දුගී බවින් තොරවූ ආදායම් පරතරය අවම රටක් ගොඩනැගීමට අවශ්‍ය බවත් වැඩකරන පන්තියේ ජනතාවගේ සිත්වල සතුටක් ඇති කිරීමට ඔවුන්ට අයිතිවාසිකම් ලබාදීමට යහපත්, නිදහස් පරිසරයකින් යුත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සෑම උත්සාහයක්ම ගන්නා බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (30) කොළඹ හයිඩ් පිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැලිය අමතමින් කීවේය.
වැඩකරන ජනතාවගේ මානව හිමිකම්, මූලික අයිතිවාසිකම් සමග සියලු අයිතිවාසිකම් තහවුරු කිරීම තම අරමුණ බවද ජනපති කීවේය.
රටේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාවය සුරකින බවද කීවේය.
එම අවස්ථාවේදී එස්.බී.නාවින්න ඇමැතිවරයා විසින් මැයි දින සමරු කලාපය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පිළිගැන්වීමද සිදුවිය.
(වීඩියෝ රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද මහත්තයා හැමදේම කළේ බුද්ධිමත්ව. හම්බන්තොට ඕනෑතරම් වැඩට සෙනඟ හොයාගන්න පුළුවන්. (නි)
දින 100 ය නම් ළදරුවා තවමත් නැළවෙන්නේ කාගේ අතේද කියලා අපි දන්නවා (නි)
රට ඉදිරියේ ඇති දේශීය හා ජාත්‍යන්තර කුමන්ත්‍රණ හඳුනාගෙන ජීවිත පරිත්‍යාගයෙන් දිනාගත් රට ආරක්ෂා කරගෙන, සංවර්ධන කටයුතු ඉදිරියට කරගෙන යාමට ඔබට ශක්ති හා දිරිය ලැබේවා! මේ පවතින යහපාලන සළුව ඉවත්කර , මෛත්‍රී පාලනයක් තුළින් රටට සුබ අනාගතයක් උදාකරන ලෙස ඉල්ලා සිටිමි. (නි)
අයියෝ! ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙච්ච දෙයක් ..! (නි)
හැම මැයි දින රැළියකදිම බලයේ සිටින දේශපාලකයන් කම්කරු ජනතාව වෙත දක්වන කැක්කුම ඇත්තම එකක් වුණා නම්,ලෝකයේ ඉන්න වාසනාවන්තම වැඩකරන ජනතාව ඉන්නේ ශ්‍රී ලංකාවේය. දිවංගත බණ්ඩාරනායක මැතිතුමාගෙන් පසු බිහිවූ අවංක ජනනායකයෙක් වශයෙන් ඔබතුමාව පිළිගැනීමට විශේෂයෙන් වැඩකරන ජනතාව බලාපොරොත්තුවෙන් සිටිනු ඇත. (නි)
හරි සතුටුයි. කුරහන් පාට කමිසයට ජනාධිපතිතුමා කැපී පෙනෙනවා. (නි)
ටික දෙනයි වගෙයි නේද ඇවිල්ලා තියෙන්නේ? (නි)
එච්චර සෙනඟක් නම් ඇවිල්ලා නැහැ වගේ රැලියට! (නි)
ජයවේවා! (නි)
දින 100 න් වෙන්න තිබෙන දේවල් ගොඩක් සිද්ධවෙලා හමාරයි කියලයි මට නම් හිතෙන්නේ. (නි)
මට නම් මෙතන ඉන්න කෙනෙක් පෙනෙනකොටත් තරහයි (නි)
ඔබතුමාට ජය සහ සතුට! (නි)
එකම හිස් ගොඩයි (බ)
මහජනයාට දැන් දේශපාලනය එපාවෙලා. මැයි දිනය නිසා පෙළපාලි ගිහින් මෙතෙක් කාලයක් වෙච්ච සෙතක් නැති බව මිනිස්සු සිතනවා ඇති. වේදිකාවල ඉන්නේ වැඩකරන පන්තිය නියෝජනය කරන නායකයෝ නොවෙයිනේ. වැඩකරන ජනතාවගේ ජයග්‍රහණ ගැන හෝ ඉදිරි කටයුතු ගැන යෝජනා හෝ සාකච්ඡාවක් මේ රැලිවලින් කියවෙනවද? දෙපැත්තේම පිරිහීගිය දේශපාලකයින්ගේ වෛරී කතා රූපවාහිනියෙන් හැමදාම ඇහෙනවා. ඒවා නැවත අහන්න කොළඹටම එන්න ඕනෑද? (නි)
අද ජෝන් කෙරීත් එනවනේ.අපිට මඩු වලිගෙන් තලලත් මදි (නි)
ත්‍රස්තවාදයෙන්,බෙදුවාදයෙන් මුදවාගත් මව්බිම රැකගෙන -මිනිස්කමින් සරු කරන්න (නි)