
(අංජුල මහික වීරරත්න)
ASBC ආසියානු අවුරුදු 22 න් පහල බොක්සිං ශූරතාවලිය සහ යොවුන් බොක්සිං ශූරතාවලියෙහි රිදී පදක්කම් 5 ක් සහ ලෝකඩ පදක්කම් 18 ක් දිනාගත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්විය.
මෙම ජාත්‍යන්තර තරඟාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කටයුතු සූදානම් කිරීම අභියෝගයක් වූ බවත්, ඒ වෙනුවෙන් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය බොහෝ වෙහෙසුන බවත් මෙහිදී අදහස් දක්වමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අදහස් දැක්විය.
ආසියානු බොක්සිං තරඟාවලියෙන් ජයග්‍රහණය කළ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුබ පැතුම් එක් කරන අතර ඉදිරියේ දී බොක්සිං ක්‍රීඩාවෙන් ඔලිම්පික් පදක්කමක් මෙරටට ගෙන ඒමට උත්සාහවන්ත විය යුතු බව මෙහිදී ක්‍රීඩික ක්‍රීඩිකාවන් අමතා අමාත්‍යවරයා පැවසුවේ ය.
මෙම අවස්ථාවට ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, ක්‍රීඩා සංවර්ධන අධ්‍යක්ෂ ජෙනරාල් ශෙමාල් ප්‍රනාන්දු , ශ්‍රී ලංකා බොක්සිං සංගමයෙහි (BASL) සභාපති අනුරුද්ධ බණ්ඩාර, ASBC ආසියානු අවුරුදු 22 න් පහල බොක්සිං ශූරතාවලිය හා යොවුන් බොක්සිං ශූරතාවලියට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහ පුහුණුකරුවෝ සහභාගී වූහ.



2025 නොවැම්බර් මස 04
620
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2310
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1718
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රටට පදක්කම් ගෙනා ශූරයෝ ක්‍රීඩා අමාත්‍යාංශයට