(සුමතිපාල දීයගහගේ)
රත්ගම සිරිකඳුරවත්ත ප්‍රදේශයේ විදුලි රැහැන් අදිමින් සිටියදී විදුලිසැර වැදී සේවකයකු මිය යාම සම්බන්ධයෙන් සිටි සිව් දෙනෙක් මාර්තු 9 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අසංගා හෙට්ටිවත්ත මෙනෙවිය අද (5) නියෝග කළාය.
ලංකා විදුලිබල මණ්ඩලයේ ගෝනාපීනුවල ඩිපෝ අධිකාරි ඒ පී ඩබ්ලිව් ජයසේකර, ගාල්ල විදුලි අධිකාරී බී ජී සමන්ත කුමාර, කම්බිකරුවකු වන එල් ඒ සුසන්ත සහ අනියම් පුහුණු කම්කරුවෙකු වන එල් ඩී අසිත් ශ්‍රීනාත් යන සිව් දෙනා මෙලෙස රිමාන්ඩ් ගත කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුලි බල මණ්ඩලය මේ අයට වන්දි ගෙවිය යුතුයි.
වගකීම් පැහැර හරින නිලධාරීන්ට මේක හොඳ පාඩමක්... වසර දෙකක් පමණ විදුලි අධිකාරි පමණක් නොව ඉංජිනේරුවාද සිරගත කළ යුතුය.
දැන් ඉතින් සේවකයෝ සියයක් රීමාන්ඩ් කළත් මේ මනුස්සයගේ ජීවිතයට පණ දෙන්න පුළුවන්ද? මීට වඩා වගකීමක් ඇතුව වැඩ කළයුතුයි. මිනිස් ජීවිතයක් කියන්නේ මුදලට සමාන කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේවට නිසි දඬුවම් දිය යුතුයි.
හේතුව දන්නේ නැතුව කිසිවක් නිගමනය කරන්න බැහැ. විදුලි කම්බි අදිමින් සිටියදී විදුලිය එව්වේ කවුද? කියා බලන්න වෙනවා. විදුලි අධිකාරි එසේ නියෝග දී නැත්නම් ඔහු වගකිව යුතු නෑ.
ලංකාවේ විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් ඇතුළු බොහෝ නිලධාරීන් විවිධ වෘත්තීය සමිති ක්‍රියා මාර්ග වලින් ඉතාමත් අධික වැටුප් සාදාගෙන තිබෙන නමුත් රටේ විදුලි බල ප්රශ්නය වැස්ස වලාහක දෙවියන්ට බාරදී නිහඬව සිටියි. ගාස්තු නිතරම ඉහල යන අතර විදුලි කැපිල්ලත් ඒ වේගයෙන්ම ඉහල යන්නේනම් ඔවුන්ගේ සේවයේ තත්වය හොඳාකාරවම පැහැදිලිය. තම පඩිය මිසක් අනතුරු ස්ථාන වල සේවය කරන සේවකයන්ගේ ආරක්ෂාව ගැන සිතීමට වත් අවශ්‍යතාවක් නැත. ඒ බව මීට ඉහත සිදුවීමකම දක්නට ලැබුනා. මෙවන් යල්පැනපු යුගවල සිටින ඉංජිනේරුවන්ට ගෙවිය යුත්තේද එකලට ගැලපෙන වේතනයන්ය. දියුණු රටවල මෙන් මෙම මණ්ඩලයද පුද්ගලීකරණය කරන්න. විදෙස් ඉංජිනේරුවන් ගෙන්වා වෙනසක් කරන්න.
මේ විදුලි බලමණ්ඩලය ත් හදන්න බැරි නාස්තිකාර ඒකාධිකාරී ආයතනයක් . ඉහල සිට පහලටම දුෂණය ,අනිකුත් බොහෝ රාජ්‍ය අයතනවගේම . මෙය පුද්ගලීකරණය කල යුතුයි..මියගිය සේවක මහතා සේවය අවුරුදු ගණනක් වුවත් ,මෙතරම් අවදානම් රාජකාරියක් ඉටු කලද අස්ථිර පදනමේ තබාගෙන සිටියේ ඇයි...?