කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ කළ විශේෂ වැටලීමක දී රත්රන් හා සිගරට් සමග ශ්‍රී ලාංකිකයින් දෙදෙනකු හා චීන කතක අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපළ රේගුව කියයි.
ඉන්දියාවේ ත්‍රිචිනාපොලි වෙත ග්‍රෑම් 400ක් බර රත්රන් පටි දෙකක් රැගෙන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් දෙදෙනකු ද චීනයේ නිෂ්පාදිත සිගරට් කාටුන් 296ක් සමග මෙරටට පැමිණි චීන ජාතික කතක් ද රේගු දැලට හසුවී ඇත. රත්රන්වල වටිනාකම රුපියල් ලක්ෂ 25ක් ද සිගරට්වල වටිනාකම රුපියල් ලක්ෂ 30ක් ද පමණ වෙතැයි රේගුව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහම උපරිම බරක් නැත. අනිවාර්යෙන් රේගුවට ප්‍රකාශ කර යුතුය. ගෙනයාමට ඉඩ දෙන්නේ නැවත ගෙන ඒමේ ප්‍රකාශය මතයි. (ර)
කවුරුහරි දන්නා කෙනෙක් මට කියලා දෙනවද රටින් බැහැරව යනකොට රන් ආභරණ පැළඳගෙන යනවා නම් උපරිම බරක් තියෙනවද, රේගුවට ප්‍රකාශ කරන්න ඕනෑ කුමන ප්‍රමාණයක් තියෙනවා නම්ද ආදිය? මුදල් ප්‍රමාණ ගැන නම් බෝඩ් ගහලා තියෙනවා, මේක නම් අපි දන්නේ නැහැ. (නි)