මාස කිහිපයකට පෙර කන්නෙළිය වනාන්තරයේ දක්නට ලැබුණු රතු මළකඩ රෝගය ලෝක උරුම සිංහරාජ වනාන්තරය ඇතුළු දෙණියාය, නෙළුව හා රක්වානටත් පැතිරගොස් ඇත. ශාක පත‍්‍රවල රතු දුඹුරු හා තද තැඹිලි පැහැති පුල්ලි ඇතිකරන මෙය දිලීරයක් බව ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරිල් විජේසුන්දර කියයි.
කොළ පැහැති පත‍්‍රයේ මතුපිට රතු දුඹුරු හෝ තද තැඹිලි පැහැති පුල්ලි හටගන්නා මෙම රෝගය
තේ වගාවට ද මෙය පැතිර යතියි ප‍්‍රදේශවාසීහු පවසති. ‘‘මෙය ඕනෑම ශාක විශේෂයකට පැතිරී යාහැකියි. තේ, කුරුඳු හා බට වැනි ශාකවලත් මෙය දක්නට ලැබුණා. ශාකයේ වර්ධනයට යම් බලපෑමක් සිදුවිය හැකියි. ඒත් ශාකය මැරෙණතරම් හානිදායක නොවේ.’’ යැයි ආචාර්ය සිරිල් විජේසුන්දර පවසයි.
සෙපිලියුරස් වෛරසෙන්ස් නමින් හඳුන්වන දිලීර විශේෂයේ කි‍්‍රයාකාරීත්වයෙන් මෙම පුල්ලි හටගනී. ප‍්‍රදේශවාසීන් පවසන්නේ සෙවන ඇති ස්ථානයන්හි දක්නට ලැබෙන මෙම රෝගය හොඳින් හිරුඑළිය පතිතවන ශාකයන්හි දක්නට නොලැබෙන බවයි.



1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd