කරන්දෙණිය සිට ගාල්ල දක්වා ඉදිකරගෙන යන අධි බලැති සම්ප්‍රේෂණ මාර්ගයක ස්විච් පුවරුවක් සවි කිරීමෙන් අම්බලන්ගොඩ තිලකපුර රණවිරු ගමට අතුරු ආබාධ ඇතිවෙතිය කියමින් ගම්වැසියකු වන උපුල් ද සිල්වා පැය දෙක හමාරක් පමණ අඩි 40ක් උස කුළුනකට නැග විරෝධය පෑවේය. ගම්වැසියෝ පිරිසක්ද මීට විරෝධය පෑමට එකතු වූහ.
ප්‍රධාන ඉංජිනේරු සුනිල් පීරිස් මහතා පැවසුවේ ඔවුනට ස්විච් පුවරු එපා නම් එය සවි නොකරන බවයි. එය සවි කිරීමෙන් කිසිම හානියක් නොවන බවද ඔහු කියයි. ස්විච් පුවරුව සවි නොකිරීම නිසා දින 10කට වැඩි කාලයක් දවසේ වැඩි කාලයක් විදුලිය විසන්ධි වීමට ඉඩ ඇතැයි ඔහු කීවේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යටින් මිරිස් කුඩු ටිකක් පිච්චුවා නම් මෙයා නිකම්ම බහීවි. මේවට ප්‍රචාර දීම තමයි මේවගේ වැඩ වලට මුල. යහ පාලනය යටතේ මේවා ප්‍රචාරය තහනම් කලයුතුය (නදී)
අම්බලන්ගොඩින් මා දන්න දක්ෂ එමෙන්ම බුද්ධිමත් ඉංජිනේරුවන් සහ අනෙකුත් උගත් අයට කළ නිග්‍රහයක් (නදී)
බොරු වැඩක් ඔය.(හේ)
මෙයාව මානසික රෝග දොස්තර කෙනෙකුට පෙන්වන්න. භීතිකාවක ලක්ෂණ පෙන්නුම් කරයි. (නදී)
මොහුගේ මොලය තිබෙන්නේ වෙන තැනකද?(හේ)
මෙම උපකරණ රටේ වෙනත් තැන්වලද සවි කර තිබෙනවා. කාටවත් හානියක් නැහැ. නොදන්නා කම හා මෝඩකම නිසා තේරුමක් නැතිව විරුද්ධ වෙනවා. (නදී)
බෙල්ලේ එල්ලගෙන ඉන්න බෙරපලුවෙන් නම් හිතා ගන්න පුළුවන් විදුලිය ගැන තියන දැනීම. හොදක් කරන්න ගියාමත් කණපිට හිතනවා නම් ඔය වැඩේ අතහැර දමන්න. (නදී)
මමත් දකුණෙ ඒත් මේ වගේ මොට්ටයොත් ඉන්නවනේ (නදී)
අයියෝ මෙහෙමත් මැටි මොලයක්. නොදන්නා බව පෙන්නන්න විරෝධය පාන්න ඕන නෑ (නදී)
මේ නැගපු කෙනා අනිවාර්යෙන් හොඳ විද්‍යාංඥයෙක් වෙන්න ඕනා. (නදී)