IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


රට හතර වටේ

බද්දේගම-

ගාල්ල බද්දේගම රොටි දන්සැළක පිටිවල ගුල්ලන් සිටීම හේතුවෙන් ද කොළ කැඳ දන්සැළක ගොටුකොළ හා මුගුණුවැන්නා කොළ අතර අපද්‍රව්‍ය තිබීම හේතුවෙන් ද ඒ දන්සැල් දෙක තහනම් කළ බව බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. බද්දේගම ලියාපදිංචි දන්සැල් ගණන 95කි.

නොච්චියාගම-

පොසොන් පොහෝ දින වැඩිමිලට අළෙවි කිරීමට නොච්චියාගම කරඹෑවේ නිවසක සිවිලිමක සඟවා තිබූ අරක්කු බෝතල් 38ක් හා බීර කෑන් 38ක් අත්අඩංගුවවට ගත් බව නොච්චියාගම පොලිසිය කියයි. අරක්කු බෝතලයක් රුපියල් 4000ට හා බිර කෑන් එකක් රුපියල් 400ට අළෙවි කිරීමට සූදානම් කැර තිබිණි.

මන්නාරම-

දකුණු ඉන්දියාවේ සිට බහුදින යාත්‍රා තුනකින් තලෙයිමන්නාරම ආසන්න මුහුදට පැමිණ මසුන් මරමින් සිටින ඉන්දීය ධීවරයන් 14 දෙනකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය පවසයි. මේ ධීවරයන් සහ ඔවුන් සතුව තිබූ ධීවර ආම්පන්න මන්නාරම මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කිරීමට නියමිතය.

මිනුවන්ගොඩ-

පොසොන් පොහොය දිනයේ දී කොළඹ බෙදීමට සූදානම් කැර තිබූ රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා කසිප්පු ස්ප්‍රීතු තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු කඳාන හා මිනුවන්ගොඩ දී අත්අඩංගුවට ගත් බව සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය පවසයි.

හපුගල

ගාල්ලේ හපුගල පාන් සහ රොටි දන්සල් දෙකක් තහනම් කළ බවත් රාත්‍රී බත් දන්සලකට ගෙනවිත් තිබී ලූනු කිලෝ 40ක් හා අල කිලෝ 50ක් විනාශ කළ බවත් බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.



අදහස් (0)

රට හතර වටේ

නන්දලාල් Tuesday, 02 June 2015 08:59 PM

[ගාල්ල බද්දේගම රොටි දන්සැළක පිටිවල ගුල්ලන් සිටීම හේතුවෙන්.......] ඉතින් ඒක මේ දන්සල සංවිධානය කළ පින්වතුන්ගේ වැරැද්දක් නොවෙයිනේ. දැන් ගිහිල්ල අල්ලා ගන්න මේ කල්ඉකුත්වූ පිටි මුට්ටය අළෙවි කළ වෙළඳසැලේ හිමිකරු.අහන්න දෙයක් නැහැ, එයා ඒක හංගලා තියාගන්න ඇති දන්සැලකට පරිත්‍යාග කරලා හොඳ නමක් ගන්න. (නි)

:       0       0

සත්‍යයා Wednesday, 03 June 2015 03:58 AM

මිනිස් පාරිභෝජනයට නුසුදුසු ආහාර රැස්කරන්නන් දිවයින පුරාම විසිරී ඉන්නවා. ඒ කණ්ඩායම් වල හිතවතුන් "ශ්‍රද්ධාවන්තයින්" ලෙස පෙනී සිටිමින් අහිංසක මිනිසුන්ගෙන් මුදල් එකතු කරනවා දන්සැල් වලට කියා. ඒ මුදල් වලින් මේ කල්ඉකුත් වූ ද්‍රව්‍යය මිලදී ගත්විට ඒ ලාභය මේ පිරිස අතර බෙදාගන්නවා. පසුගිය වසර 10 තුළ ලංකාවේ දන්සැල් සංඛ්‍යාව වැඩිවීමේ රහස ගැන කවුරුවත් උනන්දු වුණේ නැහැ. මිනීමරා හෝ මුදල් උපයන්න කැපවූ රටක තක්කඩින්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය හැකිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 582 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site