පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ට එරෙහිව විනය පියවර ගන්නවාද නැද්ද යන්න ගැන සාකච්ඡා කිරීමට හෙළ උරුමයේ මධ්‍යම කාරක සභාව සිකුරාදා (17) රැස්වෙන බව එහි සම සභාපති හැඩිගල්ලේ විමලසාරහිමියෝ කීහ.
රතන හිමියන්ගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ද එදිනට තීරණයක් ගන්නා බව ද ඒ හිමියෝ පැවසූය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනය පියවර ගන්න එපා. අපට රතන හිමියන් පමණි ඉන්නේ වසවිස නැති සහල් පිටරටින් ගෙන්වා දෙන්න. අපි බලාගෙන ඉන්නවා රතන හිමියන්ගෙන් පිළිතුරක්. (නි)
රතන හාමුදුරුවෝ ගැන බුදුහාමුදුරුවන්ගෙ කාලෙත් කිව්වා. ඒකනේ රතනං පනීතන් කියන්නේ. (නි)
ඔබ වහන්සේ ආරම්භ කළ ව්‍යාපෘති (හතර/පහ) වල ලාභාංශ ගිණුම් ඉදිරිපත් කරන්න පුළුවන්ද? (නි)
ඕකට ඔච්චර කලබල වෙන්න ඕනෑ නැහැ. රතන හිමි අයින් කිරීම නොවෙයි තියෙන්නේ, ලාභ ප්‍රයෝජන නොතකා ඒ හිමියන් ගිය මඟම අනෙක් අයත් ගියොත්, නූතනයේ එය නිවනට මඟක් වෙන්න පුළුවන්. (නි)
වර්තමාන රජය බලයට ගෙන්න රතන හාමුදුරු විශාල කැපවීමක් කලා. ඒ වගේම රජය යන විදිය දිහා බලනකොට රතන හාමුදුරුවෝ පමණක් නොවේ ඡන්ද දීපු කාටත් සතුටු නැහැ. රජය ගැන රතන හමිගේ විවේචනය සහ ස්වාධීනව කටයුතු කිරීම ගැන උන්වහනේගේ තීන්දුවද සාධාරණයි. (බ)
පහුගිය කාලේ අලි කෙස් එකකුත් ගියා. හැබැයි හාමුදුරුවෝ යහපාලනෙට හේත්තු වුණාම අලියාත් අලි පක්ෂෙට ගියාද කොහෙද කේස් නැතිවුණා. දැන් දෙව්රම් වෙහෙරේ හිමිත් නැහැ අලියත් නැහැ. (නි)
හෙළ උරුමය හෙළ කරුමය බවට පත්වීම ගැන නම් මුල් අවදියේ හෙළ උරුමයට ඡන්දය දුන් ජනතාවගෙන් වැඩිම කොටසක් විනය තීරණ ගෙන අවසානය. (නි)
කර්තිනි හරි. බුදුන්වහන්සේ ඒ කාලේ දේශනා කළෙත් මේ වගේ උන්නාන්සේලා ගැන දැනගෙන වියයුතුයි! (නි)
රතන හිමි ජාතික වීරයෙක්. (නි)
හෙළ උරුමය 2005 දී ඇවිල්ලා රටට වැඩක් කළා. එ්ත් පසුගිය මැතිවරණයේදී මේ ආණ්ඩුවට උදවු කළේ රටට වෙන අයහපත නොදැනද? මහා බැංකු හොරකම ගැන මොනවද කළේ? රණවිරුවෝ අත්අඩංගුවට ගන්නකොට ඒවාට විරුද්ධව මොනවද කළේ? දැන් රතන හාමුදුරුවෝ වසවිස නැති, කොම්පෝස්ට් පොහොර දමලා හදන සහලින් රට ස්වයංපෝෂිත කරලා ඉවරනේද? ඡන්දෙදි කිවුවෙ නම් යුද්ධ කාලේ රාජපක්ෂලා නෙමෙයි, උන්වහන්සේ කියලා, එහෙම දෙයක් පුළුවන්කම තිබුනානම් දැන් මොකද ස්වාධීන වෙලා අපි ඕවට නැහැ" කියන්න වගේ අැඟ බේරගන්න හදන්නේ (නි)
හාමුදුරුවන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීකම අකැපයි. (නි)
හෙළ උරුමය කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ පුරුකක් වගේ නිසා හාමුදුරුවොත් ඒකට එකතුවෙන්ට ඇති (නි)
දේශපාලනය කියන්නේ කෝටියක් සංවර ශීලයෙන් එකක්ද හාමුදුරුවනේ? (නි)
මේ ටික දවසටත් උන්වහන්සේට ඔය කරගෙන යන කාර්යයන් නිදහසේ කරගෙන යන්න දෙන එක තමා හොඳම දේ. අනෙක් අය වගේ නොවෙයි උන්වහන්සේ කාටහරි සේවයක් කළානේ. (නි)
ඔක්කොම එකයි. හැමෝම පාවාදෙන්නෝ. (නි)
දුස්ශීල මහණුන්ගෙන් අපේ සසුන රැකගන්න බලමු (නි)
ඇත්තම කියනවා නම්, හෙළ උරුමයේ සියලු දෙනා (වහන්සේලා) පිළිබඳව ඉහල පෙළේ පරීක්ෂණයක් පවත්වා, සම්බුදු සසුනට කළ අපහාසය පිළිබඳවත්, ඔය දේශපාලන මඩගොහොරුවට නොබැස සිටි අහිංසක සංඝයා වහන්සේලාට කළ අවමානය පිළිබඳවත් විශේෂ පරීක්ෂණයක් පවත්වා ධර්මානුකුලව දඬුවමක් දිය යුතුයි. (නි)
ගරු රතන හාමුදුරුවනේ, මැති ඇමතිවරු එහෙට මෙහෙට පනින්නේ කුමක් හෝ වාසියක් බලාපොරොත්තුවෙන්. එ්ත් ඔබ වහන්සේ..? (නි)
තවමත් මේවට අහුවෙන මෝඩ සිංහලයෝ ඉන්නකන් හොඳයි. මේ ඉවත්වුණේ කට්ටියම එකතුවෙලා තීරණය කරලා මිසක් වෙන දෙකට නොවෙයි. මෙයාලගේ බොරුවලට සිංහලය අහුවුණ බව සිංහලයට තේරුම් යාගෙන එද්දී, ඒ අපවාදෙන් බේරෙන්න එක්කෙනෙක් බොරුවට අයින් වුණා. (නි)
කාමසුඛලික්කානු යෝගයෙන් පාර්ලිමේන්තුව හරහා රහත් වෙන්න ඉන්න අයට බාධා කරන්න එපා. අනේ! බුදු හමුදුරුවෝ වැඩහිටියා නම් ..... (නි)