(ඉන්දිකා රාමනායක)
මැණික් ව්‍යාපාරිකයන් ඇතුළු විවිධ පුද්ගලයන් රවටා රුපියල් කෝටි දෙසීයකට අධික මුදලක් වංචා කර, සංචාරක වීසා මගින් මාලදිවයිනට පලා ගොස් සැඟවී සිටි ශ්‍රී ලාංකිකයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් මාලදිවයිනට ගොස් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුට එරෙහිව රතු නිවේදන නිකුත් කර ඇති අතර, ඒ අනුව, මාලදිවයින් රාජ්‍යය ඔහු පිටුවහල් කිරීමෙන් අනතුරුව, එරටදී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.
ඔහු සතුව වටිනා මැණික් ඇති බවට පවසමින්, ඒවා ආයෝජනය කිරීම සඳහා දෙන බවට පවසමින් මැණික් ව්‍යාපාරිකයන්ගෙන් රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කිරීමට සම්බන්ධ පැමිණිලි රැසක් සැකකරුට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාසයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති බවත්, එම පැමිණිලි විමර්ශන කර සැකකරු අත්අඩංගුවට ගැනීමට සූදානම් වෙද්දී රටින් පැන ගියේය.
2025 දෙසැම්බර් මස 18
240
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රටින් වංචාකරු රැගෙන එයි