිව නිදහස් කර ගැනීමේ ඒ පිනම ඇති අපේ හාමුදුරුවනේ. (නි)
මා මේ කියන්නට යන්නේ ප්‍රතිපත්ති හොඳ නම් පන්සල් යාම අවශ්‍ය නැතිබව කීමටයි. මගේ යහළු ජපන් ජාතික පවුලකට ලංකාවේ නිවාඩුවක් ගතකිරීමට එන ලෙස මම ඇරයුම් කළා. ඒ 2001 අගෝස්තුවේ. දින හතක සංචාරයේ දෙවැනි දිනයේ අපි දකුණට යමින් සිටියා. මහ මඟ සෑම හන්දියකම පාහේ බුදු පිළිම සහ තැන තැන පන්සල් දකින ඔවුන් ඒ ගැන මගෙන් නොයෙකුත් කරුණු විමසුවා. ලංකාවේ මිනිස්සු ආගම දහම රකින හොඳ බෞද්ධයෝ කියලා ආඩම්බරයෙන් කියන්න මට උවමනා වුණා. මගේ කතාව අහගෙන සිටි ඔවුන් මගෙන් ඇසුවා, " ඔබ කියන දේ ඇත්ත නම් දිනපතා මේතරම් බෝම්බ පිපිරෙන්නෙත් මිනීමරා ගන්නෙත් ඇයි? " කියලා. මම පිළිතුරක් නොදී ලැජ්ජාව වහගන්න සිනාසුනා. (නි)
විශාලා මහනුවර තුන්බිය දුරුකිරීමට සුත්‍ර ගාථා උපකාරී වුණා. මේවා පැහැදිලි කරන්න මෙතන ඉඩකඩ මදි. රටට සෙත්පැතීම ඉතා ඉහළින් අපි බෞද්ධයින් ලෙස අගය කරමු. (නි)
ජනපතිතුමනි, අපි ඔබගෙන් බලාපොරොත්තුවන්නේ නිදහසේ ජීවත්වීමට අවකාශ ලබාගැනීමයි (නි)
අපි බුද්ධාගමේ අය විදිහට අයැදීම නොකළත් අමනුෂ්‍ය ආදී බලපෑම් පිළිබඳව විශ්වාස කරනවා. සෙත් පැතීමෙන් සුත්‍ර පිටක දේශනාවෙන් මේවාට ආරක්ෂාව සැළසෙනවා. නොදන්නා දේවල් නොකියා නිකන් ආගම්වාදය අවුස්සන්නේ නැතුව ඉන්න කල්හාරි. වෙන කෙනෙක් සුදත් නමින් ලිව්වා කියලා කල්හාරි දැනගත්තේ කල්හාරියි සුදතුයි එක්කෙනෙක්ද? (නි)
කල්හාරි, කිසියම් ධර්මයකට අනුව ජීවත්වන්නාට ලැබෙන මානසික සහ කායික සහනය දැනෙන්නේ ඔහුට හෝ ඇයට පමණයි. වෙනත් මිත්‍යා විශ්වාස සමඟ ආගම සංසන්දනය කිරීම වැරදියි. ඔබ දියුණුයි යැයි සිතාගෙන ඉන්න රටවල පවා නායකයින්ට ආගමක් ධර්මයක් සහ ඒ ගැන විශ්වාසයක් තිබෙනවා. (නි)
කල්හාරි, ඒ වුණාට පසුගිය කාලයේ සමහර තැන්වල තිබුනේ ගුරුකම් , බලිතොවිල්, යාගහෝම බිලිපුජා මිසක් ආගමක් නෙමෙයිනේ. (නි)
සෙනරත් කියන දේ ඇත්ත. කල්හාරිත් විවේචනය කර කර ඉන්නේ නැතුව බණක් අහලා භාවනාවක් වඩලා බලන්න හිතට එන සැනසීම. බුද්ධාගම ඕනෑ කෙනෙකුට අත්දැකීමෙන් ප්‍රත්‍යක්ෂ කරගත හැකි ආගමක්. පිටින් ඉඳගෙන ගුණදොස් කියන්නේ නැතුව අත්දැකීමෙන් අවබෝධ කරගන්න (නි)
පාලකයා දැහැමි වියයුතුය. එය එළිපිටම පෙන්විය යුතුය. ආගමික නායකයන් දැකීම, සාකච්ඡා කිරීම මංගල කරුණකි. එය කාලය අපතේ හැරීමක් නොවේ. (නි)
කල්හාරි ආමිස පුජාව අපිතුල භක්තිය වැඩිකරනවා. ඒ ශාද්ධව භක්තිය අපිව කෙමෙන් කෙමෙන් ප්‍රතිපත්ති පුජාව ජනිත කරවනවා. ආමිස පුජාවත් ගොඩාක් උතුම් දෙයක්. ප්‍රතිපත්ති පුජාව ඊටත් වඩා උතුම්.(නදී)
ලංකා, ඔයාට සුළු දැනීමක් වත් තිබුනේ නැද්ද ජපනාට පැහැදිලි කිරීමට රටක් දෙකඩ කිරීමට දරන උත්සාහයත්- ආගමත් අතර වෙනස. මට හිතෙනවා ඔබ ජපන් ජාතිකයත් සමග කතා කලේ සිංහල භාෂාවෙන්ද කියලා (නදී)
ඔය සෙත් පතන හැටියට ශ්‍රී ලංකාව සුකිත මුදිත, කිසිම කරදරයක් නැති රටක් වෙන්න ඕනනේ. දැන් බලන්න අලුත් ඇමති වරු ඔක්කොම නැකතට වැඩ බාරගන්නේ හාමුදුරුවරු වඩම්මලා පිරිත් කියල නුල් බැඳලා. ඊට පස්සේ යනවා නුවර ලොකු හාමුදුරුවරු හම්බවෙන්න. ඊළඟට යනවා කතෝලික පියතුමන් හමුවෙන්න. මහජනයාට වැඩ කරන්න මේ අයට වෙලාවක් නැහැ . ජේ ආර් සහ චන්ද්රිකා ඔහොමම කාලෙ නාස්තිකලේ නැහැ මම දන්නා හැටියට ඒ අයගේ වෙන අඩුපාඩු තිබුනත් (නදී)
රතන හාමුදුරුවන්ගේ උත්සාහයට අපි සදා ණය ගැතියි. ඔබ වහන්සේගේ ධෛර්ය නිසා තමයි මේ වෙනස ඇති උනේ.තෙරුවන් සරණයි. (ස)
සුමුදු, හිටපු පාලකයා කොච්චර තරම් ආගමික නායකයන් හමුවුනාද? හැබැයි ඔහු දැහැමි නායකයෙක් වුනාද? ඔහු අහිංසක මිනිසුන්ව රවට්ටුවේ එමගින්. අරලියගහ මන්දිරයේ හාමුදුරුවරු දහස් ගණන් ගෙන්වාගෙන ගෙනගිය දැහැමි පාලනය මොකටද? සිරිමහ බෝධියේ හරහට තිබෙන අතු වල ඔලුව ගහගෙන පෙන්නුවේ ඔහුගේ දැහැමි කමද? කෙනෙකුට දැහැමි වෙන්න ආගමික නායකයන් අවශ්‍යමද? දේශපාලකයින්ට නම් අවශ්‍ය ඇති ඔවුන් සැම හොරු නිසා. (හේ)
සෙත් පැතීම හදවත මුල්වී කරන දෙයක්. එය සැබෑ මනුෂ්‍යයන්ට සංවේදී වගේම අර්ථවත් භාවය හොඳින් වැටහෙනවා. මොලය සහ ජවය පණක් දේශපාලනයට මදි. මනුෂ්‍යත්වය ඉහලින්ම සහ මුලින්ම තිබිය යුතු වෙනවා. සුදත් මහත්මයා වගේ හිතන අයට මෙවැනි දෑ වැටහේවා කියලා ප්‍රර්ථනා කරනවා.(හේ)
ජනාධිපතිතුමා දිව්රුම් දෙනවා දැක්කා. ජනතාව අමතනවා දැක්කා. ඊට පස්සේ හැමදාමත් දකින්නේ පන්සල් යනවා. පන්සල් යන්න ඕන ආශීර්වාද ගන්න ඕන එත් දින 100ම කරන්නේ මේවද?? මම නම් ඡන්දේ දුන්නේ මීට වඩා වෙනසක් බලාපොරොත්තුවෙන්.(හේ)
සමන් සහ පිටබැද්දර ජයා සුමනදාස මහත්තයටම හරියන දෙන්නෙක් (නි)
ඔය සෙත් පැතීම් අවශ්‍ය නැහැ. කරන දෙය හිතට එකඟව හරියට කළා නම් හොඳටම ඇති. ඇමෙරිකාව යුරෝපය දියුණු උනේ සෙත් ශාන්ති නිසා ද? මේවා සල්ලි නාස්ති කරන බොරු වැඩ. අපි වගේ පන්සල් යන මිනිස්සු ඉන්න රටක් කොහෙවත් නැහැ. එ්ත් හැමදාම වෙන දේවල් දැක්කම හිතෙන්නේ බුදු සරණවත් මේ රටට නැද්ද කියලා. අද මන්ත්‍රීවරයෙකුට පහර දෙන දර්ශන අන්තර්ජාලයෙන් දක්කා. (නදී)
ඔබට තෙරුවන් සරණයි.(හේ)
රතන හාමුදුරුවන්ට මේ කරපු පිනම ඇති. (නි)
රට නිදහස් කරගත්තා කියන පිනම ඇති අපේ හාමුදුරුවනේ. (නි)
මේ අර පසුගිය රජයෙන් රතන හිමිට තෑගි දුන්න ඉඩමේ හමුදා භටයෝ දාල හදාපු පන්සල නේද? ඉතින් මේ ඉඩම ආණ්ඩුවෙන් රතන හිමිට දෙන්න පදනම කුමක්දද?(දිල්)
අපෙනුත් සුබ පැතුම්! (නි)
පාලකයා දැහැමි විය යුතුයැයි කිසිවෙකු කියා නැත. පාලකයා මහජන හිතවාදී වියයුතුය. ඔහුගේ දැහැමිකම පෙනෙන්නේ එවිටය. (නි)
ලංකා, පන්සල් යන්න අකමැති නම් ඒක ඔයාගේ වැඩක්. නමුත් අනෙක් උදවිය එහෙම වෙන්න ඕනෑ නැහැනේ. (නි)
ලංකා, ඔයා ගැන දුකයි. ඔයාට ඕකට දෙන්න උත්තරයක් නැති වුණාට හැමෝම දන්නවා බෝම්බ පිපිරුනේ ත්‍රස්තවාදය නිසා කියලා. ඕක කියන්න තරම් ශක්තියක් හෝ නුවණක් නැතිවීම ගැන ඔයා දුක්වෙන්න ඕනෑ. (නි)
ජනතාවටත් සෙත්පතමු (නි)
ඔබතුමා යන එන වේලාවන් වලදී මාර්ග වල ජනතාවට අපහසුවක් නොවන ආකාරයට පාර නොවසා යන්න (නි)
චන්න කියන කතාව සම්පුර්ණ ඇත්ත (නි)