( සමන් පාලිත නානායක්කාර )
ඕස්ට්‍රේලියාවේ රැකියාවක් ලබාදෙන බවට පොරොන්දු වී රුපියල් දොළොස් ලක්ෂ හැටදහසක මුදලක් ලබාගෙන විශ්වාසය කඩ කර වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට කොස්ලන්ද ප්‍රදේශයේ සිවුරුදැරූ අයකු ඇතුළු තවත් කාන්තාවන් සැකපිට අත්අඩංගුවට ගත් බව කොස්ලන්ද පොලිසිය කියයි.
කොස්ලන්ද ඌවමාවෙලගම පදිංචි පුද්ගලයෙකුගෙන් ඔස්ට්‍රේලියාවේ රැකියාවක් සඳහා යොමු කරන බවට පොරොන්දු වී මෙම සිවුරුදුරූ අය ඇතුළු කාන්තාවන් දෙදෙනා වංචනිකව මුදල් ලබාගෙන තිබෙන බව කොස්ලන්ද පොලීසිය පැවසීය.
මෙසේ ලබාගත් මුදල් ආපසු ඉල්ලා සිටින විට මඟහරිමින් සිටි බැවින් මේ පිළිබඳව පොලිසියට කළ පැමිණිල්ලක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් එක් කාන්තාවක් රාජගිරිය ප්‍රදේශයේ වන අතර අනිත් කාන්තාව රඹුක්කන ප්‍රදේශයේ පදිංචි අය බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd