(විනීතා එම් ගමගේ)
ආනයනික රත්තරන් සඳහා ඉකුත් 17 වැනිදා මධ්‍යම රාත‍්‍රියේ සිට සියයට 15 ක තීරු බද්දක් පනවා ඇති බැවින් රන් පවුමක මිල රුපියල් 8000 කින් පමණ ඉහළ යා හැකි යැයි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.
මෙසේ රන් මිල ඉහළ ගොස් ඇති අවස්ථාවක ව්‍යාජ රන් ආභරණ වෙළඳ පොළට පැමිණීමේ ඉහළ ප‍්‍රවණතාවක් ඇති බැවින් රන් ආභරණ මිල දී ගැනීමේ දී ප‍්‍රවේශම්වන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මහේෂ් ගම්මම්පිල මහතා ලංකාදීපයට පැවැසීය.
එබැවින් රන් ආභරණ මිල දී ගැනීමේ දී නියමිත ප්රමිතිය ඇත්දැයි සොයා බලා මිල දී ගන්නැයි පාරිභෝගිකයාගෙන් ඉල්ලා සිටින බව කී ගම්මම්පිල මහතා ඒ වෙනුවෙන් අධිකාරිය විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇතැයි ද කීය. නියමිත ප‍්‍රමිතියෙන් යුත් රන් ආභරණ සඳහා අධිකාරිය මඟින් ලබා දෙන ප‍්‍රමිති සහතික මුද්‍රාව තබා ඇති රන් ආභරණ පමණක් මිල දී ගන්නැයි පාරිභෝගික ජනතාවගෙන් අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලීමක් ද කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔව් මිනිස්සු බලන් ඉන්නේ පෝලිමේ රත්තරන් පවුම් වෙනුවට කුට්ටි පිටින් ගන්න. රත්තරන් වලට 15% බදු ගහන්න තීරණ ගන්න අය මේ රටේ ඉන්නවනේ...
එතකොට අපේ බ්‍රේස්ලට් සිහිනයට මොකද වෙන්නේ?
අනේ අමාරුවෙන් හරි මගුලක් ගන්න හිතාගෙන හිටපු අසරණයන්ට වුණු දේ... එ්ත් ඉතින් කෝටි 100ක් වියදම් කරන්න ඕනෑනේ දියවන්නා සුරපුරය හදන්න!!
ලංකාවේ රත්රන් මිල අඩුයි. අඩුම ගානෙ පවුමක් තව 20000ක් වත් වැඩි කරන්න ඕනේ..
සෝම ඔහොම කියන්නේ ඩුබායි වල ඉඳල රත්තරන් ගෙනත් මෙහෙ වැඩි ගානට විකුනන්න වෙන්න ඇති. රටේ ආර්ථිකේ ගැන හිතන්නේ නැහැ. ඔක්කොම හිතන්නේ තමන්ගේ මඩිය ගැන.