(මනෝප‍්‍රිය ගුණසේකර)
2015 වසරේදී රජයට විශාල මුදල් අවශ්‍යතාවයක් තිබු නිසා මසකට කිහිප වරක් භාන්ඩාගාර බැඳුම්කර නිකුතු කිරීමට සිදු වු බවත් ඒ වන විට මහා භාණ්ඩාගාරයත්, ශ්‍රී ලංකා මහා බැංකුවත් දැඩි මුල්‍ය අර්බුදයකට මුහුණ පා සිටි බවත් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමෙන්තුවේ අධිකාරී බුද්ධික සරත්චන්ද්‍ර මහතා අද (07) බැඳුම්කර කොමිසමට පැවසීය.
මේ වන විට එදා තිබු තත්වයටත් වඩා දැඩි අර්බුදයකට රට මුහුණ පා සිටින බවත් ඒ මහතා කොමිසම හමුවේ කියා සිටියේය.
බැඳුම්කර වෙන්දේසි වලට අදාළ ලේඛනවල අසත්‍ය සටහන් තබා තියෙනවා නේදැයි බැඳුම්කර කොමිසමේ කොමසාරිස්වරයෙකු වන ප‍්‍රසන්න ජයවර්ධන මහතා ඇසු ප‍්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ පුද්ගලික මතය නම් ,අප් රට හරිම ලෙහෙසියෙන් හදනන්න පුළුවන් රටක්. ඒ්කට උගත් අය නෙවෙයි. බුද්ධිමත් අය රට මෙහෙයවිය යුතුයි.බුද්ධිමතුන් හුගදෙනා උගතුන්ට වඩා ප්‍රායෝගිකයි.අපේ රටේ ජීවත් වෙන්න අවශ්‍ය හැම දෙයක්ම තියනවා. ඒත් ඒවා කළමනාකරණය වෙන්නේ නැහැ.කරන්න දැනෙන්නේ නැහැ. ඔන්න ඔතනයි අවුල. අපේ රටේ දිග පළල සහ වර්ග ප්‍රමාණය වගේම මේ රටට වඩාත්ම සුදුසු දේ නොදැන මේ රට කළමණාකරනය කරන්න බැහැ.
ඇත්තටම....මෙවැනි තත්වයක් ඇතිවුනේ කොහොමද.....
ඒ වුනාට දෙදහස් තිහේ අප සල්ලිවලින් ස්වයංපෝෂිත වෙනවා. අපේ අගමැතිතුමා අපට කිව්වේ එහෙමයි.
ඉතින් මහත්වරුනි ගරු මුදල් ඇමතිතුමා කියන්නේ ඔය කතාවේ සම්පූර්ණම අනිත් පැත්තනේ. එතුමා ආසියාවේ හොදම මුදල් ඇමතිලුනෙ!