බද්දේගම-
ගාල්ල බද්දේගම රොටි දන්සැළක පිටිවල ගුල්ලන් සිටීම හේතුවෙන් ද කොළ කැඳ දන්සැළක ගොටුකොළ හා මුගුණුවැන්නා කොළ අතර අපද්‍රව්‍ය තිබීම හේතුවෙන් ද ඒ දන්සැල් දෙක තහනම් කළ බව බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. බද්දේගම ලියාපදිංචි දන්සැල් ගණන 95කි.
නොච්චියාගම-
පොසොන් පොහෝ දින වැඩිමිලට අළෙවි කිරීමට නොච්චියාගම කරඹෑවේ නිවසක සිවිලිමක සඟවා තිබූ අරක්කු බෝතල් 38ක් හා බීර කෑන් 38ක් අත්අඩංගුවවට ගත් බව නොච්චියාගම පොලිසිය කියයි. අරක්කු බෝතලයක් රුපියල් 4000ට හා බිර කෑන් එකක් රුපියල් 400ට අළෙවි කිරීමට සූදානම් කැර තිබිණි.
මන්නාරම-
දකුණු ඉන්දියාවේ සිට බහුදින යාත්‍රා තුනකින් තලෙයිමන්නාරම ආසන්න මුහුදට පැමිණ මසුන් මරමින් සිටින ඉන්දීය ධීවරයන් 14 දෙනකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය පවසයි. මේ ධීවරයන් සහ ඔවුන් සතුව තිබූ ධීවර ආම්පන්න මන්නාරම මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කිරීමට නියමිතය.
මිනුවන්ගොඩ-
පොසොන් පොහොය දිනයේ දී කොළඹ බෙදීමට සූදානම් කැර තිබූ රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා කසිප්පු ස්ප්‍රීතු තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු කඳාන හා මිනුවන්ගොඩ දී අත්අඩංගුවට ගත් බව සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය පවසයි.
හපුගල
ගාල්ලේ හපුගල පාන් සහ රොටි දන්සල් දෙකක් තහනම් කළ බවත් රාත්‍රී බත් දන්සලකට ගෙනවිත් තිබී ලූනු කිලෝ 40ක් හා අල කිලෝ 50ක් විනාශ කළ බවත් බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
[ගාල්ල බද්දේගම රොටි දන්සැළක පිටිවල ගුල්ලන් සිටීම හේතුවෙන්.......] ඉතින් ඒක මේ දන්සල සංවිධානය කළ පින්වතුන්ගේ වැරැද්දක් නොවෙයිනේ. දැන් ගිහිල්ල අල්ලා ගන්න මේ කල්ඉකුත්වූ පිටි මුට්ටය අළෙවි කළ වෙළඳසැලේ හිමිකරු.අහන්න දෙයක් නැහැ, එයා ඒක හංගලා තියාගන්න ඇති දන්සැලකට පරිත්‍යාග කරලා හොඳ නමක් ගන්න. (නි)
මිනිස් පාරිභෝජනයට නුසුදුසු ආහාර රැස්කරන්නන් දිවයින පුරාම විසිරී ඉන්නවා. ඒ කණ්ඩායම් වල හිතවතුන් "ශ්‍රද්ධාවන්තයින්" ලෙස පෙනී සිටිමින් අහිංසක මිනිසුන්ගෙන් මුදල් එකතු කරනවා දන්සැල් වලට කියා. ඒ මුදල් වලින් මේ කල්ඉකුත් වූ ද්‍රව්‍යය මිලදී ගත්විට ඒ ලාභය මේ පිරිස අතර බෙදාගන්නවා. පසුගිය වසර 10 තුළ ලංකාවේ දන්සැල් සංඛ්‍යාව වැඩිවීමේ රහස ගැන කවුරුවත් උනන්දු වුණේ නැහැ. මිනීමරා හෝ මුදල් උපයන්න කැපවූ රටක තක්කඩින්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය හැකිද? (නි)