(ෂේන් සෙනෙවිරත්න)
ලෝකයේ ඕනෑම රටක මහ බැංකුවල සේවය කරන විශේෂිත වූ ශ්‍රමයක් ලබා ගන්නා පුද්ගලයන් සිටින බවත් ඔවුන් රට තුළ රඳවාගෙන එම සේවාවන් ලබා ගැනීම සඳහා ඉහළ වැටුප් ලබාදෙන බව වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි .
රටක මහ බැංකුවකට විශේෂිත වූ පුද්ගලයන් නොගත්විට සිදුවන විනාශය පසුගිය කාලයේ අප අත්විඳ තිබෙන බවද සියඹලාපිටිය මහතා පවසයි .
ස්වාධීන ආයතනයක් ලෙස මහ බැංකු සේවකයන්ගේ වැටුප් තීරණය කිරීමේ බලය බැංකු පනතින්ම මහ බැංකුවට ලැබී තිබෙනවා .
එම පනත ප්‍රකාරව මහ බැංකු සේවකයන් ඔවුන්ගේ වැටුප් වැඩිකර ගැනීම සිදු කරගෙන තිබෙනව.
මහ බැංකුව වැනි මෙරට ආර්ථිකයේ තීරණාත්මක ආයතනයක විශේෂඥ දැනුම ඇති සුවිශේෂී පුද්ගලයන් සිටිය යුතු බව අමතක නොකළ යුතු බවද කීය .
මහජනතාව බදු බරෙන් පීඩා විඳිද්දී මහ බැංකුවේ පිරිස් පඩි වැඩි කර ගැනීම අසාධාරණ බව ප්‍රකාශ කරත් එහි දෙපැත්තක් තිබෙන බවත් උගත් දැනුම ඇති විශේෂිත පිරිස් රට හැර යන බවට චෝදනා එල්ල වන බැවින් එවැනි පිරිස් රට තුළ රඳවා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වී තිබෙන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම විශේෂිත පුද්ගලයින් සේවය කරලත් රට බංකොලොත් නේ.
හොර සියබලාපිටිය බයිලා කියනවා. ඔය මහ බංකුවට එකෙක් අරන් ඌ ලවා බැදුම්කර හොරකම කළා. පහුගිය කාලයේ ඒකෙ වැරදි තීරණ ගන්නකොට හිටපු කට්ටිය අතැරලා, ඊ ට පස්සේ සේවයට අපු යට විතරද පඩි වැඩි කරලා තියෙන්නේ. සාමාන්‍යපෙළ වලින් ගත්ත මහා බැංකුවේ කම්කරුවා, ප්‍රාදේශීය ලේකම් කෙනෙක්ට වැඩ වැටුපක් ගන්න එකේ තියෙන සදරණය මොකක්ද?
රට බංකලොත් වෙනකන් පුටු රත් කරකර, කට පියාගෙන හිටියාට දෙන්න ඕනෑ.. පනිෂ්මන්ට් මිස වැඩි පඩි නොවේ...
ඈ... සියඹලාපිටිය මහ බැංකුවේ වැඩ කරන සියලු දෙනාම රඳවා ගන්න ඕන අයද? මේ රටේ ලිපිකරු, කම්කරු සේවයේ යෙදෙන්න ඕනතරම් පුද්ගලයින් ඉන්නවනේ. එහෙම නම් ඇයි ඔවුන්ගේ වැඩි කළේ...?
කවුරු ආවත් කාගේ පඩි වැඩිකළත් රටේ දියුණුවක්නම් පේන්න නැති බව පෙනෙන්නේ මට විතරද...?
යන ඈයෝට යන්න දෙන්න, ගිහිල්ලා බලන්න කියන්න, මෙහෙ තියන සැප ලෝකයේ කොහෙවත් අයට නැහැ. මේක වෙද ගොල්ලන්ටත් අදාළයි..
දේශපාලකයෝ හැමදාම තමා කරපු වැරැද්ද වහගන්න හරි හරියක් නැති දේවල් කියනවා. ඒත් දැන් මිනිස්සු ඒවා පිළිගන්න තරම'.. නැතැයි සිතමි.
පියුන්ටත් එක් ලක්ෂ අසුදාහක් පමණ ගෙවනන්නේ එයාවත් ලංකාවේ රඳවා ගන්න ඕනේ නිසාද? මහ බැංකුව ස්වාදීන වෙන්න ඕනේ පරිපාලන කටයුතු මිසක් වැටුප් සම්බන්දව නොවෙයි. වැටුප් සම්බන්දව ස්වාදීන කලොත් ඉසෙල්ලාම කරන්නේ තමන්ට බෙදා ගන්න එකයි. උපයන විට බදු ගෙවීමත් බැංකුවෙන්ම කරනවද කියලා සොයා බලන්න.