
(ඩයනා උදයංගනී)
දුර්ලභ හා ඉහළ වටිනාකමක් යුත් රත්හඳුන් ශාකය ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙළක් පරිසර අමාත්‍යාංශය මගින් ආරම්භ කර ඇත.
මේ වන විට මෙරට ඇත්තේ වැඩුණු රත් හඳුන් ශාක 37ක් පමණක් බවත්, රට පුරා තෝරගත් ස්ථානවල රත් හඳුන් පැළ 1000ක් රෝපණය කිරීමට කටයුතු යොදා ඇති බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
රත් හඳුන් ශාකය මෙරට පහසුවෙන් වගා කළ හැකි වුවත් එය දුර්ලභ ශාකයක් බවට පත් වී ඇත්තේ වගාව සඳහා අවශ්‍ය පැළ සොයා ගැනීමේ අපහසුතාව නිසා බව ද අමාත්‍යවරයා කීවේය.
දේශීය වෙදකම සඳහා අවශ්‍ය අරළු, බුළු. නෙල්ලි, රත් හඳුන්, සුදු හඳුන් පමණක් නොව කොහොඹ ඇට හා මී ඇට පවා ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන බවත් ඒ සඳහා රටේ විදේශ විනිමයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 09ක මුදලක් වාර්ෂිකව වැය කරන බවත් ඇමති අමරවීර මහතා ප්‍රකාශ කළේය.
ඖෂධීය වටිනාකමකින් හෙබි රත් හඳුන් ශාකය ප්‍රචලිත කිරීමේ වැඩ පිළිවෙළක් සකසන්නැයි දේශගුණ විපර්යාසවලට ඔරොත්තු දෙන තිරසාර ආර්ථිකයක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායට ද යෝජනා ඉදිරිපත් වී ඇතැයි සඳහන් කළේය.
මීටර් 08- 12ත් දක්වා වැඩුනු රත් හඳුන් ශාකයක මිල රුපියල් දෙකෝටියක් පමණ වන බවත්, මෙම ශාකය වියළි කළාපය තුළ හොඳින් වගා කළ හැකි බවත් ඇමතිවරයා පැවසුවේ එම අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්තරන් වුණත් වැඩක් නෑ අවශ්‍ය වුණු වෙලාවට මිල කරන්න හෝ ඉවත් කරන්න බැරි නම්... මේවා රක්ෂිත ගස් ඝනයට වැටෙනවා නම් වවලා වැඩක් නෑ. අර කළුවර ගස් වගේ.... කපන්න තහනම් අන්තිමට දැව අමතක කර ගහ මරලා ගිනිතියලා දමන්න වෙනවා...