ආනයනික රත්තරන් මත සියයට 15ක තීරුබද්දක් පැනවීම අනවශ්‍ය ක්‍රියාමාර්ගයක් බව පාර්ලිමේන්තු රවී කරුණානායක මහතා කොළඹදී අද (20) පැවැසීය.
ආණ්ඩු වෙනස් වුවද දේශපාලකයන් පිටුපස යන නිලධාරීන් වෙනස් නොවීම නිසා මෙවැනි ආර්ථික ව්‍යාකූල තත්ත්වලට මුහුණ දීමට රටට සිදුව ඇතැයි ද හිටපු මුදල් හා විදේශ අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා කීය.
කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රීඩා සමාජ සඳහා ක්‍රීඩා උපකරණ බෙදාදීම වෙනුවෙන් තොටළඟ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ පැවැති උත්සවයක් අමතමින් පාර්ලිමේන්තු රවී කරුණානායක මහතා එම කරුණු කීවේය.
දින සියයක් ඇතුළත් රටේ ආර්ථිකය ගොඩනංවන බව බව කී හිටපු අමාත්‍යවරයා දක්ෂ නිලධාරීන් පිරිසක් හා එක්ව එම අභියෝගයට මුහුණ දෙන බව ද කීය.
උත්සව සභාව ඇමතූ රවී කරුණානායක මහතා මෙසේ ද කීය.
“මම දින 100ක් ඇතුළත රටේ ආර්ථිකය ගොඩනංවනවා. දක්ෂ නිලධාරීන් පිරිසක් සමඟ එම අභියෝගයට මුහුණ දෙනවා. ජනතාව පීඩාවට පත්කිරීමේ අනවශ්‍ය බදු පැනවීම් වලට තමා තරයේ විරෝධය පළ කරනවා. අද වනවිට ආනයනික රත්තරන් මත සියයට 15ක බද්දක් පනවලා. එම බදු පැනවීම අනවශ්‍ය දෙයක්.
ආණ්ඩු වෙනස් වුණාට, දේශපාලකයන් පිටුපස යන නිලධාරීන් වෙනස් නොවීමේ ප්‍රතිඵලයක් ලෙස මෙවැනි ආර්ථික ව්‍යාකූල තත්ත්වලට මුහුණ දීමට රටට සිදුවනවා.
අද රටේ ආර්ථිකය ගැන ජනතාව විවිධ අදහස් මතුකර තිබෙනවා. දක්ෂතා ඇති පුද්ගලයන් සඳහා නිසි තැනක් නොලැබීම නිසා, රටේ ආර්ථික අර්බුද සහ අනෙකුත් අර්බුද උත්සන්න වෙලා.
අපි කවුරුත් දන්නවා පෙරහර ගත්තහම ඒකෙ ප්‍රමුඛත්වය දෙන්නේ කරඬුව වඩම්මන හස්තියාට, ඒ හස්තියා ගමන් ගන්නෙ ඒ සඳහා විශේෂයෙන් සකස් කළ පාවඩ මතින්, ඊළඟට ඒ ඒ දේවාල වල නිලමේවරුන්, ගමන් ගන්නා අලි, ඇතුන්.අද වෙලා තියෙන්නෙ ඒකෙ අනිත් පැත්ත. කොහෙවත් ඉන්න පන්දම් කාරයෝ, අලි පැටවුන්, රබන් කාරයෝ, බොරු කකුල් කාරයෝ තමා පෙරහරේ ඉදිරියෙන් යන්නේ.
රටේ වත්මන් තත්ත්වයත් මේවගේ තමා. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් රටේ ආර්ථිකය හදන්න දැඩි පරිශ්‍රමයක් දරන මොහොතක, ඒ ගමනට බාධා කරන දෙතුන් දෙනෙක් ඉන්නවා.
ඒක අපේ නායකයන් දෙදෙනා අවබෝධ කරගෙන ඇතිබව මම හිතනවා”යැයිද රවී කරුණානායක මහතා වැඩිදුරටත් කීය. මෙම අවස්ථාවට කොළඹ මහ නගර සභාවේ එජාප මන්ත්‍රීවරු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජපක්ෂ රෙජීමයේ ණය නිසා තමයි රත්තරංවලට බදු ගහන්න වුණේ...
ඔය බද්දේ බර ජනතාවට මිස වෙළෙන්ඳන්ට නොවෙයි. කෙසේ හෝ මන්ද පෝෂණයේ පළමු තැනට රට ගැනීමටයි මේ රජය දඟලන්නේ...
තමන් ජීවත් වුණු මිලියන 165ක වටිනාකමක් ඇති ගෙදර... තම භාර්යාව මිලදී ගත්තේ කොහොමද කියලා හාන්කවිසියක් නොදන්නා මනුස්සයා කොහොමද? ලෝක වෙළඳපලේ රත්තරන් මිල ඒවාට ගහන බදු ගැන දන්නේ කොහොමද? මේ වෙලාවේ කට පියාගෙන පැත්තකට වෙලා ඉන්න. කට ඇරියොත් වෙන්නේ අර අහසින් ගිය ඉබ්බාට වුණුදේ..
දින සියයෙන් රටේ ආර්ථිකයත් එක්ක තවත් බැංකුවකුත් ගොඩ දාවි. අර කලින් දින සියයෙන් මහබැංකුව ගොඩ දැම්ම වගේ. අනේ අනිච්චං ලැජ්ජාවක් නැති හැටි...!!!
අම්මපා... පුදුම ආදරයක් කරුණාවක්නේ.... මේ උන්දැට තකහනියක්ම අප ගැන පහළ වෙලා තියෙන්නේ. දැන්මම කතිර බලුපොරයට පෙරහුරු දක්වනවා වගේ...
රවි කරුණානායක ඊළඟ මුදල් ඇමති කරණු !
මෙතුමා දවල් හීන දකිනවා... කරුණාකර හොරකම් කල මුදල් සියල්ල රජයට බාර දෙන්න. ඔබතුමා ඉන්නේ කලිසමක් නැතිවද?
එදිනෙදා ජීවිතයට අත්‍යාවශ්‍ය දේවල්වලට බදු නොගහ රත්රන්වලට බදු වැඩිකළාට කමක් නැත.
මෙයා හිතන්නේ රටේ ඔක්කොම හරක් කියලා. හොරා බබා වෙන්න හදනවා.
මටත් පුළුවන් දින 100කින් ආර්ථිකය නග්ගනවා කියල කියන්න. දින 100 කතන්දර අහල ඇතිවෙලා. ඉක්මන් කොටයි. හෙමිහිට යමු. ඔබට එකපාරක් ප්‍රධානම ඇමතිකම් දෙකක්ම දුන්නනේ. එ්ත් යන්න වුනානේ. සුපර් මෑන්ලා වෙන්න ඕනේ නැහැ. මනුස්සයෝ වැඩ කරන විදියට වැඩ කරන්න පුළුවන් වුනොත් හොඳයි.
මමත් ඔයාට ඡන්දෙ දුන්නා. ආයිත් කවදාවත් දෙන්නේ නැහැ. එජාපයට විනකළ අය අතර මෙයා ඉදිරියෙන්ම ඉන්නවා.
කව්ද ඔයාගේ දින 100ක දක්ෂ නිලධාරීන්? අර දැනටමත් රතු වරෙන්තු නිකුත් කළ අර්ජුන් මහේන්ද්‍රන්ද?
එතකොට ඒ දිනවල මෙයා පවරපු බදු අවශ්‍යම දේ වෙන්න ඇති. යූ.එන්.පීය කාපු එක්කෙනා... දැන් තොත්ත බබා වගේ හැසිරෙන්නේ....
කට වහගත්තොත් හොඳයි.
විශ්ව කර්මය තවත් බැරි රටේ රවී කොහොමද කරන්නේ?
රෝහල් ගාස්තු වලට වැට් දැම්මේ මේ මිනිහ රෙදි නැතිවද? බයිලා කියනවා. සාමාන්‍ය කෙනෙක් පුද්ගලික රෝහලකට ගියාම කීයක් බදුවලට දෙන්න ඕනෙද? මිනිස්සු ලෙඩ වුණාම අසරණ වෙනවා. මෙයාට රත්රන් ගැන දුක හිතිලා.
කරුණා නායක කම නියමෙට කරනවා. දැන් තමා හරියට කරන හැටි කියන්නේ. බොක්කේ දඩමස් නේද? දැන් ගෙවල් වෙනස් කළාද?
මෙයා කොළඹ මිනිස්සු අල්ලාගෙන ඉන්නේ. එයාගේ පොඩි මිනිස්සුන්ට කරන දානපති වැඩ තියනවා. පොඩ්ඩක් මුඩුක්කු ජනපද ඇතුළට ගිහිල්ලා කතා කළොත් දැනගන්න පුළුවන්. ඒ මිනිස්සුන්ට බැංකුවෙන් වැඩක් නෑ.
මේ කතාවලට කොහෙන් හිනා වෙන්නද කියල මන් කල්පනා කරන්නේ
දැන් ඇමති කමක් නැති නිසා මිනිසුන්ගේ පැත්තට කතා කරනවා. මේවා කිඹුල් කඳුළු. එත් මේවටත් මිනිස්සු රැවටෙනවා.
ඔබතුම මුදල් ඇමති වෙලා ඉන්න කාලේ ලෝකයේ බොහොමයක් රටවල ඉන්ධන පිරිමසන , පරිසර හිතකාමී හයිබ්‍රිඩ් මෝටර් රථවලට බදු සහන දෙනකොට ඔබතුමා ලංකාවේ ඒවාට ලක්ෂ 10 ක අලුත් අමතර බද්දක් ගැහුවා , මෙම බද්ද ගහන්න ටික දිනකට කලින් ඔබතුමාගේ හිතවත් වාහන ව්‍යාපාරිකයන් මෙම වර්ගයේ වාහන විශාල ප්‍රමාණයක් පිට රටින් ගෙන්වන්න ණයවර ලිපි විවෘර්ත කල බව රටේ ප්‍රසිද්ධ රහසකි.
මෙතුමා ගැන නොදන්නේ කවුද? ඒ කාලේ පුළුවන් තරම් ටැක්ස් ගහලා අසරණ රෝගීන්ටත් වැට් ගහලා අපිව සූරලා භාණ්ඩාගාරය පුරවන්න බැලුවා. දැන් දවස් 100න් කරන්න යන්නෙත් අපිව තවත් මොකක් හරි අලුත් ටැක්ස් එකකට යටකරන්න මිසක් පැට්රල් ළිඳක් හාරන්නැයි...
මොකක්වත් දෙයක් හරියට කරගන්න බැරි මනුස්සයෙක්. හැබැයි අගනගරයේ ඉන්න මේක නොදත් මිනිසුන්ගේ පිහිටෙන් ආයෙත් පත්වේවි.