19 වන ව්‍යවස්ථා සංශෝධනයක් මගින් විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරිම ඇතුළු යෝජනා රැසක් අඩඅංගු කෙටුම්පතක් සාධාරණ සමාජයක් උදෙසා වන ජාතික ව්‍යාපාරය වෙනුවෙන් මාදුළුවාවේ සෝභිත හිමියෝ විසින් පසුගියදා ඵලිදැක් වුහ.
මෙම කෙටුම්පතේ අන්තර්ගතය හා ඵම යෝජනා ජයග්‍රහණයක් කරා ගෙනයන්නේ කෙසේදැයි සෝභිත හිමියෝ සමඟ ලංකාදීප ඵසෑණ සමග සාකච්ඡා කළහ.
ඵහිදී අප විසින් නගනලද ප්‍රශ්ණ කිහිපයකට සෝභිත හිමියන් මෙසේ පිලිතුරු ලබාදුන්හ.
ප්‍රශ්නය- සාධාරණ සමාජයක් උදසා වන ජාතික ව්‍යාපාරය වෙනුවෙන් ඔබ වහන්සේ රටට ඉදිරිපත්කළ නව කෙටුම්පතේ අඩංගු කරුණු ගැන පැහැදිලි කරන්න
පිළිතුර - විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිම, පවතින මනාප ඡන්ද ක්‍රමය වෙනස් කිරිම, ජනතා නියෝජිතයින් පක‍්ෂ මාරුකරන අවස්ථාවලදී ඔවුන්ගේ මන්ත්‍රීකම් අහෝසි වීම, ඇමති මණ්ඩලය 25කට සීමා කිරිම මානව අයිතිවාසිකමි නීතීය දැනට තිඛෙන තත්වයෙන් ඉදිරියට ගොස් බලාත්මක කිරිම වැනි කරුණු මෙම කෙටුමිපතේ අඩංගුයි.
ප්‍ර- හොදයි අපේ හාමුදුරුවනේ මෙම යෝජනා ජනතා ජයග්‍රහණයක් කරා ගෙනයන්නේ කෙසේද?
පි- ප්‍රථමයෙන් මෙම යෝජනා රජයට අපි ඉදිරිපත් කරනවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිම යනු මහින්ද රාජපකෂ ජනාධිපතිතුමන්ගේ මැතිවරණ පොරොන්දුවක් ඵම නිසා රට වෙනුවෙන් ගෙනා මෙම යෝජනා ඉටු කිරිම ඵතුමන්ට සුළු දෙයක්. පර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය පිලිබඳ ප්‍රශ්නයකුත් ඵතුමන්ට නැහැ .රජය මගින් මෙම යෝජනා ඉටුකරගන්න බැරිවුනොත් ලබන ජනාධිපතිවරණයේදී පොදු අපේකෂකයකු මැතිවරණයට ඉදිරිපත් කරලා ඔහුගේ ජයග්‍රහණයෙන් පසු රට වෙනුවෙන් මෙම සියලු කරුණු ඉටුකරගන්නවා.
ප්‍ර - කුමන පදනමකින්ද පොදු අපේකෂකයා තොරා ගැනිම සිදුකරන්නේ
පි - අපි සෑම දේශපාලන පක‍්ෂයක් සමගම සාකච්ඡා කරනවා ඔවුන්ට අපි කියන්නේ ජනාධිපතිවරණයේදී පමණක් ඊට ඵකතු වීලා මෙම යෝජනාවන්ට ප්‍රමුඛස්ථානය දී පොදු අපේක්ෂකයකු මැතිවරණයට ඉදිරිපත් කරන්න කියලයි අපි කියන්නේ.මහා මැතිවරණයකදි තම තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව වැඩකළාට අපිට ප්‍රශ්නයක් නැහැ. රට ගැන හිතලා මෙතැනදී ඵකතු වෙන්න කියලයි අපි ඔවුන්ගෙන් ඉල්ලන්නේ.
ප්‍ර - අපේ හාමුදුරුවනේ මෙතනදී මහජනතාව පොදු අපේකෂකයා පිලිබඳව විස්වාසයක් තබයිද? චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනියගේ පාලන සමයෙ ඇයට විපක‍්ෂය කියා සිටියේ ව්ධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ නමි තම සහයෝගය ලබාදෙන බවය. ඵහෙත් ඇය ඵය ඉටුකළේ නැහැ. 2005 වසරේදී බලයට පැමැණි වත්මන් ජනාධිපති මහින්ද රාජපකෂ මහතාද බලයට පැමිණිමේදී දුන් පොරොන්දු අතර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිමද අයත් වුණා.ඵහෙත් අද වනතුරු ඔහුට ඵය ඉටුකිරිමට නොහැකි වුණා. ඔබ වහන්සේ කියන පොදු අපේක‍්ෂකයාද බලයට පත් වුවහොත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරයි කියලා විස්වාසයක් තැබිය හැකිද? ඵය තවත් ඵක් මැතිවරණ පොරොන්දුවක් පමණක්ම වෙවීද?
පි - නැහැ මෙම මැතිවරණයට ඉදිරිපත්වන පොදු අපෙකෂකයාගේ ප්‍රධාන මැතිවරණ පොරොන්දු තමයි කෙටුමිපතේ අන්තර්ගත වී ඇත්තේ ජයග්‍රහණයෙන් පසු ඵම පොරොන්දු ඉටුනොකර වීලි ලැජ්ජාවත් නැතිව ජනතාව අතරට ඔහුට ඵන්න බැහැ. අනිවාර්යෙන්ම ඔහු ඵම පොරොන්දු ඉටුකරන්න බැදිලා ඉන්නවා.
ප්‍ර - පොරොන්දු ඉටු කරන ඉටු නොකරන දේශපාලන නායකයින් බලයට ගේන අපේ රටෙ ඡන්ද දායකයින් පිලිබදව ඔබ වහන්සේ දරණ මතය කුමක්ද ?
පි - බත් පැකට් ඵකටයි අරක්කු වීදුරුවටයි ඡන්දය දෙන මිනිස්සු තමයි වැඩිපුරම ඉන්නේ. පරිප්පු පැකටි ඵකටයි හාල් පැකට් ඵකටයි ඡන්ද දෙන කොටසකුත් ඵ් අතර ඉන්නවා.
ප්‍ර - ශ්‍රි ලාංකික සමාජයේ බොහෝ පිරිස් පක්ෂ ගැති දේශපාලනයක් අනුගමනය කරනවා. කැපුවත් තම ශරිරයෙන් පකෂයේ පාට පිටවෙන්නෙ යැයි කියන ඡන්ද දායකයින් ඉන්න රටක සාධාරණ සමාජයක් වෙනුවෙන් ගෙනා මෙම කෙටුමිපතේ අන්තර්ගතය මිනිසුන් අතරට ගෙන ගොස් ඵය ජයග්‍රහනයක් කරා මෙහෙයවීමට හැකි වේවිද?
පි- රටට ආදරය කරන මාධ්‍යයේ වගකීම තමයි මෙම යෝජනා මිනිසුන් අතරට ගෙනයෑම. ඵදාට සෑම දෙනාම මෙම කෙටුම්පත ගැන කතා කරාවී.
ප්‍ර - විදෙස්ගත ශ්‍රි ලාංකිකයින් වෙනුවෙන් ඔබ වහන්සේට කියන්න යමක් තිබෙයිද?
පි - ඔව් සෑම දෙනාගෙම සහයෝගය මේ වෙනුවෙන් ලබාදෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඵ් වගේම මෙම යෝජනා කාටවත් ද්වේශයෙන් ගෙනා ඵ්වා නොවෙයි. රට ගැන හිතලා ගෙනා යෝජනා.
විශේෂ ස්තූතිය ප්‍රවීණ ගි පද රචක රඹුකණ සිද්ධාර්ථ හිමියන්ට.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට වෙනුවෙන් අපි ඕනෑම පරිත්‍යාගයක් කරනවා (දී)
බොහොම හොද යෝජනාවක්, ඔබ වහන්සේට මේක දිනවන්න දිර්ය ලැබේවා.(නදී)
කලයුත්තේ මෙයයි. මෙම කෙටුම්පතට රට අදරය කරන සියළු දෙනාගේම පූර්ණ සහය ලබා දීම යුගයේ අවශ්‍යතාවයයි.(නදී)
ඔබ වහන්සේ කියන යෝජනා ක්‍රියාත්මක වුනොක් හොදයි. ඒත් බොරුවෙන්ම පෝෂිත වූ අපේ ශ්‍රී ලාංකික දේශපාඥයින් කිසිම විටෙක පොරොක්දු ඉෂ්ඨ කළා කියලා ඉතිහාසෙම නැහැ. බලමු සත්‍ය ප්‍රකාශ කරන දේශපාලඥයෙක් පෙරට එයිද කියලා.(නදී)
වැරැද්ද වවිධායක ජනාධිපති ක්‍රමය නොව බලය බෙදා හැරීම සිදු නොවීමයි. වවිධායක අගමැති කෙනෙක් සිටියත් තත්ත්වය එයමයි. (නදී)
ඕක කියන්න තිබුනේ එක්සත් ජාතික ආණ්ඩුව කාලේ.(නදී)
විදායක ජනාධිපති නිසාම ලබාගත්ත ජයග්‍රහන තියෙන නිසා මේ ගැන දෙපාරක් හිතන්න ඕනේ.(නදී)
අපේ හාමුදුරුවන්ගේ අදහස නියමයි, වැඩේ නොකෙරෙන එකනේ මෙතෙන තියෙන ප්‍රශ්නේ.(නදී)
රටක් හදන්න අවශ්‍ය එකමදේ තමයි නීති ගරුක වීම (දී)
අපේ හාමුදුරුවනේ ඕකට අර සේනාව නම් ගව ගන්න එපා...(නදී)
කවුරු කවුරුත් යන එනමන් නැතිවුනාම ඔය වගේ හීන දකිනව.(නදී)
වසන්ත කියපු දේ තමයි මෙතන ඇත්ත කතාව. (නි)
වසන්ත, මෝඩයෙක් වුනාට මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා.(නදී)
බොහොම හොද යෝජනාවක්, ඔබ වහන්සේට මේක දිනවන්න නායකත්වය දෙන්න. ඔබ වහන්සේට පින් සිද්ද වෙනවා.(නදී)
දැන්වත් හිතා රටට සුදුසු පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට යමු. (නි)
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිම, පවතින මනාප ඡන්ද ක්‍රමය වෙනස් කිරිම, ජනතා නියෝජිතයින් පක‍්ෂ මාරුකරන අවස්ථාවලදී ඔවුන්ගේ මන්ත්‍රීකම් අහෝසි වීම, ඇමති මණ්ඩලය 25කට සීමා කිරිම මානව අයිතිවාසිකමි නීතීය දැනට තිඛෙන තත්වයෙන් ඉදිරියට ගොස් බලාත්මක කිරිම වැනි කරුණු ඉතාම වටිනා කරුණු ... (නි)
ජනාධිපතිකම සුදුසු පුද්ගලයෙකුට ලැබුනාම රටට යහපතක් වෙනවා. (නි)
තිලක්, අනිත් කෙනෙක්ගේ අදහසකට ගරු කරන්න බැරි ඔබතුමා වගේ කට්ටිය කොහොමද රට වෙනුවෙන් කතා කරන්නේ ?(නදී)
ඔබ වහන්සේ මේ වෙනුවෙන් ඉදිරිපත් වෙලා පොදු අපේක්ෂකයා ලෙස ඡන්දයට ඉදිරිපත් වෙන්න. මුළු රටේම ගෞරවය සහ විශ්වාසය දිනාගෙන සිටින මහා සඟරුවනක් වන ඔබ වහන්සේට මුළු රටේම ඡන්ද ලබාගෙන මේ අපේ ආදරණීය මවුබිම වැටිලා තියෙන තැනින් ගොඩ ගන්න පුළුවන් බව කතෝලිකයෙක් වෙන මමත් විශ්වාස කරනවා. (නි)
නිකම් වැහි කාලෙට කල්පනා කර කර ඉන්නකොට ඔය වාගේ හීන මැවෙනවා.(නදී)
අපේ හාමුදුරුවන්ගේ අදහස නියමයි ඒත් බඩගෝස්ථර වාදීන් ඉන්නකමි අපේ රටේ මෙවා ක්‍රියාත්මක කරන්න බෑ.(නදී)
ප්‍රවේශමින් මහා යතිවරයාණෙනි. (නි)
අපේ හාමුදුරුවන්ගේ අදහස නියමයි . ඒත් බඩගෝස්ථර වාදීන් ඉන්නකමි අපේ රටේ මෙවා ක්‍රියාත්මක කරන්න බැහැ.(නදී)
ඔය සේනාවලින් අනෙකුත් ආගම් වලට කරන කෙනෙහිලිකම් නවත්තල මේක කරන්න උත්සහ ගන්නවානම් අපිත් මොන ආගමේ උනත් සහය දෙනවා.(නදී)
රට නගන නිල රැල්ල වගේ,දැන් අපිට කියන්න වෙන්නේ රට නගන කහ සිවුර කියලා. (නි)
ගරුතර ස්වාමීන්වහන්ස , ඔබවහන්සේගේ යෝජනා හුගක් හොදයි. එකට ඔය පලාත් සබාවලුත් අහෝසි කරන එකත් ඇතුලත් කලානම් හොඩක්ම හොදයි. (නදී)
ඡන්දෙට ඉදිරිපත් කරන කවුරු හෝ නිතිමය ලියවිල්ලක අත්සන් කළයුතු අතර එය නිතිමය ලියවිල්ලක් විය යුතුය. එය ඉටු නොකරන්ෙන් නම් ගත හැකි පියවරද දැක්විය යුතුය. එය මොනයම් හේතුවකින් ඉටුනනොකල සිට්ය නොහැකි අතරම එහිදී ජනතාවට ගත හැකි පියවරද දැක්විය යුතුය. (නදී)
ජනාදිපති ක්‍රමය අහෝසි කිරීම රටට සුදුසු නොවේ. අපේක්ෂකයින් කිවූ පමණින් එය කල යුතු දෙයක් නෙමෙයි. අපේ රටට ඉතාම ගැලපෙන ක්‍රමය ජනාදිපති ක්‍රමයි . මිනිසුන් බුද්ධිමත්ව චන්දය පාවිච්චි කල යුතුයි. මෙම ක්‍රමය තිබුනේ නැත්නම් තවමත් අපි කොටි කටේ.(නදී)
ලෝකයේ මුළු ශ්‍රී ලාංකිකයන්ටම විරුද්ධව කරගෙන යන බොරු ප්‍රචාර වල අතුරු ඵලය හේතුවෙන් නැවත රට තුල එල්.ටී.ටී.ඊ. එක හිස එසවීමට හැකියාව ඇති බැවින්, විධායක ජනාධිපති ක්‍රමය ඉදිරියටත් තිබිම රටේ ආරක්ෂාවට හොදයැයි මට සිතේ. (නි)
වසන්තත් ගම කනවා .(නදී)
විධායක අගමැති කෙනෙක් හදමුද?(නදී)
සමස්ත ජනග්‍රහණයෙන් 2% සැප විදිද්දී 98% ක්ම දුක් විදිනවා. මේ යන ක්‍රමයට ගියොත් අපේ දරුවන්ට ඉතිරි වෙන්නේ සෝමාලියාවක්, ඉතියෝපියාවක්, බංගලිදේශයක් වැනි දුප්පත්කමේ අන්තෙටම ගිය රටක්. (නි)
රට හදන්න අපෙන් වෙන්න ඕන යුතුකම අපි ඉෂ්ට කරනවා (දී)
වසන්ත උඹ හරි. ඇත්ත තිත්තයි (ස)
තිලකේ ඒක නම් සම්පූර්ණ ඇත්ත.(නදී)
මම ඔබ වහන්සේ සමග එකඟයි (දී)
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ පාලන බලය ගැන නම් අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. පවතින මනාප ඡන්ද ක්‍රමය වෙනස් කර, අපට බලෙන් පටවපු පළාත් සභා අහෝසි කරන්න. (නි)
අපේ හාමුදුරුවනේ කොහොම හරි කමක් නැහැ අපේ රටට හොදක් වෙනවානම් (දී)
රට අගාදයකට යන හැම අවස්ථාවකම මෙම යතිවරයාණන් ඉදිරියෙන් සිටියා. එදා ජේ.ආර්ට පවා විරුද්ධ උනා.(නදී)
ස්වාමින් වහන්සේ දරන්නේ සම්බුදු බුදු රජානන් වහන්සේගේ ධර්මයද, කොටි ඩයස්පෝරවේ වෛරයද, ඔබ වහන්සේ කලයුත්තේ මිනිසුන් නිවරදි කිරීමට අනුසාසනා කිරීමයි, වියවස්තා සම්පදනය නොවෙයි.(නදී)
අපේ රට හදන්න පුළුවන් එකම ක්‍රමය ධුෂණය නැවැත්වීමෙන් පමණි (දී)
කොටින්ගෙන් රට බෙරගත් දා පටන් ආණ්ඩුව පෙන්වන්න බෑ වගේ. කොටි ඩයස් පෝරාවට ඕනේ දේ රට ඇතුලේ ඉදම්ම කරනවා.(නදී)
අදිස්ඨානයෙන් ඉදිරියට යන්නට ඔබ වහන්සේට රටම නය ගැතියි.(නදී)
ඔබ වහන්සේගේ අදහස් ඉතා යහපත්. අපේ පූර්ණ සහයෝගය දෙනවා.(නදී)
හිමියනි ඔබ වහන්සේලා නිවරදිය. නමුත් මට පෙනෙන විදියට හරියන එකක් නම් නැහැ.(නදී)
1977 පසුව අපේ රට විනාශ වෙනවා අපේ ඇස් පනාපිටම දැක බලා ගැනීමට හැකි විය. මෙම කෘර ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල දිනයේ ආචාර්ය එන් .එම් .පෙරේරා මහතා කල දේශනය නැවත වරක් අපේ තරුණ තරුණියන් නීල් රතු කොළ කන්නාඩි ඉවත් කර ස්වාධින මනසකින් කියවා බලන්නේ නම් මැනවි. එවිට මෙම විධායක ජනාධිපති ක්‍රමය කොතරම් භයානකදයි වටහා ගත හැක . මෙය කොතෙක් දුෂ්කරතා ඉදිරියේදී ඇති වුනත් කෙසේ හෝ කල යුතු දෙයකි .පොදු අපේක්ෂකයා ලෙස දැනට දේශපාලනයේ ඉන්නා කෙනකු ඉදිරිපත් නොකරන ලෙසද ඉල්ලා සිටුමු .(නදී)
ඉතාම අගනා ලිපියක්, ස්තුතියි පලකලාට.(නදී)
රට හදන යෝජනා වලිය ඉතාමත් වටිනවා වගේම රටේ ඉතාමත් දුෂ්කර පළාත්වල පුරාණ රජමහ විහාර රකිමින් ද, දාන වේලක්වත් නොලැබ ගරාවැටෙමින් පවතින පන්සල් ටික ජනතාවගේ ආධාරයෙන් හෝ සාදා දීමේ කඩිනම් සැලැස්මක් ඉතා කඩිනමින් ආරම්භ කරන්නේනම් ඒකත් ලොකු පිනක්.(නදී)
හාමුදුවන්ගේ උත්සාහය නම් වටිනවා. නමුත් මොන දේශපාලන පක්ෂයද ඕකට කැමති වෙන්නේ.(නදී)
හාමුදුරුවනේ 19 කෙටුම්පතට අන්‍ය ආගමික හා ටී.එන්.ඒ දෙශපාලන එකතුව කෙසේද?හොද දෙයක්.(නදී)