(සුජිත් හේවාජුලිගේ)
රට අගුලු දැමීම කෙටිකර ගැනීමට සියලු දෙනා එකාවන්ව කටයුතු කළ යුතු යැයි මුදල් ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
රටේ ජනතාවගේ ජීවිත මෙන්ම ජනතාවගේ ජීවනෝපායද රජයකට එකසේ වැදගත් බව හෙතෙම සඳහන් කළේය.
අඟුලු දැමීම කෙටිකර නොගතහොත් රටට ඉදිරියට ගමන් කිරීමට නොහැකිවනු ඇතැයි පැවසූ මුදල් රාජ්‍ය ඇමතිවරයා සාර්ව ආර්ථික සාධකවලට මෙන්ම පුද්ගලයන්ගේ ජන ජීවිතවලටද රට අගුළු දැමීමෙන් වන පාඩුව සුළුපටු නැතැයි සඳහන් කළේය.
රටේ ආදායම නැති වුවහොත් ණය ගෙවීම කළ නොහැකි වනු ඇතැයිද අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේය.
පවතින මේ කොරෝනා වසංගත තත්ත්වය උපයෝගී කරගෙන සමහරුන් දේශපාලන වාසි ගැනීමට උත්සාහ දැරීම හෙළා දකින බව මුදල් රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් කීවේය.
ඔහු මෙසේ පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට එදාවේල ටුවර්ස් දුවනවා නම් මහ බැංකුවේ අධිපතිව හිටි එවුන්ද වගකිව යුතුයි..
රට ඇරපුකාලෙ කරපු දේකුත් නෑ . ඒ නිසා රට වැහුවට අහේනියක් වෙන්නෙත් නෑ. රට වසන සෑම දිනකටම රෝීගීන් බෝවීම අඩුකරගත හැකිනම් ඒකත් ලොකු ජයග්රහනයක්.
නිදහසෙන් පස්සේ රිවස් එකටමනේ ගියේ .දැන් සතියක් දෙකක් වහලා තිබුනා කියලත් වෙනසක් වෙන්නේ නෑ .කොරෝනා වලින් බේරෙන්න නම් සංචාරක කර්මාන්තය අමතක කරන්න වෙනවා .වෙන විකල්ප නෑ .නැත්නම් හෝදලා මඩේ දැමීමක් වගෙයි රට අරිනවා වහනවා මේ පාරවත් රෝගීන් බිංදුවටම අඩු කරලා ගුවන් තොටුපල පාලනය කරගත්තොත් ඉතිරි ටිකවත් බේරගන්න පුළුවන් .නැත්නම් මහදනමුත්තාගේ එළුවාගේ බෙල්ල කපලා මුට්ටියත් බින්දා වගේ වැඩක් වෙන්නේ
නැව කොහොමත් දැන් මුහුඳුබත් වෙලා.
කඩයක් දවස් 2ක් වැහුවම අදායම් අඩුවෙනවා . ගෙදර ගෘහ මුලිකයා දවසක් වැඩට ගියේ නැත්නම් කාලා ඉවරයි .ඉතින් රට ගැන මොන කතාද .වහන්නන්ගේ සංගමයට NGO වලින් ගෙවනවා .අහිංසක මිනිස්සුන්ට කවුද දෙන්නේ
ඇයි මෙච්චරකල් රට වැහුවේ නැති නිසාද රට මෙච්චර දියුණු ? ඇරියම හරිද?
වහගෙන නෙමේ, මහත්තයෝ, ඇරගෙන හිටියත් ඉරණම එකම තමයි.
කවුද ණය ගන්න කිව්වේ? ගත්තු ණය හරියටම ඒ ව්‍යාපෘති වලටම යෙදෙව්වද? එහෙම කළානම් ඒවායෙහි ප්‍රථිඵල ලැබිය යුතුයි නේද? ගත්තු ඒවා සහ ආයෝජනය කලානම් ඒවායෙහි ප්රතිලාභ කෝ? රටෙ ජනතාවටනම් ලැබී ඇති බවක් නොපෙනේ.
අපිට මතකයි ඔබතුමාලගේ ඇමතිනියක් වෙච්ච සුදර්ශනී මහත්මිය ජනතාවගෙන් සෞඛ්‍ය සේවය සඳහා ආධාර ඉල්ලපුවාම අර පාර්ලිමේන්තුවේ දී පුටුවක් උස්සගෙන යකා නටපු අරක්කු මුදලාලි කිව්වා ඒ ඇමතිතුමිය ආතතිය හින්දා කියපු කතාවක්.ආණ්ඩුවට ඇතිවෙන්න සල්ලි තියෙනවා කිව්ව හැටි.ඉතින් අපි නම් දැනගෙන හිටියා කොහොමත් ආර්ථිකේ හොම්බෙන් යන්නේ කියලා.කරුණාකරලා ඔය වගේ පම්පෝරි ගහන ඇමතිවරුන්ට කියන්න කට පියාගෙන ඉන්න කියලා වාචාලකම් නොකියා.
රටකට අදායම ඕන ණය ගෙවන්නද.?
වසන්ගතෙක උවත් රට වහගෙන ඉන්න ශක්තියක් නැතිවෙලා ඇත.
දැන්වත් ඔය ටයි කෝට් ගලවලා කමිසේ අත් නමාගෙන වැඩට බහින්න.
අනේ ඔබ තුමාටත් තව වැඩිදුර යන්න බෑ වගේ නේද?
මේ වගේ ආර්ථික ඔස්තාර්ලා නිසා තමයි රටට මෙහෙම වුනේ.
ඔය ඉන්න ඇමැතිලා නිකන් මුදල් කාබාසිනියා කරන අයගෙන් අඩු කරලා දාන්නකෝ.. ඔය 225ක් ඕනෑ නැහැනේ මේ රටේ. වැඩකරන නිලධාරීන් හිටියා නම් ඇතිනේ හරියට... මොකද ඇමැති හිටියා කියලා හරි දෙයක් කරන්නේ නැහැනේ.. නිකන් ඔහේ කකා බිබී මාධ්‍ය සංදර්ශන දදා ඉන්න එකනේ කරන්නේ.
ඔයා දන්නා දෙයක් නැහැ මෙලෝ වැඩක් කරන්න බැරි නිසා මුලින් දීපු අමාත්‍යංශය කොටස් ඔක්කොම ගලවලා වෙන අයට දීලා තියෙන්නේ.
ග්‍රීක බැඳුම්කර වගේම ඒවාට සල්ලි දමල කොමීස් ගහන්න. ඒත් වැඩිදුර නම් ඕව කරන්න බැරි වෙයි. මිනිස්සු හැමදාම ඉවසන්නේ නෑ.
පිනට පාර්ලිමේන්තුවේ පස්සස් දොරෙන් රිංග ගෙන විකාර දොඩවන අපතයෙක් මූ
දැනට පවතින රාජ්‍ය පාලන ක්‍රමය හැටියට නම් හොඳම ආර්ථික පිලිවෙත තමයි සීනි ගැසට් ක්‍රමය. ඵ් කියන්නේ හොඳ දේශපාලන සල්ලිකාරයෙක් අල්ලලාගෙන ගැසට් නිවේදනය මඟින් රටට ඕන භාණ්ඩ ටික එක වර ආනයනය කිරීම. එතකොට බඩුත් තියෙනවා කට්ටියත් ගොඩ.
අපේ පවට බිහිවෙච්ච රන් කඳක්. ඔව්, ඔබතුමා කියනවා නම් හරි ඇති. ඒත් මොකද අර අමාත්‍යාංශයේ කෑලි ගලවනවා කියලා ආඩපාලි කියන්නේ..?
ඔයා මහා බැංකු අධිපති වෙලාවේ ගත්තු ණය වලට මොනවාද කලේ? මොනවාද ප්රතිලාභ ? බයිලා කියා කියා අපේ මුදල් හා වරප්‍රසාද භුක්ති විඳිනවා. ඔයා ඔය තනතුරින් අයින් වී ඒවා රටට දෙන්න. ඔය වගේ අපත දේශපාලකයෝ නඩත්තු කරන්න රට විශාල මුදලක් වියදම කරනවා. ජනපති තුමා හල්පනා කරන්න ඕන මොවුන්ගෙන් රටට ලැබෙන දේ ගැනයි. එහෙම නැතුව ජනපති තුමාට කඩේ යාම ගැන නෙවෙයි.
මේ අයට පාර්ලිමේන්තු යන්න ජනතාවට ඡන්දෙ දුන්නේ නැහැ. මේ අය සාටකේ එල්ලිලා පාර්ලිමේන්තුවේ පස්සෙ දොරෙන් එකට රිංගලා බයිලා ගහනවා. ජනතාව මේ වගේ අයට මහ පාරෙදි වටවෙලා අල්ලගෙන ගහලා නිරුවතින් පාරදිගේ දක්කාගෙන යන දිනය වැඩි ඈතක නොවේ.