ගාල්ල
රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකු ගිංතොට පාලමෙන් ගඟට පැන හෝ වැටී ඇත්දැයි සෙවීමට මෙහෙයුම් ආරම්භ කළ බව ගාල්ල පොලිසිය පවසයි. සඳුදා පාසල් ඇරී නිවසට නොපැමිණි ඔහුගේ පාසල් බෑගය හා සෙරෙප්පු දෙකක් පාලම අසළ තිබී සොයාගෙන ඇත.
දඹුල්ල
දඹුල්ල මූළික රෝහලේ ගිලන් රථ ගාලේ නතර කැර ඇති ගිලන්රථවලින් ඩීසල් ඇද පුද්ගලික බස්රථවලට අලෙවිකිරීමේ යෙදුණු ගිලන්රථ රියදුරකු සහ රිය සහායකයකු අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි. ඩීසල් ලබා ගැනීමට පැමිණි පුද්ගලික බසයක් ද පොලිස් භාරයට ගෙන ඇත.
පුත්තලම
බලපත්‍ර නොමැතිව පුපුරණ ද්‍රව්‍ය තොගයක් ළඟ තබාගෙන සිටි ගල් වැඩපළ හිමිකරුවකු කල්අඩිය දී අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය කියයි.
මොරටුව
දරුවාගේ අපලයට කිරි දානයක් දෙන්නට ආධාර එකතුකරන බව කියමින් නිවෙස්වලට ඇතුළු වී කොල්ලකෑමේ යෙදුණු සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 200ක් ද අත්අඩංගුවට ගෙන ඇත.
අඟුලාන
හෙරොයින් නඩුවකට සිරගතවී සිට පැමිණ කේරළ ගංජා අළෙවි කරමින් සිටි දෙදරු මවක් අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය පවසයි.
ඇල්පිටිය
ඇල්පිටිය රෝහලේ සුළු සේවකයන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් රෝහලේ කටයුතු අඩාල වී ඇතැයි රෝගීහු මැසිවිලි නගති. සුළු සේවකයන් දින දෙකක් වැඩවර්ජනය කරන බව දැනගන්නට ඇත.
2025 දෙසැම්බර් මස 04
792
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රට හතර වටේ