ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග තීරණය කිරීමට   ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ. එම තීරණය ගෙන ඇත්තේ හෙළ උරුමයේ මධ්‍යම කාරක සභාව අද රැස්වී සාකච්ඡා කිරීමෙන් අනතුරුවය.

ජාතික හෙළ උරුමයේ සම සභාපති හැඩිගල්ලේ විමලසාර හිමියෝ එම කමිටුවේ සභාපති ලෙස කටයුතු කරති.  නීතීඥ සී එම් ජයරත්න සහ නීතීඥ ඩියුඩර් වීරසිංහ මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති.