ගෝනපීනුවල බාස්වත්තේ ලස්සන ගමට ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පදිංචි බෙකී වෙස්ට් බෘක් මහත්මිය පානීය ජලය ලබාදුන්නාය. මේ ලස්සන ගම නිවාස ගොඩනගන ලද්දේ ද ඇගේ ධන පරිත්‍යාගයෙනි. සුනාමියට සහන සැළසීමට ශ්‍රී ලංකාවට පැමිණි ඇය 2005 දී බාස්වත්තේ ගෙවල් 25ක් සාදා දුන්නාය. ඒ නිවෙස්වලට විදුලිය දීමට ද ඇය විසින් ම මුදල් වැය කරමිනි.
පානීය ජලය මිනිසුන්ගේ මූළික අවශ්‍යතාවක් වුව ද ඇය නිවාස සාදා දී වසර 10ක් ගතවන තුරුම මේ නිවාස 25 ට පානීය ජලය තිබුණේ නැත. තමන්ට බීමට සුදුසු ජලය නැති බව පදිංචිකරුවෝ බෙකී මහත්මියට කී විට ජල ව්‍යාපෘතියක් සඳහා ඇය රුපියල් ලක්ෂ 22ක් පරිත්‍යාග කළාය. ජල ව්‍යාපෘතිය විවෘත කරණ විට පැමිණෙන්නේ යැයි ඇය පදිංචිකරුවන්ට පොරොන්දු වී තිබුණ ද රෝගාතුරවීම හේතුවෙන් ඇය පැමිණියේ නැත.
දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා ඉරිදා සවස පානීය ජල ව්‍යාපෘතිය විවෘත කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විමල් වීරවංශට අනුව මේවා ඇමරිකන් කුමන්ත්‍රණ. (බ)
මෙය ඉතාමත් ආදර්ශමත් සත් ක්‍රියාවක් වන අතර අප රටේ දේශීය ධනවතුන්ගේ දෑස් ඇරේවා (බ)
ඔබට ඉක්මන් සුවය පතමි (බ)
අනුන්ගේ කඩවල සිනි කිරන්න මෙයාලා හරි දක්ෂයි. මේක විවෘත කරන්න ගමේ වැඩිහිටියෙක් හෝ දරුවෙක් මුල් වුණා නම් ඇති. අවුරුදු දහයක් වතුර ටිකක් දෙන්න බැරිවුන, දේශපාලුවෝ විවෘත කිරීමට මොකටද....?(බ)
ඔබට ඉක්මන් සුවය පතමි (බ)
සමහර ලංකාවේ ඉන්න අය පිරට ඉන්න අයට බනිනවා. ද්විත්ව පුරවැසි භාවය වුනත් තව වැඩි කරන්න කියලා.රටට ආදරේ නැති අය කියලා .මමත් ඉන්නේ පිට රටක.අපි ලංකාවට කරන දේවල් කව්රුත් දන්නේ නැ.බනින්නනම් අය ඉන්නවා .ඉතින් මේ වගේ කීදෙනක් ලංකාවේ අයට උදව් කරනවද (බ)
රොෂාන් පැත්තක ඉන්න විමල් වීරවංශව මේ ප්‍රවෘත්තියට සම්බන්ධ වෙන්නෙ කොහොමද? (බ)
මේ ප්‍රසන්න කෑගහන්න එපා මේ ගමට වතුර දුන්නනම් අර දීපු ලක්ෂ 22 ගානක් ගහන්න බැරිවෙනවානේ (බ)
වෙන රටක ධනවතෙක් ලවා ව්‍යාපෘතියක් කරවාගෙන රටවත් ගමටවත් වැඩක් නොකරන දේශපාලන හාල්පාරුවෙක් මේකට ගෙන්නලා ව්‍යාපෘතිය විවෘත කළේ ඔය ගමේ ඉන්න අය කන්නේ පිදුරුයි පුන්නක්කුයිද අනේ මෙහෙම අයද අපේ රටේ රජයන් පිහිටුවන්න දේශපාලනේ කරන්නේ (බ)
සුද්දී සල්ලිත් දීල ඔක්කොම කළා..අපේ දේශපාලකයෝ අනුන්ගේ සල්ලි වලින් හදපු එක විවෘත කරන්න සුද්දිගේම සල්ලි වලින් තමන්ගේ නම දාල පලකයක් හදා ගෙන.... ඔන්න අපේ රටේ හැටි (බ)
පේනවනේ කඳ බඩ මහතට අනුන්ගේ මුදල් වලින් කරපුව විවෘත කරන්න ලජ්ජා නැද්ද ගල්ගහල හූ කියල පන්නන්න තියෙන්නේ (බ)
කෝ මේ කට්ටිය අවුරුදු දහයක් තම පලාතේ ජනතාවට වතුර නොදුන් හොරු අැමෙරිකාවේ ගෙවල් තුන හතර ගන්නොකොට ඔබතුමිය ලංකාවට කළ මේ දෙය හරිම විශිෂ්ටයි ඔබට ඉක්මන් සුවය (බ)
මේ කාන්තාවට සංසාරයේ කවදාවත් සැප සම්පත් වලින් අඩුවක් වෙන්නේ නැහැ. කෝ අර මහජන මුදලින් හදපු ගොඩනැගිල්ල විවෘත කරන්න තමන්ට ආරාධනා කළේ නැහැ කියල සාරියත් අතේ අරන් කෑගහගෙන ආපු නෝනාට මේ කාන්තාව පෙන්වන්න ඕන. (බ)
දුප්පත් පාසලක ළමයින්ට දෙන්න කියලා මම එවපු ආධාර වගයක් ඒවා ලංකාවේ බෙදා දෙන්න භාර ගත්තු එක්කෙනා ඒවා තමන්ගේ හතර වරිගය අතරේ බෙදා ගෙන . ලැජ්ජයි කියන්න. මම හිතා ගත්ත ආයෙමත් මමම ලංකාවට ඇවිත් කරන ආධාරයක් කරනවා කියල. (බ)
ඔබතුමියට ඉක්මන් සුවය පතමි.(බ)
ඒ උතුම් කාන්තාවට ඉක්මන් සුවය පාර්ථනා කරනව. ඔය දේශපාලන හාල්පාරුවෝ ගැන කතා කරන එකත් අපේ කාලය නාස්ති කිරීමක් (කේ)
කොච්චර හොඳද බලන්න (නි)
මේ උතුම් කාන්තාවට ඉක්මන් නිරෝගීසුවය ලැබේවා! මෙවැනි මිනිසුන් වසනා දේශයක මා නැවත නොයිපදේවා! (නදී)
අවරුදු 10 යනකන් මේ ගමට ජලය දෙන්න බැරි වුන පාලකයෝ මොකටද මේක ආරම්භ කරන උත්සවයට ගෙනාවේ....(බ)