IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


‘රටයි ජනයායි දෙකම රකිනවා‘

දුගී බවින් තොරවූ ආදායම් පරතරය අවම රටක් ගොඩනැගීමට අවශ්‍ය බවත් වැඩකරන පන්තියේ ජනතාවගේ සිත්වල සතුටක් ඇති කිරීමට ඔවුන්ට අයිතිවාසිකම් ලබාදීමට යහපත්, නිදහස් පරිසරයකින් යුත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සෑම උත්සාහයක්ම ගන්නා බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (30) කොළඹ හයිඩ් පිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැලිය අමතමින් කීවේය.

වැඩකරන ජනතාවගේ මානව හිමිකම්, මූලික අයිතිවාසිකම් සමග සියලු අයිතිවාසිකම් තහවුරු කිරීම තම අරමුණ බවද ජනපති කීවේය.

රටේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාවය සුරකින බවද කීවේය.

එම අවස්ථාවේදී එස්.බී.නාවින්න ඇමැතිවරයා විසින් මැයි දින සමරු කලාපය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පිළිගැන්වීමද සිදුවිය.

(වීඩියෝ රොමේෂ් ධනුෂ්ක සිල්වා)

RDS_5797 RDS_5899 RDS_5904 RDS_5942 RDS_5947 RDS_5982 RDS_6000 RDS_6020 RDS_6030 RDS_6063 RDS_6117 RDS_6121

ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා     

 

 

 

 

 

 



අදහස් (0)

‘රටයි ජනයායි දෙකම රකිනවා‘

සුමුදු හේවා Saturday, 02 May 2015 06:38 AM

මහින්ද මහත්තයා හැමදේම කළේ බුද්ධිමත්ව. හම්බන්තොට ඕනෑතරම් වැඩට සෙනඟ හොයාගන්න පුළුවන්. (නි)

:       0       0

ප්‍රකාශ් Friday, 01 May 2015 11:30 AM

දින 100 ය නම් ළදරුවා තවමත් නැළවෙන්නේ කාගේ අතේද කියලා අපි දන්නවා (නි)

:       0       0

මහනාම - කඳාන Friday, 01 May 2015 11:47 AM

රට ඉදිරියේ ඇති දේශීය හා ජාත්‍යන්තර කුමන්ත්‍රණ හඳුනාගෙන ජීවිත පරිත්‍යාගයෙන් දිනාගත් රට ආරක්ෂා කරගෙන, සංවර්ධන කටයුතු ඉදිරියට කරගෙන යාමට ඔබට ශක්ති හා දිරිය ලැබේවා! මේ පවතින යහපාලන සළුව ඉවත්කර , මෛත්‍රී පාලනයක් තුළින් රටට සුබ අනාගතයක් උදාකරන ලෙස ඉල්ලා සිටිමි. (නි)

:       0       0

කැටවල Friday, 01 May 2015 05:04 PM

අයියෝ! ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙච්ච දෙයක් ..! (නි)

:       0       0

වින්සන්ට් Friday, 01 May 2015 05:45 PM

හැම මැයි දින රැළියකදිම බලයේ සිටින දේශපාලකයන් කම්කරු ජනතාව වෙත දක්වන කැක්කුම ඇත්තම එකක් වුණා නම්,ලෝකයේ ඉන්න වාසනාවන්තම වැඩකරන ජනතාව ඉන්නේ ශ්‍රී ලංකාවේය. දිවංගත බණ්ඩාරනායක මැතිතුමාගෙන් පසු බිහිවූ අවංක ජනනායකයෙක් වශයෙන් ඔබතුමාව පිළිගැනීමට විශේෂයෙන් වැඩකරන ජනතාව බලාපොරොත්තුවෙන් සිටිනු ඇත. (නි)

:       0       0

තිලංකා Friday, 01 May 2015 05:48 PM

හරි සතුටුයි. කුරහන් පාට කමිසයට ජනාධිපතිතුමා කැපී පෙනෙනවා. (නි)

:       0       0

සුභාෂිණී Friday, 01 May 2015 06:51 PM

ටික දෙනයි වගෙයි නේද ඇවිල්ලා තියෙන්නේ? (නි)

:       0       0

අනිල් Friday, 01 May 2015 07:15 PM

එච්චර සෙනඟක් නම් ඇවිල්ලා නැහැ වගේ රැලියට! (නි)

:       0       0

කවින්ද Friday, 01 May 2015 08:40 PM

ජයවේවා! (නි)

:       0       0

සුගත් Saturday, 02 May 2015 01:51 AM

දින 100 න් වෙන්න තිබෙන දේවල් ගොඩක් සිද්ධවෙලා හමාරයි කියලයි මට නම් හිතෙන්නේ. (නි)

:       0       0

ගාමිණී Saturday, 02 May 2015 02:01 AM

මට නම් මෙතන ඉන්න කෙනෙක් පෙනෙනකොටත් තරහයි (නි)

:       0       0

කවින්ද Saturday, 02 May 2015 02:09 AM

ඔබතුමාට ජය සහ සතුට! (නි)

:       0       0

නිහාල් Saturday, 02 May 2015 02:12 AM

එකම හිස් ගොඩයි (බ)

:       0       0

සමන්- අලව්ව Saturday, 02 May 2015 02:47 AM

මහජනයාට දැන් දේශපාලනය එපාවෙලා. මැයි දිනය නිසා පෙළපාලි ගිහින් මෙතෙක් කාලයක් වෙච්ච සෙතක් නැති බව මිනිස්සු සිතනවා ඇති. වේදිකාවල ඉන්නේ වැඩකරන පන්තිය නියෝජනය කරන නායකයෝ නොවෙයිනේ. වැඩකරන ජනතාවගේ ජයග්‍රහණ ගැන හෝ ඉදිරි කටයුතු ගැන යෝජනා හෝ සාකච්ඡාවක් මේ රැලිවලින් කියවෙනවද? දෙපැත්තේම පිරිහීගිය දේශපාලකයින්ගේ වෛරී කතා රූපවාහිනියෙන් හැමදාම ඇහෙනවා. ඒවා නැවත අහන්න කොළඹටම එන්න ඕනෑද? (නි)

:       0       0

අජිත් Saturday, 02 May 2015 03:13 AM

අද ජෝන් කෙරීත් එනවනේ.අපිට මඩු වලිගෙන් තලලත් මදි (නි)

:       0       0

දුමින්ද Saturday, 02 May 2015 05:41 AM

ත්‍රස්තවාදයෙන්,බෙදුවාදයෙන් මුදවාගත් මව්බිම රැකගෙන -මිනිස්කමින් සරු කරන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site