නැතිවී ගිය ජනමාධ්‍ය නිදහස යළි ඇතිකරන බවත් පසුගිය ආණ්ඩුව සමයේ භීෂණය නිසා රට අතහැර විදේශ ගතවූ සියලුම මාධ්‍යවේදීන්ට යළි මව්බිමට පැමිණ නිදහසේ සිය පෑන හසුරුවන ලෙසත් ආරාධනා කරන බව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා ඇල්පිටියේදී පැවසීය.
මෛත්‍රීපාල ජනපතිවරයා යටතේ යහපාලනයත් සමඟ මෙරට මාධ්‍යවේදීන්ට නිදහසේ තම කටයුතු කරගෙන යාමට හැකි බවත් නිදහසේ පෑන හැසිරවීමට මෙන්ම රජයේ ආරක්ෂක රහස් තොරතුරු හැර රටේ ඕනෑම තොරතුරක් දැන ගැනීමට නිදහස තිබෙන බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමති තුමනි, යකඩ හොරා පොලිසියට බාරදෙමුද ? (නදී)
රට පවා දුන්නු අයට, ඉක්මනින් අාරාධනා. ඉතුරු ටික පාවා දෙන්න ඉක්මනටම එන්න (නදී)
මේ අය එයි කියලා හිතන්න බෑ ආයේ රටට.(හේ)
අර දේශප්‍රිය වගේ රට පාවා දීපු අයටද? (බ)
මට මතකයි හිටපු ජනපති ආර්යාව එක්තරා සම්මුක සාකච්චාවකදී පත්තරයකට කියා තිබුනා මහින්ද තමයි පාර්ලිමේන්තුවේ ඉන්න රොයිටර් මෙන්ම පත්තර කරුවන්ගේ හිතවතා කියල.කරුමෙක මහත ඔහු බලයට පත් වුනාට පසු මේ හිතවතා ඔවුන්ට අහිතවත් වුන හැටි පුදුමයි නේද ?? බලය මිනිසාව මත් කරන ආකාරය.(බ)
මේ අයගේ වෘත්තීයත් ලේඛණ කලාවම තමයි. ඉතින් ඔය රට හැර ගිය සමහරු රට පාවා දුන්නා. සමහරු රජයේ ආරක්ෂක රහස් හොරකම් කර එය මුදල් ඉපියීමක් බවට පත් කරගත්තා. මම දන්නවා ඔවුන් කල - කී දේවල්. මමත් ඔවුන් ඉන්න ප්‍රදේශයට කිට්ටුවෙන්ම තමා පදිංචිය (නදී)
අපහැදිලියි. කොයි කාලේ රට ගිය අයද? ප්‍රේමදාසගෙද, චන්ද්‍රිකාගෙද? ජේ.වී.පී කාලෙද? මොකද අපි මැරිලා ඉපදුනේ නැහැනේ (නදී)
"මාධ්‍යවේදීන්ට නිදහසේ තම කටයුතු කරගෙන යාමට හැකි බවත් නිදහසේ පෑන හැසිරවීමට මෙන්ම රජයේ ආරක්ෂක රහස් තොරතුරු හැර රටේ ඕනෑම තොරතුරක් දැන ගැනීමට නිදහස තිබෙන බවත්ය". 2002-2004 වසරේ සිදුවුන ලංකා යුද හමුදාවේ බුද්ධි අංශය පවා දුන්නා වගේ දේවල් ද???? හොඳ හොඳ දේවල් ඉස්සරහට (බ)
සමහරුන්ට මාද්‍ය විසින් සත්‍ය හෙළිකරන විට, එම මාද්‍ය වේදීන් දේශද්‍රෝහීන් , සත්‍ය වසා බොරුව කියනා අය දේශප්‍රේමින්. මොවුන් කතා කරන්නේ මොන පැත්තෙන්ද කියා නොවැටහේ (නදී)
එක දෙයක් නම් දන්නවා. සුනන්ද දේශප්‍රිය නම් මේ රටට එන්නේ නැහැ කොහොම කිව්වත් මංගල මහත්තය ඇමති කමක් දරන තුරු. (නදී)