ඕස්ට්‍රේලියාවේ උපත ලද ශ්‍රී ලංකික දරුවනට, ඉංග්‍රීසි භාෂාවෙන් බුදු දහමත්, ශ්‍රී ලංකාවේ සෞන්දර්ය හා වෙහෙර විහාර වන්දාන කිරීමේ ඇති වටිනාකමක්, බටහිර රටවල දැකීමට විරල ශ්‍රි ලාංකික අපේකම ගැනත් කියාදෙමින් දරුවන්ගේ නැණ පහන අවදි කිරීමේ පින්කමක් ඕස්ට්‍රේයාවේ මෙල්බර්න් නුවර කැම්බර්ෆීල්ඩ් සමාධි බෞද්ධ විහාරයේ දී පැවැත්විණි.
විහාරාධිපති හොරොව්පොතානේ සංතින්ද්‍රිය හිමියෝ පිරිස පන්සිල් පිහිටුවා අනුශාසනා කළහ. මෙම අවස්ථාවට පැලගහතැන්නේ සීලවිමල සහ ඇකිරියේ සෝමානන්ද හිමිවරු ද වැඩම කැර සිටියහ. මෙම වැඩපිළිවෙළේ සංවිධානය කරන ලද්දේ වික්ටෝරියා විශ්ව විද්‍යාලයයේ පත්මිණි සමරවික්‍රම මහත්මිය ඇතුළු විහාරස්ථ දායක දායිකා සහායෙනි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම හරි කමක් නැහැ, අපේ කම කියා දෙනවනම් (දී)
ඕක අම්මල ළමයින්ට දෙන්න ඕන දෙයක් (දී)
අනේ අපේ හාමුදුරුවනේ, රට ගිය දරුවන්ට නෙමෙයි, රටේ ඉදගෙන රට කන අපේ රටේ ඉන්න දෙශපාලුවො ටිකට රටේ උරුමය ගැන කියලා තේරුම් කරලා දෙන්න පුලුවන් නම් ඔබවහන්සේට බුදු බව අත්වෙයි. නැත්නම් අපි හැමෝටම ඉන්න ලංකාවක් නැතිවේවි. ඉස්සර ඉන්දියන් සාගරේ මුතු ඇටේ , දැන් මුලට තව 'අ' යන්නක් දාල අමුතු ඇටේ වෙලානෙ. තව ටික කාලෙකින් ඕකට තව අකුරු දෙකක් දාල කම්මුතු ඇටේ කරලා දායි. (නි)
මෙම දරුවන්ට උඩුගම් බලා පිහින්නනට පුහුණු කිරීම ඉතා හොදයි. (නි)
සිංහලයන්ට රටත් ජාතියත් අමතක වෙනවා.(නදී)
හාමුදුරුවරුන් විසින් බුදුන් වදාළ දහම නිවැරදිව ඉගෙනගත යුතුයි. (නි)
අන්න හොද වැඩක්
ඕස්ට්‍රේලියාවේ ඉන්න ගොඩක් දෙමවුපියෝ හිතාගෙන ඉන්නේ දරුවන්ට සිංහල බැහැ කියන එක ලොකු දෙයක් කියලා (නි)
ඒක හොද දෙයක්. සිංහලවත් හරියට බැහැ සමහර ළමයින්ට (දී)
බුද්ධිගේ කතාවට මමත් එකගයි (නි)
මේ වැඩසටහන ඉතාම වැදගත් (නි)
ඒක දෙමාපියන්ගේ වරද ලොකුකමට හෙදර කතාකරන්නේ ඉංග්‍රීසියෙන් (දී)
සිංහල බැරි වුණාට ගොඩක් ළමයි හොඳට සිරිත් විරිත් දන්නවා ලංකාවේ අයට වඩා.කොහොම උනත් හොඳ වැඩක්..(ස)
ඕක දෙමව්පියන්ගේ වගකීමක් (දී)
රටේ නැති විකාර උගන්වන වෙලේ ඔහොම දෙයක් කරන ඒක ගැන ඇත්තටම සතුටුයි (දී)