ලක්සම්බර්ගයේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස ශ්‍රී ලංකා විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන රොඞ්නි පෙරේරා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් පත්කරනු ලැබ සිටී.
දැනට බ්‍රසල්ස් නුවර යුරෝපා සංගමයේද බෙල්ජියමේද ශ්‍රී ලංකා තානිපති රොඩ්නි පෙරේරාය.
රොඩ්නි පෙරේරා විදේශ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක් විය. නෝර්වේ, ඉතාලිය, ග‍්‍රීසිය හා මෝල්ටාව යන රටවල ශ්‍රී ලංකා තානාපති පදවි ද හෙබැවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුදුස්සාට නිසි තැන-රට නිවැරදි තැන (ම)
ජාතික ඇඳුම දේශපාලකයන් විසින් එපා කරවලා තියෙන්නෙ. ඔක්කොම කරලා ජාතික ඇඳුම ඇඳගෙන මහජනතාව වෙත පෙනී සිටිනවා. (ර)
මෙතුමා කුමන රටක තානාපති වුවත් සිදුකළ මෙහෙය ඉතා අගය කළයුතුයි. ඔහු සුදුසුකම් සහිතව තනතුරු ලැබූ කෙනෙක්. කුමන නායකත්වයක් යටතේ හෝ අවංක සේවයක් කළහැකි කෙනෙක් බව කිවයුතුයි. ඔබතුමාට අපගේ සුභ පැතුම්!!! (නි)
රටට වැඩක් කරලා තියෙන්නේ හොඳ හදවතක් තියෙන දේශපාලන පත්වීම් ලැබූ අය විතරයි. සුදුසුකම් වලින් යන අය තමන් වෙනුවෙන් විතරයි වැඩ කරන්නේ. (ර)
මගේ සුභ පැතුම් ! ඔහු හොඳ ධනපති තුමෙක් (ම)